චාමික කරුණාරත්නට ඉදිරි වසරකට ක්‍රිකට් තහනම් ද ?

Update: 2022-11-29 17:34 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ ක්‍රිකට් තරග තහනමක් පැනවීම පිළිබඳවත් එයට හේතුවූ කරුණු බවටත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් රැගත් සටහන් සංසරණය වුණා. ඒ හා බැඳුණු සිදුවීම් මාලාව සම්බන්ධයෙන් අප කරන කරුණු පැහැදිලි කිරීමක් මේ.

චාමිකට වසරක තරඟ තහනමක් ලබා දී ඇති බව හඟවමින් පළවූ සටහන්:

චාමිකට ඇත්තටම ඉදිරි වසරක් සඳහා ක්‍රිකට් තහනම් ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරකට අත්හිටවූ තහනමක් පනවා තිබුණේ වසරක කාලයක් සඳහායි.

ඒ, ඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ක්‍රීඩක ගිවිසුමට අදාළ වගන්ති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව විසින් සිදු කළ විනය පරීක්ෂණයේ දී, තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව තිබූ සියලුම චෝදනාවලට, ඔහු විසින් වරද පිළිගැනීම හේතුවෙන් ඒ පිළිබඳව සිය නිර්දේශ ඇතුළත් පරීක්ෂණ වාර්තාව එම කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදීමත් සමඟයි.

චාමිකට එරෙහිව සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සඳහා වසරක තහනමක් පැනවීමටත්, එම තහනම වසරක කාලයකට අත්හිටුවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.

එම අත්හිටුවූ තරග තහනමට අමතරව ඔහුට ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් නියම කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබේ. එය වර්තමාන රුපියල් සමඟ සංසන්දනය කිරීමේදී දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ දහඅටහමාරකට ආසන්න මුදලක් වනු ඇති බවට ද, ඔවුන් නිවේදනය කර තිබුණේ මේ අයුරින්. Archived Link

අත්හිටවූ තරඟ තහනමක් යනු කුමක් ද? (suspended sentence)

චාමික කරුණාරත්න පිළිබඳ සිදුවීම් සහ අත්හිටවූ තරඟ තහනම පිළිබඳව හිටපු ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරුෆ් අදහස් දක්වා තිබූ අයුරු මෙතනින්. එනම් තව අවුරුද්දක කාලයක් ඇතුළත නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කරමින් යම් ආකාරයක වරදක් සිදු කළහොත්, චාමික ට වසරක තරඟ තනහමකට ලක්වෙනවා.

මීට පෙර ද මේ ආකාරය අත්හිටවූ තරඟ තහනම් ක්‍රිකට් ක්‍රීඩකයින් ට ලබා දී තිබෙන අතර ඒ අතරතුර ඔවුන් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සුවිශේෂී දක්ෂතා දැක්වූ අවස්ථාවක් වන්නේ, 2021 වසරේ දී වසර දෙකක අත්හිටවූ තරඟ තනමකට ලක්වූ භානුක රාජපක්ෂ, පසුගිය ආසියානු කුසලාන T20 තරඟාවලියේ දී දැක්වූ දක්ෂතාවයයි.

ඒ අනුව ඉදිරි තරඟාවලි සඳහා චාමිකව තෝරා ගතහොත් ඔහුට ක්‍රීඩා කිරීමේ තහනමක් පවතින්නේ නැති බව පැහැදිලි වේ. 2018 වසරේ දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සේට ද අත්හිටවූ තරඟ තහනමක් පනවා තිබූ අතර ඊට පෙර අවස්ථා ගණනාවක දී ද, මේ ආකාරයේ තහනම් පනවා තිබෙනවා.

