අරලගංවිල ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන දැරියක් සම්බන්ධ වීඩියෝව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් !

Update: 2023-01-18 11:58 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලංකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින මේ අවස්ථාවේ දුප්පත්කම, ආහාර සුරක්ෂිතතාව පිලිබඳ ගැටළු යනාදිය සම්බන්ධ බොහෝ සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ, පොලොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ දැරියක විසින් හෙළිකරන කතාවක් ලෙස සමාජ ජාලාවල හුවමාරුවන වීඩියෝව සම්බන්ධව අප විසින් සිදුකරනු ලබන කරුණු විමසා බැලීමක්.

සමාජ  ජාලා සටහන් 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල කජුවත්ත නැමැති දුෂ්කර ගම්මානයේ වාසය කරන උසස් පෙළ හදාරන දැරියකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා. මාස එකහමාරකින් පමණ ඇය පාසලට නොගිය බවයි ඇය එහිදී පවසා සිටින්නේ. කෑමට බීමට පවා යමක් නොමැතිව අසරණ ව සිටින තම පවුලට උදව් කරන මෙන් ඇය එහිදී ඉල්ලා සිටිනවා. ඇයගේ මව රෝගාතුරුව සිටින අතර ඇයට තවත් බාල සහෝදරයින් දෙදෙනෙක් ද සිටින බවත් ඔවුන්ව රැකබලා ගැනීමටද කිසිදු අයෙක් ඉදිරිපත් නොවන බවත් ඇය තවදුරටත් පවසා සිටිනවා.

පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි .

Full View

Facebook

මෙම වීඩියෝව සඳහා ප්‍රතිචාර රැසක් ලැබුණු අතර මෙවැනි අසරණ තත්වයට රට පත්කිරීම වෙනුවෙන් පාලකයන්ට දෝෂාරෝපණය කරමින් පළවූ ප්‍රතිචාර ඒ අතර කැපී පෙනුණා. එසේම මෙම පවුල පිලිබඳ නිසි විස්තර ලබා දෙමින් ඔවුන්ට උපකාර කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙස සහ වැඩිපුර කරුණු විමසමින් ප්‍රතිචාර රැසක් පළවී තිබු අතර මේ පිලිබඳ තතු අපෙන් ද විමසා තිබු හෙයින් මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

මෙම වීඩියෝවට අදාළ පාර්ශව කිහිපයක් සම්බන්ධ කරගැනීමට අපට හැකිවුණා.

දැරියගේ මව දැක්වූ අදහස් 

අරලගංවිල කජුවත්ත ප්‍රදේශයේ ජිවත්වන මෙම දැරියගේ මවගෙන් අප මේ පිලිබදව විමසා බැලුවා. ඇය පැවසුවේ 2019 වසරේදී සිය ස්වාමියා මිය යාමෙන් අනතුරුව තම පවුල අසරණ තත්වයකට පත්ව බොහෝ පිඩාවන්ට පත්වූ බවයි.

පවුලේ සිටින්නේ සිය දරු තිදෙනා සහ තමන් බවත්, දරු තිදෙනාව පාසල් යැවීම සදහා මුදල් උපයාගැනීම සදහා තමන් කුලී රැකියාවල නිරත වුවත් තමන්ද මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු නොවන බවයි ඇය පැවසුවේ. කෙසේ වෙතත් දරු තිදෙනාට පාසල් යැවීම සඳහා උපකාර රජය මගින් මෙන්ම වෙනත් පුද්ගලික දානපතියන් සහ පාසල මගින් ලැබෙන බවත් ඇය පවසා සිටියා .

මෙම වීඩියෝව සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ඇය පවසා සිටියේ මීට මාස කිහිපයකට පෙර තමන් දැඩි ආර්ථික අපහසුකම් මැද දිවිගෙවන අවස්ථාවේදී එම ප්‍රදේශයේම කිසියම් කාන්තාවක් මගින් කැනඩාවේ රාජ්‍ය නොවන සංවිධානයක් මගින් ඔවුන්ට උපකාර කරන බව පවසා මෙම වීඩියෝව ලබාගත් බවයි.

අදාළ වීඩියෝව ලබාගන්නා අවස්ථාවේදී මෙය අදාළ සංවිධානයට ලබාදීම හැර කිසිසේත් ලංකාව තුළ හෝ විදේශයක ප්‍රසිද්ධ නොකරන ලෙස තමන් විසින් අදාළ කාන්තාවගෙන් ඉල්ලා සිටි බවත් ඇය පවසා සිටියා.

එහිදී අදාළ සංවිධානය මගින් දැරිය වෙනුවෙන් මාසිකව යම් මුදලක් ලබාදෙන බවට එකඟ වූ බවයි ඇය පැවසුවේ. ඒ අනුව එක මාසයකදී තමන්ට යම් මුදලක් ලැබුණු බවත් ඇය පැවසුවා. ඉන් අනතුරුව මෙම සම්බන්ධිකරණ කටයුත්ත සිදුකල කාන්තාව සමඟ යම් අමනාපයක් සිදුවූ අතර ඉන් අනතුරුව රහසිගතව තබා ගන්නා බවට පොරොන්දුවූ මෙම වීඩියෝව, අදාළ කාන්තාව විසින් අන්තර්ජාලයට මුදාහැර තිබුණු බවයි මෙම දැරියගේ මව අප සමග පැවසුවේ.

