හවුල් ආණ්ඩුවට එරෙහිව අප්‍රේල් 02 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක්?

Update: 2023-03-30 12:26 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

වර්තමාන හවුල් ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක් පැවැත්වෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ලබන අප්‍රේල් 02 වන දා පෙ.ව 9.30 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල එස්.ද.එස් ජයසිංහ ශාලාවේදී ජාතික සම්පත් සුරකීමේ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය විසින් සංවිධානය කරන “දුර්දාන්ත හවුල් ආණ්ඩුව විකුණාගෙන කන ජාතික සම්පත් රැක ගැනීමට පෙළ ගැසෙමු.” මැයෙන් රාජ්‍ය සම්පත් සුරකිමු - වෘත්තීය සමිති සමුළුව විසින් පවත්වන ජනහමුවක් පවත්වන ලෙසට දක්වමින් සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link FB

මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය විමසමින් බොහෝ දෙනෙකු අපගෙන් විමසීමක් කළ අතර මේ පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා මෙවැනි ජන හමුවක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න පිළිබඳව නිරීක්ෂණය කළ ත්, අපට එවැනි පුවතක් දැකගන්නට නොලැබුණි.

එමෙන්ම ‘ජාතික සම්පත් සුරකීමේ මධ්‍යස්ථානය’ හා ‘ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩල’ මඟින් මේ ආකාරයේ නිවේදනයක් පිලිබඳ දැනුම් දීමක් සිදුකර තිබුනේ ද යන්න අප Keyword පරීක්ෂාවක් සිදු කළ අතර, එම සත්‍ය සංවිධාන මඟින් මෙවැනි ජන හමුවක් පිළිබඳ දැනුම් දීමක් සිදුකර තිබෙනු දැක ගන්නට ලැබුනේ නැහැ.

එසේම, ඉහත සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවත්, අප්‍රේල් 02 වන දා මෙවැනි ජන හමුවක් නොපැවැත්වෙන බවටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබෙණු දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එසේම මෙවැනි ජනහමුවක් සිදුනොවන බවත් එය සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවත් මහින්ද රාජපක්ෂ හිටපු අගමැති මාධ්‍ය අධ්‍යක්ෂක රොහාන් වැලිවිට මහතා ද අපට තහවුරු කර සිටියා.

දෙහිවල එස්.ද.එස් ජයසිංහ ශාලාවේ ලබන අප්‍රේල් 02 වන දාට මෙලෙසින් ජන හමුවක් පැවැත්වීමට නියමිත ද, යන්න විමර්ශනය කිරීම සඳහා අප එය පාලනය කෙරෙන දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ නිලධාරීන්ගෙන් ද විමසීමක් සිදුකළ අතර ඔවුන් තහවුරු කළේ ද, එවැනි හමුවක් පැවැත්වීමට එදින එම ශාලාව වෙන් කරවා නොමැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලබන අප්‍රේල් 02 වන දා දෙහිවල එස්.ද.එස් ජයසිංහ ශාලාවේ දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් “දුර්දාන්ත හවුල් ආණ්ඩුව විකුණාගෙන කන ජාතික සම්පත් රැක ගැනීමට පෙළ ගැසෙමු” යන මැයෙන් ජනහමුවක් පැවැත්වෙන බවට පළ වූ සටහන් අසත්‍ය වන අතර එවැනි හමුවක් පැවැත්වීමේ තීරණයක් නොමැති බවත්, එය අසත්‍ය පුවතක් බවත් මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරමින් තහවුරු කළ අතර මාධ්‍ය අධ්‍යක්ෂක රොහාන් වැලිවිට මහතා ද එය තහවුරු කර සිටියා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:හවුල් ආණ්ඩුවට එරෙහිව අප්‍රේල් 02 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක්?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News