සජබ පුවතකට මාලිමාවේ රැලියක ඡායාරූපයක් යොදා ගැනීමේ ඇත්ත කතාව!

Update: 2023-02-24 13:43 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමගි ජන බලවේගයේ රැළියක ඡායාරූපයක් ලෙස ජාතික ජන බලවේගයේ ජන හමුවක ඡායාරූපයක් පුවත් පතක පළ වී තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසක් ප්‍රශ්න කර තිබුණා. මේ හේතුවෙන් මේ පිළිබඳ විමසා බැලීමක් සිදු කිරීමට අප පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් :

“ඇයි මෙ සජියා ඇඹිලිපිටියෙ NPP රැලිය පත්තරෙ දාගෙන” යනුවෙන් සඳහක් කරමින් ඇඹිලිපිටිය NPP රැලියේ ඡායාරූපයක් පුවත් පතක් මඟින් සමගි ජන බලවේගයේ ජනහමුවකට යොදා තිබු බවත්, එය විපක්ෂයේ උවමනාවට සිදුවූ අබ්ව්ත් අඟවමින් මෙම සටහන් පළවී තිබුණා.

Facebook | Archived Link

එම ඡායාරූප සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

එමෙන්ම මෙම සටහන් වලට දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ, මෙම ඡායාරූපය පළ කිරීම, සමගි ජන බලවේගය සහ එහි නායකත්වය මගින් සිතාමතාම සිදු කර ඇති බවටයි.

මෙහි නිරවද්‍යතාව විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ පිළිබඳව සොයා බැලීමට අප පියවර ගත්තා.

Explainer (කරුණු පැහැදිලි කිරීම):

පුවත්පතක ඉහත ඡායාරූපයේ සඳහන් ලෙස සමගි ජන බලවේගයේ ජන හමුවක් සම්බන්ධයෙන් “ජවිපෙ බලයට ආවොත් ටවුමෙ කඩ ටිකත් ආණ්ඩුවට විපක්ෂ නායක සජිත් බණ්ඩාරගමදී කියයි” යන ශීර්ෂ පාඨයෙන් පුවතක් පළ වී තිබුණා ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කළා.

ඒ අනුව අපට දැක ගන්නට ලැබුණේ, පසුගිය පෙබරවාරි මස 22 වන දා ‘ලංකාදීප’ පුවත් පතේ 10 වන පිටුවේ මේ පිලිබඳ පුවත පළ වී ඇති බවයි.

එමෙන්ම ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ලෙස එම පුවත පළ වී තිබුණේ, ජනතාව රැස්ව සිටින අවස්ථාවක ඡායාරූපයක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අජිත් පී. පෙරේරා සහ බණ්ඩාරගම ආසන සංවිධායක නයනක රන්වැල්ල යන අයගේ ද, ඡායාරූපයක් ද, සමගිනි.

අප ජන එකතුව පෙන්වා තිබු ඡායාරුපය ඇත්ත වශයෙන්ම ජාතික ජන බලවේගයේ රැස්වීමක දී ලබාගත් සේයාරුවක් ද යන්න ද පරික්ෂා කර බැලුවා. ඒ අනුව එය ඇත්තට ජා.ජ.බ ඇඹිලිපිටිය ජන හමුව අතරතුර දී ලබාගත් ඡායාරුපයක් බව අපට දැක ගන්නට ලැබුණා.

ජාතික ජන බලවේගය විසින් ඇඹිලිපිටියේ පැවැත්වූ ජන රැළියේ ඡායාරූප එකතුවක් මෙතනින්. ලංකාදීප පුවත්පතේ යොදාගෙන තිබූ ඡායාරූපය ද ඒ අතර දැකගන්නට පුළුවන්.

Archived Link

එමෙන්ම ලංකාදීප පුවත්පතේ පෙබරවාරි 22 වනදා 10 වන පිටුව සම්පුර්ණයෙන්ම පරික්ෂා කිරීමේ දී සජබ බණ්ඩාරගම රැළියට පිළිබඳ වාර්තාවට යටින්, පසුගිය 20 වන දා ජාතික ජන බලවේගය ඇඹිලිපිටිය නගරයේ තිබූ ජන හමුවක තවත් කෙටි පුවතක් වාර්තා තිබෙන අයුරු, ඡායාරූපයක් ද සමගින් අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

Lankadeepa (22nd February)

පුවත් පිටු සැකසීමේ දී සිදුව තිබු අත්වැරදීමක්!

මේ හේතුවෙන් එකම පුවත් පිටුවක පක්ෂ දෙකක රැලි සඳහා එක ම අවස්ථාවේ ඡායාරූප භාවිත කර තිබීමත්, සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගය ජන රැලියක, එම පක්ෂයේ පාට අයත් ධජ ද පසුබිමින් දැක්වෙන ඡායාරූපයක්, හිතාමතා තමන්ගේ රැළියක ලෙස භාවිත කිරීමේ හැකියාවක් නොමැති බැවින්, අප මේ පිළිබඳව එම පුවත් වාර්තාව ලියූ ලංකාදීප පුවත් පතේ මාධ්‍ය‍වේදී නිමල කොඩිතුවක්කුගෙන් වැඩිදුර විමසීමක් සිදු කළා.

ඔහු සඳහන් කළේ, පුවත් ලිපිය සමගින් නිවැරදි ඡායාරූප පිටු සැකසුම සඳහා යොමු කළත්, පිටු සකස් කිරීමේ දී සිදු වී ඇති දෝෂයක් හේතුවෙන්, වැරදීමකින් ජාතික ජන බලවේගයේ රැලියේ ඡායාරූපයක්, සමගි ජන බලවේගයේ රැලියේ ඡායාරූපයක් ලෙස පළ කර ඇති බවයි.

එමෙන් ම එම දෝෂය නිවැරදි කරමින් ඊට පසු දින(23) ලංකාදීප පුවත් පත එ් පිළිබඳව පළ කර තිබූ බවත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළා. එලෙස නිවැරදි කර තිබූ පුවත පහතින්.

එසේම ලංකාදීප වෙබ් අඩවියේ ද නිවැරදි ඡායාරුපය පළකර තිබෙන්නේ මෙලෙසින්

එසේම ඉහත සිදුවීම සජබ විසින් හිතාමතාම සිදුකළේ ඔවුන්ගේ රැළියේ සෙනග නොමැති බවට ද ඇතැම් සමාජ මාධ්‍ය සටහන් මඟින් අඟවා තිබුනේ මෙලෙසින්. Archived

අප සජිත් ප්‍රේමදාස මහතාගේ ද සහභාගිත්වයෙන් බණ්ඩාරගම දී පැවැත්වූ ජන රැළිය පිළිබඳව පරික්ෂා කළ අතර එහි ද සැලකිය යුතු පිරිසක් සහභාගී වී තිබෙන අයුරු දැකගන්නට ලැබුණා. විපක්ෂ නායකගේ නිල ෆේස්බුක් ගිණුමේ එම හමුව පිලිබඳ දක්වා තිබූ ඡායාරූප එකතුවක් පහතින්. Archived Link වීඩියෝ දර්ශන මෙතනින්

Full View

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සජබ පුවතකට මාලිමාවේ රැලියක ඡායාරූපයක් යොදා ගැනීමේ ඇත්ත කතාව!

By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News