චාමික ඇෆ්ගන් තරඟාවලියෙන් ඉවත් කිරීම පිලිබඳ පළවූ සටහන්:

චාමික කරුණාරත්න විසින් ලෝක කුසලානයේදී සිය කාමරයේ බුදු පිළිමයක් තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් බහුතරයක් දැඩි ලෙස කෝපයට පත්ව සිටිනා බව වාර්තා වේ.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා ඇතුලු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ක්‍රීඩා සමාජ නිලධාරීන් තේරීම් කමිටු සාමාජිකයන්, පුහුණුකරුවන් ඇතුලු ක්‍රිකට් ක්ෂේත්‍රයේ 99%ක් ජෙරම් ප්‍රනාන්දුගේ බැතිමතුන් වන අතර ඔවුන් විසින් ක්‍රීඩකයන්ට සිය කාමරයේ බුදු පිළිම තබා ගැනීම මින්පෙර තහනම් කර තිබුනි. චාමික කරුණාරත්න ඉවත් කිරීමට කටයුතු කිරීමට මෙය ප්‍රධාන හේතුවක් බවත් ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. වර්තමානයේ ජාතික කණ්ඩායම තේරීමටත්, ක්‍රීඩකයන්ට නීති පැනවීමටත් සිය අතකොලු හරහා ජෙරම් ප්‍රනාන්දු සෘජුව මැදිහත් වේ.”

Facebook | Archived Link

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

‍මේ සම්බන්ධයෙන් වීඩියෝ කිහිපයක් ද පළ වී තිබුණේ මේ අයුරින්.

Full View

චාමික ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් කිරීම පිළිබඳ විවිධ පර්ශවන්ගේ අදහස් දැක්වීම්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර ඇති නමුත් එයට හේතුව වන්නේ විනය පිළිබඳ ගැටලු නොව, දස්කම් නොදැක්වීම බව පසුගියදා ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳ ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග

ක්‍රීඩකයකුගේ විනය සම්බන්ධව ගැටලුවක් තිබේ නම් ඒ සඳහා පියවර ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවත්, එය සිදුවිය යුත්තේ නිවැරදි ක්‍රමවේදය යටතේ බවත්, අර්ජුන අවධාරණය කළා. ඔහු ප්‍රකාශ කරන්නේ එක්දින තරගවල දස්කම් දක්වා ඇති බැවින් චාමික කණ්ඩායමට තෝරා ගැනීමට පියවර ගත යුතුව තිබූ බවය.

Full View

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ, චාමික කරුණාරත්න විනය කඩ කිරීම හා ඔහුගේ කුසලතා අතර නොමැති වීම හේතුවෙන් දැනට ක්‍රීඩා කිරීම අත්හිටවූ බවට තේරීම් කමිටුව විසින් සිදු කළ මෙම තීරණයේ පැහැදිලි ගැටලුවක් තමන්ට දැක ගන්නට ලැබෙන බවත් ඒ පිළිබඳ ප්‍රශ්න කළ බවත්ය.

තේරීම් කමිටුවේ සභාපතිවරයාට යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිඵල නොලැබෙන බැවින් එම තොරතුරු නොමැතිව ඔහුට තෝරා ගැනීම සිදු කිරීම හේතුවෙන් මෙම ගැටලුව පැන නැගී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

යෝග්‍යතා පරීක්ෂණය සිදු කිරීමේ ක්‍රමවේදය

මාස 3කට වතාවක් පමණක් යෝග්‍යතා පරීක්ෂණය සිදු කරනු ලබයි. ක්‍රීඩකයෙකු යෝග්‍යතාවය සපුරලා නැත්නම්, පළමු වතාවේ 20%ක දඩයකට යටත් වන බවත්, දෙවන වතාවේදීත් දඩය 20% ක් වන අතර එලෙස 4 වතාවත් 80%ක් දක්වා යෝග්‍යතාවය පරීක්ෂණය සිදු කළ හැකි බව ත්, ඒ අනුව යෝග්‍යතා නැතුවත් ක්‍රීඩකයෙකුට 4 වතාවක් ඕනෑම ක්‍රීඩකයෙකුට තරග කරන්න පුළුවන් තත්ත්වයක් ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