එසේම මෙම දැරියගේ මව තවදුරටත් පැවසුවේ, 1995 වසරේ රජයෙන්, තමන් දැනට වාසය කරන අක්කර කිහිපයක් වන ගොඩ ඉඩම තමන්ට ලැබුණු බවත්, එහි යම් වගා කටයුතු සිදු කරන බවයි. නමුත් තමන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් තත්ත්වයේ නොමැති නිසා එහි වැඩ කටයුතු කිරීම අපහසු බවත් ඇය පැවසුවා.

තම පවුලේ දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දරුවා වන මෙම දියණිය මේ දිනවල කඩින් කඩ පාසල් යන්නේ මීට මාස කිහිපයකට පෙර සර්ප දෂ්ඨයකට ලක්වීම සහ ඉන් අනතුරුව මතුවූ විවිධ රෝගාබාධ නිසා බවත් ඇය පැවසුවා. කෙසේවෙතත් අනෙත් දරුවන් දෙදෙනා පාසල් යන බවයි ඇය පැවසුවේ.

අප කතාකරන අවස්ථාවේත් අදාළ දැරිය පාසල් ගොස් නොතිබුණු අතර ඇය දින කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලබා පැමිණි බවත් පසුවදා නැවත දැරියව පෙන්වීම සදහා නැවත පොළොන්නරුව රෝහලට ගෙන යා යුතු බවත් මෙම රෝගී තත්ත්වයන් නිසා මාස කිහිපයක සිට ඇයට දිනපතා පාසල් යාමේ අවස්ථාව අහිමිව ඇති බවයි ඇය පැවසුවේ.

වෙහෙරගල ජාතික පාසල  

වෙහෙරගල ජාතික පාසල වෙනුවෙන් අප සමග අදහස් දැක්වූ ප්‍රකාශකයෙක් පැවසුවේ , මෙම පවුල බොහෝ අසරණ තත්ත්වයක සිටින නිසා ඔවුන්ට උදවු කල හැකි අය සිටිනම් ඔවුන්ට උදවු උපකාර කිරීම වඩාත් යහපත් බවයි.

එමෙන්ම පාසල මගින් මෙම දරුවන් තිදෙනාටම පාසල් උපකරණ , වාර ප්‍රවේශපත්‍ර ආදී දේ නොමිලේ පරිත්‍යාග ලෙස ලබාදෙමින් කල හැකි උපකාර සිදුකරන බවත් ඔහු පැවසුවා. එමෙන්ම මෙම වීඩියෝව සම්බන්ධ සිදුවීම තමන්ටද අසන්නට ලැබුණු බවත් එය ඉතාම කණගාටුදායක බවයි ඔහු පැවසුවේ. මෙම දැරිය පාසල් නොපැමිණෙන්නේ අසනීප තත්ත්වයක් නිසා බව දැරියගේ මව විසින් පවසන බවත් ඔහු අප සමග පැවසුවා.

දිඹුලාගල  ප්‍රදේශීය ලේකම් 

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලොන්නරුව දිසාපතිවරයාට ලිපියක් යවන, මෙම දැරිය සිටින ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පරිපාලන නිලධාරියා වන දිඹුලාගල ප්‍රදේශීය ලේකම්තුමා පවසන්නේ රජය මගින් ලබාදෙන ආධාර ආදී ද්‍රව්‍ය මෙන්ම, පුද්ගලික දානපතින් මගින් ලබාදෙන බඩු මලු ආදියද මෙම පවුල වෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය ඔස්සේ ලබාදෙන බවයි.

එසේම මෙම දැරියගේ මුහුණ පෙනෙන ලෙස වීඩියෝව පළකර තිබීම ඇතුළු කරුණු පිළිබඳව ද කිහිප දෙනෙක්ම මෙම වීඩියෝව මුලින්ම පලකළ පුද්ගලයාට දෝෂාරෝපණ කර තිබු අතර ඒ පිළිබඳව මීට දින කිහිපකට පෙර සටහනක් තබමින්, මෙවැනි දුෂ්කරතා ඇති අය පිළිබඳව විස්තර නිතර පලකරන පුද්ගලයෙකු වන සුරේෂ් වසන්ත ප්‍රනන්දු පවසා තිබුනේ, ඔහුගේ ව්‍යායාමය හරහා එම දැරියට ආධාර ලැබී තිබු බවයි.

