මාධ්‍යවේදී චතුර අල්විස් රටහැර ගියා ද?

Update: 2023-03-01 17:41 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී චතුර ද අල්විස් ලංකාව හැර කැනඩාවේ පදිංචියට ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූප සටහන් යොදාගනිමින්, පසුගිය සමයේ රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට පක්ෂපාතීත්වයක් දැක්වීම යන කාරණා ඉස්මතු කරමින්, සමාජයේ බොහෝ පිරිසකගේ දෝශාරෝපණයක් චතුර අල්විස් වෙත යොමු වුණා. ඔහු සත්‍ය වශයෙන් ම මෙරට හැර ගියා ද, මේ පිළිබඳ ව අප සිදු කළ කරුණු විමසා බැලීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

‘දෙරණ’ නාලිකාවේ චතුර ද සිය පවුලේ සමාජිකයින් සමග අල්විස් රට හැරදා කැනඩාවට ගිය බවට ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link

ඒ පිලිබඳ වෙබ් අඩවියක පළවූ වාර්තාවක් මෙතනින්. Archived

එසේම දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා චතුර මේ ආකාරයෙන් කැනඩාවට පිටත්ව ගිය බවට ද ඇතැමුන් පෙන්වා දුන්නා. තවත් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබු සටහනක් පහතින්.

FB | Archived

මෙම ඡායාරූප සටහන් සඳහා යොදාගෙන තිබු ඉංග්‍රීසි බසින් පළ වූ මුල් සටහන මෙතනින්. Archived Link

Twitter ඔස්සේ ද, මෙම ඡායාරූප සටහන පළ කරමින් කියා තිබූ ඔහු රට හැර ගොස් ඇති බවයි.

https://twitter.com/AnfasLatheef/status/1630790420258226178

Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව විමසීම සඳහා දෙරණ මාධ්‍යවේදී ‘චතුර අල්විස්’ සහ ‘කැනඩා’ යන Keyword යොදාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පරීක්ෂාවක් සිදු කළා.

එහිදී අපට ‘Travel with Chatura’ ෆේස්බුක් පිටුවේ පළවී තිබු ‘ට්‍රැවල් විත් චතුර කැනඩා සංචාරය’ ලෙස සඳහන් කළ සටහනක් හමු වුනා. දෙරණ නාලිකාව විසින් සිදු කරන චතුර අල්විස් විසින් මෙහෙයවනු ලබන ‘Travel with Chatura’ වැඩසටහන සඳහා 2014 වර්ෂයේ සිට කැමරා උපකරණ සපයනු ලැබූ CameraLk ආයතනයේ අනුෂ්ක ඇතුළු කණ්ඩායමට, කැනඩාවේ සංචරයට ද උපකරණ සැපයීම සම්බන්ධයෙන් එහිදී ස්තූතිය පළ කර තිබෙනු දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

https://www.facebook.com/travelwithchaturaofficial/posts/210925768180359?cft[0]=AZWaJmae1N2WlCNtNdNiDIgSKoRdVzY3jjg1arz3Vq2Kov708Rh18yeCXkgTOhMxr9Mqv6QCTWJiN6eTTZjcJHVWhi6uZv13HNd1FmmhP2RmzQMI1lN1I-igtTiHbo_OLVsnO-gsse0PSGnacFj3HdmCasxBbK0p4LZ3CygN9sL3J8D_sAOYG6giO3qZrutTFVQ&tn=%2CO%2CP-R

Archived Link

කෙසේවුවත් මේ පිළිබඳව වැඩිදුර කරුණු තහවුරු කර ගැනීම සඳහා අප 'දෙරණ' මාධ්‍ය ආයතනයෙන් විමසා සිටියා. ඔවුන් සඳහන් කළේ, චතුර අල්විස් විසින් දෙරණ ආයතනය නියෝජනය කරමින් එහි වැඩසටහනක් වන, චතුර විසින් මෙහෙයවන ‘Travel with Chatura’ වැඩසටහන් සහ ‘Talk with Chathura’ සඳහා කැනඩාව බලා සංචාරය කර ඇති බවත්, එය නිමාවත් සමග ඔහු නැවත මෙරටට පැමිණෙන බවත්, මෙය කිසිලෙසකත් කැනඩාවේ පදිංචියට යාමක් නොවන බවයි.

චතුරගෙන් ද මේ ඡායාරුපය පිළිබඳව අප විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, තමන් රට හැර නොගිය බව ත්, තම මාධ්‍ය ආයතනයේ වැඩසටහන් කිහිපයක් පටිගත කිරීමට තමන් කැනඩාවට පැමිණි බවයි.

එමෙන් ම චතුර ද අල්විස්ගේ නිල ෆේස්බුක් ගිණුමේ කැනඩාවේ සිට දෙරණ මාධ්‍ය ජාලයේ වැඩසටහන් රූගත කරන අවස්ථා දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link

චතුර ද අල්විස් සමග ඉහත ඡායාරූපයේ පෙනී සිටින කැනඩාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික ප්‍රබල ව්‍යාපාරිකයෙක් වන Riyaz Rauf මහතාගෙන් ද, අප මේ පිළිබඳ විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, තමන් ලංකාවේ බොහෝ මාධ්‍ය හා සම්බන්ධ පිරිස් හොඳින් හඳුනන බවත්, ලංකාවේ සිටින අවස්ථාවලදී ද හඳුනන චතුර අල්විස්, කැනඩාවට පැමිණීම හේතුවෙන්, පෞද්ගලිකව තමන්ගේ අභිමතය පරිදි ඔහුව පිළිගැනීමට ගුවන්තොටුපොළ වෙත ගිය බවත්, එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි අර්යථකතනයක් යටතේ ව්‍යාජ සටහන් පළ වන බවයි. තවද, මෙවර කැනඩා සංචාරය සඳහා චතුර අල්විස් පැමිණෙන විට, ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් පැමිණියේ නැති බව ද Riyaz Rauf මහතා තහවුරු කළේය.

Riyaz Rauf මහතාගේ සාර්ථකත්වය පිළිබඳ මෙරට වැඩසටහන් පළ ව තිබූ අයුරුද, අපට ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දෙරණ මාධ්‍යවේදී චතුර ද අල්විස් මෙරට අතහැර කැනඩාවේ ස්ථීර පදිංචියට ගිය බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන නොමග යවන සුළුයි.

චතුර අල්විස් මේ දිනවල කැනඩාවට ගොස් සිටින්නේ දෙරණ නාලිකාව වෙනුවෙන් ඔහු විසින් මෙහෙයවනු ලබන ‘Travel with Chatura’ වැඩසටහනේ ‘ට්‍රැවල් විත් චතුර කැනඩා’ රූගත කිරීම් සඳහා බවත්, එම රූගත කිරීම්වලින් පසුව නැවත ලංකාවට පැමිණීමට නියමිත බවත් දෙරණ මාධ්‍ය ජාලය තහවුරු කරයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:චතුර ද අල්විස් රටහැර ගියා ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News