තේරීම් කමිටුව යෝග්‍යතා සම්බන්ධයෙන් කිසිම වගවීමක් නොමැති බවත්, ජාතික තේරීම් කමිටුව සාමාන්‍යයෙන් සෑම කණ්ඩායමක්ම නිරීක්ෂණයට ලක් කොට අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ලැයිස්තුව එවන බවත් ජාතික තේරීම් කමිටුවත් ක්‍රිකට් තේරීම් කමිටුව සම්බන්ධයෙන් වගකීමක් දරන්නේ නැති බැවින් ද, තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ට උපදෙස් දුන්නේ, මේ තරගාවලිය සඳහා අමාත්‍යාංශය මට්ටමින් ඒ අවශ්‍ය අනුමැතීන් ලබා දෙන ලෙසත් තමන් මෙම සංචිතය සඳහා අනුමැතිය ලබා නොදුන් හේතුව පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවා. එම වීඩියෝව මෙතනින්.

චාමික පසුගිය ලෝක කුසලාන තරගාවලියේ තුන් ඉරියව්වෙන්ම සුවිශේෂී දක්ෂතා අතරට පැමිණ නොතිබුණු අතර එක්දින පිටියේ අවසන් වරට ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු එක්දින තරගාවලියේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා අතර සිටීමට චාමික කරුණාරත්නට හැකි විය. චාමික ක්‍රීඩා කල සිය අවසන් එක්දින තරගයේද ලකුණු 75ක් රැස් කල අතර ඕස්ට්‍රේලියානු එක්දින තරගාවලිය පුරා අත්‍යාවශ්‍ය කඩුලු ශ්‍රී ලංකාව හට ලබා දීමට සමත් වී තිබුණා.

එසේම අබුඩාබි T10 තරඟාවලිය නියෝජනය කරමින් මේ වන විටත් චාමික කරුණාරත්න ක්‍රීඩා කරනු ලබයි. ඔහු පළමු තරඟයේ ක්‍රීඩා කරමින් දස්කම් දැක්වූ අවස්ථාවක් මෙතනින්.

එයට හේතුව, ඉහත දැක්වූ පරිදි, චාමිකට පනවා තිබෙන්නේ අත්හිටවූ තහනමක් බැවින්, එම තහනම ක්‍රියාත්මක වන්නේ, ඔහු නැවතත් ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතිය වසරක කාලපරිඡේදයක් තුළ කඩ කිරීමක් සිදුවුවහොත් පමණක් බැවින්. එසේම තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සහ වේග පන්දු යවන මතීෂ පතිරණ ද මෙම තරඟාවලිය සඳහා එක්ව තිබෙනවා.

‘බෝන් අගේන්‘ ඇදහීම් සහ චාමික කරුණාරත්න සම්බන්ධ කතිකාවත ඇතුළු කාරණා පිලිබඳ විමර්ෂණ

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ රැඳී සිටීමට නම් බෝන් අගේන් ඇදහීම් අනුගමනය කිරීමට බැඳෙන ලෙස බලපෑම් සිදුවන බවත්, එසේ නොවන්නේ නම් ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට යම්කිසි බලවේග ක්‍රියාත්මක වන බවටත් ආන්දෝලයට තුඩු දෙන පුවත් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද, පැතිරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී මෙම ආගමික සංවිධානයට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක්වූ චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගන්නේ, උක්ත ආගමික මතවාදයට ඔහු එකඟ නොවීම නිසා බවටත් රාවයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ප්‍රකාශ කර තිබිණි.

පසුගිය එක්දින ක්‍රිකට් තරඟාවලි කිහිපයේ දක්ෂතා දක්වා ඇති චාමික ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරිම් කමිටුවෙන් ලිඛිතව විමසීමක් සිදු කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සමග කතා කිරීමේ දී ඔවුන්ගෙන් යම් යම් තොරතුරු ලැබී ඇති බවත්, මෙය ක්‍රීඩාව තුළ පසුගිය කාලයේ සිට තිබූ බවට ඇතැම් ආරංචි පැතිර ඇති බවත්, පැහැදිලිව ආගම අනුව කිසිදු ක්‍රීඩකයෙකු කොන් වන්නට ඉඩ නොතියන බවත්, ඒ සඳහා තදින් මැදිහත් වන බවයි.