සුරේෂ් වසන්ත ප්‍රනාන්දු 

මෙම වීඩියෝව ෆේස්බුක් හි පලකල සුරේෂ් වසන්ත ප්‍රනාන්දු අප සමග අදහස් දක්වමින් පැවසුවේ Helping Sri Lanka Children යන නමින් තමන් පුණ්‍යායතනයක් ලංකාවේ පවත්වාගෙන යන බවත් ,දෙස් විදෙස් සංවිධාන සහ දානපතියන්ගෙන් උදවු ලබාගෙන දුප්පත් දරුවන්ට උදවු ලබාදීම සිදුකරන බවයි.

එම සංවිධානයයේ දිස්ත්‍රික්කයට නියෝජිතයන් එක බැගින් ලංකාවේ ,ඒ ඒ දිස්ත්‍රික්ක සදහා නියෝජිතයන් විසි ගණනක් සිටින බවත් ඔහු පැවසුවා .ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කය බාරව කටයුතු කරන සිය සංවිධානයේ නියෝජිත චන්දික හරහා මෙම දැරිය සහ ඔවුන්ගේ පවුල හමුවූ බවයි ඔහු පැවසුවේ.

දැරියගේ මව පැවසු පරිදි, කැනඩාවේ ජිවත්වන දානපතිනියක් ආධාරයෙන් ඔවුන්ට උදවු කිරීම සදහා මෙම වීඩියෝව ලබාගත් බවත් සුරේෂ් පැවසුවා. කෙසේ වෙතත් සිය දිස්ත්‍රික් නියෝජිතයා අදාළ වීඩියෝව ලබාගෙන මෙම පවුල සමග සම්බන්ධීකරණය කිරීම සදහා උදවුවට එම ගම්මානයේම ජීවත්වෙන වෙනත් කාන්තාවක් සම්බන්ධ කර ගත් බව සහ යම් හේතුන් නිසා එම කාන්තාව සහ කවිශාගේ පවුලේ අය අතර හටගත් මතබේදයක් නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවුනු බව සහ ඒ හේතුවෙන් මාසිකව ලබාදීමට පොරොන්දුවූ කැනේඩියානු ආධාර මුදල් එක මසකට පමණක් සීමාවුණු බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් මෙම පවුලට ආධාර අවශ්‍ය නිසා අදාළ වීඩියෝව සමාජ ජාලාවලට මුදාහැරුණු බව මෙන්ම මේ වන විට ඔවුන්ට යම් ආධාර ලැබෙමින් පවතින බවක් ඔහු පැවසුවා.

මෙම වීඩියෝව නිසා  ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් යම් පිරිසක් කලබලයට පත්ව ඇත්තේ තමන් රාජකාරි කරන ප්‍රදේශය තුළ මෙවන් දිළිඳු පවුල් සිටින බව පිළිගැනීමට ඔවුන් දක්වන අකමැත්ත නිසා බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා තමන්ට නීතිය හමුවේ පවා කරුණු දැක්වීමට සිදුවුණු බව සහ මේ වන විට තත්ත්වය සමනයවී ඇති බවත් සුරේෂ් තවදුරටත් පැවසුවා.

චන්දික -Helping Sri Lanka Children පොලොන්නරුව දිස්ත්‍රික් නියෝජිත 

මෙම වීඩියෝව ජනගත කිරීම සඳහා යොදාගෙන තිබෙන ජංගම දුරකථන අංකය සඳහන් Helping Sri Lanka Children හි දිස්ත්‍රික් නියෝජිත චන්දික අප සමග කතාබස් කරමින් සුරේෂ් ප්‍රකාශ කල ඉහත කරුණුම තහවුරු කල අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වන විට අදාළ පවුල සදහා අවශ්‍ය ආධාර යම් තාක් දුරකට ලැබෙමින් පවතින බවයි.

දැරියට ආධාර කල හැකි ආකාර 

ඉහත වීඩියෝව සමග සටහන් කර ඇති චන්දික හරහාද විවිධ පුද්ගලයන් පැමිණ තමන්ට ආධාර උපකාර කරන බව දැරියගේ මව පැවසුවා. එමෙන්ම වීඩියෝව සහිත පොස්ටුවේ දක්වා ඇති බැංකු ගිණුම් අංකය දැරියගේ බැංකු ගිණුම් අංකය බවද මව විසින් තහවුරු කළා.

ඒ අනුව කවීෂා දැරියට උපකාර කල හැකි අයට පහත බැංකු ගිණුමට මුදල් බර කිරීම මගින් ඇයට උපකාර කල හැකියි.

නම : R.V. කවීෂා පාරමී

ගිණුම් අංකය : 330200170107802 මහජන බැංකුව ,දෙහිඅත්තකණ්ඩිය ශාඛාව 

එමෙන්ම ඍජුවම මෙම දැරියගේ මව, පහත දුරකථන අංකය හරහා සම්බන්ධ කරගැනීමට ඔබට පුළුවන් ..0786548702 (වසන්ති රාමනායක) මවගේ අනුමැතිය මත මෙම දුරකථන අංකය පලකරන ලදී.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අරලගංවිල ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන දැරියක් සම්බන්ධ වීඩියෝව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් !

By: Fact Crescendo Team

Result: Explainer

Tags:    

Similar News