ක්‍රීඩකයන් රැක ගැනීම සඳහා කමිටුවක් පත් කර ඇති බවත්, තේරීම් කමිටුව ජාතික තේරීම් කමිටුවට වග කියන තේරීම් කමිටුවක් වෙනුවෙන් නාම යෝජනා එවීමට පණතින් ලැබුණු බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තමන් ලියා ඇති බවත් ඔස්ට්‍රේලියාව සංචාරය සම්බන්ධ එහිදි වූ සිදුවීම් සහ චාමික කරුණාරත්න බුදු හාමුදුරුවන්ට පහනක් පත්තු කිරීම යනාදී සිද්ධි පිළිබඳ සම්පූර්ණ විමර්ශනය කරන්න එම කමිටුවට බලය පවරා ඇති බවත් මෙරටේ ක්‍රීඩාව වෙනුවෙන් එදා මෙදා නොගත් විධානයන් ගන්න බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා. අමාත්‍යවරයා මේ පිළිබඳ දැක්වූ අදහස් මෙතනින්.

චාමිකගේ විනය පරීක්ෂණයේ විනය කමිටුව ඔහුගෙන් විමසා තිබු කරුණු පිලිබඳ පුවත් වාර්තාවක්

ඔස්ට්‍රේලියා සංචාරයේදී චාමික ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 9 දෙනකු එදින රාත්‍රී ආහාරය සඳහා ගොස් ඇත්තේ කැසිනෝ ශාලාවක් පිහිටි හෝටලයක අවන්හලකට බවත්, එහි කැසිනෝ ශාලාව පිහිටා ඇත්තේ එම හෝටලයේ ඉහළ මාලයේ බවත් ක්‍රිකට් කණ්ඩායමේ බවත්, එහිදී කිසිදු ගැටුමක් සිදු වූ බවට වාර්තා නොවී ඇති බවත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය මඟින් පවා එවැනි සිදු වීමක් පිළිබඳ වාර්තා නොකිරීමෙන් එය තහවුරු වන බවට බවට මෙරට ප්‍රධාන ජාතික පුවත් පතක් පෙන්වා දෙනවා.

යම්කිසි ශ්‍රී ලාංකිකයන් පිරිසක් චාමික ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඡායාරූප ගැනීමක් හෝ වීඩියෝගත කිරීමක් සම්බන්ධව බහින් බස් වීමක් සිදුවී ඇතැයිද, එය ඒ මොහොතේදීම සමථයකට පත් වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. ඒ අනුව එම ස්ථානයේදී බහින්බස් වීමක් සිදු වූ බව විනය කමිටුව හමුවේ චාමික පිළිගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වන බවත්, සිළුමිණ පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

දෙවන කරුණ චාමික කරුණාරත්න සිය හෝටල් කාමරය තුළ දී බුදු පහනක් දැල්වීමය. විනය කමිටුව හමුවේ චාමික එය පිළිගෙන ඇති අතර, එසේ බුදු පහන දැල්වීම හේතුවෙන් කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුට ඩොලර් දහසක දඩයක් ද පැනවූ බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

බොහෝ විදෙස් හෝටලවල ආරක්ෂක විධිවිධානවලට අනුව කාමර තුළ ගිනි දැල්වීම එම හෝටලයේ නීතිරීති උල්ලංඝනය කිරීමක් බැවින් එවැනි පැමිණිල්ලක් මත කණ්ඩායමේ කළමනාකාරීත්වය කටයුතු කිරීම වෙනම කරුණක් නමුත් එහෙත් විනය කමිටුව හමුවේ ඊට පිළිතුරු බැඳීමට තරම් එය බරපතළ වරදක් වන්නේ කෙසේදැයි යන්න විමතියට කරුණක් බවට ත් ඔවුන් පෙන්වා දෙනවා. එම සම්පූර්ණ වාර්තාව මෙතනින්. Archived Link

කෙසේවෙතත් මේ පිළිිබඳ ඉදිරියේ දී අනාවරණය වන කරුණු සමඟ මෙම වාර්තාව යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:චාමික කරුණාරත්නට ඉදිරි වසරකට ක්‍රීඩා කිරීම තහනම් ද ?

Fact Check By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News