බුද්ධි ප්‍රබෝධ විසින් සිය අවසන් කැමැත්ත ලියූ බවට පළ වූ ලිපිය ව්‍යාජ බවට පොලීසිය තහවුරු කරයි!

Update: 2023-04-19 18:04 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඕනෑම පුද්ගලයෙකු තමන් කැමති මතයක් දැරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වූව ද, එලෙසින් ම එවැනි පුද්ගලයෙකුගේ මරණය භාවිත කරමින්, දේශපාලන වාසී තකා ව්‍යාජ පුවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම, අනුමත කළ නොහැකි කරුණක්. කෙසේනමුත් එවැනි ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව පැතීරීම හේතුවෙන්, ඒ සඳහා යොදාගෙන තිබෙන ගන්නා ව්‍යාජ ඡායාරූප, වීඩියෝ ඔස්සේ සමාජය නොමග යෑමට ලක් කිරීම ද, අපට නිරතුරුවම දැක ගන්නට ලැබෙනවා.

මේ ආකාරයට පසුගිය වසරේ ජනතා අරගලය සමයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නම් තරුණයාගේ මරණය සම්බන්ධයෙන්, ඔහුගේ අවසන් කැමැත්ත ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ලිපියක් පිළිබඳව එහි සත්‍ය තතු සොයා Fact Crescendo අප විසින් සිදු කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“මේ මල්ලි ජීවිතේ විනාශ කර ගන්න ඉස්සෙල්ලා අන්තිම දවස්වල FB එකේ ලියල තියන දේවල් දැක්කාම කාටවත් හිතුනේ නැද්ද මේ මල්ලිට මාන සික ලෙ ඩක් තියනවා කියලා ? දැන් නං ඉතින් පෝලිමට නිවන් සුව පතනවා. බුද්ධි එහෙම නොකරන්න තිබ්බා😂😂😂 #Aragalaya #GoHomeGota2022 ” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක ඡායාරූපයක් සහ සටහනක් සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

එම ඡායාරූප සටහනින් දක්වා තිබුණේ, බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති පුද්ගලයෙකු විසින් සිය අන්තිම කැමැත්ත පිළිබඳ ලියූ ලිපියක් බවට හඟවමින් ඔහු දිවි තොරකර ගත් බවට දක්වා තිබීමක්.

පසුගිය අරගල සමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ ඔහු විසින් සිය දිවි තොර ගැනීමට හේතුවී තිබුණේ, අරගලයෙන් පසු වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමග, අරගලයේ ඇතැම් ක්‍රියාකාරී සාමාජිකයන් මුදලට එක් වීම හේතුවෙන් බවත්, ඇතැම් මුදල් ගනුදෙනු හේතුවෙන් සහ රට ආරාජික කිරීමට තම දායකත්වය සැපයීම හේතුවෙන් තමන් කල කිරීමට පත් වූ බවට ත් ඔහු විසින් එම ලිපියේ සඳහන් කළ බවට දක්වා තිබුණා.

සංසරණය වූ එම ලිපියේ පැහැදිලි ඡායාරූපයක් පහතින්.

මෙම ලිපිය පළ කරමින් ව්‍යාප්ත වූ තව ත් සටහනක් පහතින්.

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව හුවමාරු වූයේ මෙලෙසින්.

WhatsApp ඔස්සේ ද, මෙම ලිපියේ ඡායාරූපයක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

මෙම ලිපිය සත්‍ය වශයෙන් බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න විසින් ලියූ ලිපියක් ද, යන්න පිළිබඳ බොහෝ දෙනා අප වෙත කළ ඉල්ලීම් මුල් කර ගනිමින් මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න යන අය පසුගිය අරගල සමයේ කැපී පෙනෙන චරිතයක් වූ අතර ඔහු සියදිවි නසාගෙන ද, යන්න පිළිබඳ අප ඔහුගේ හිතවතුන් මාර්ගයෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, ඔහු ඊයේ දින(18) සිය දිවි තොරකර ගෙන ඇති බවයි.

ඔහුගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී ද, බොහෝ දෙනෙකු ඔහුගේ මරණය සම්බන්ධයෙන් වික්ෂිප්ත වූ බවත් දක්වා ඇති සටහන් වලින් පෙනී ගියා. එමෙන්ම ආසන්න දිනකදී එනම් පසුගිය අප්‍රේල් 15 වන දින ඔහු විසින් සිය ජීවිතය තොර කර ගැනීමේ කැමැත්ත හැඟවෙන පරිදි සටහනක් ද, පළ කර තිබෙනු අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්. Archived Link

කෙසේ වෙතත් සිය දිවි නසා ගැනීමට හේතුව දක්වමින් ඔහු විසින් ලියූ ලිපියක් ලෙසට හඟවමින් අද දිනයේ (19) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. නමුත් ඉහත ලිපිය ව්‍යාජ ලෙස වෙනත් පාර්ශවයක් විසින් නිර්මාණය කරන ලද අසත්‍ය ලිපියක් බවට බුද්ධි ප්‍රබෝධගේ සමීපතයින් හා ඥාතීන් පවසන බවට දක්වමින් සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්. Archived Link

අවසන් කැමැත්තක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයේ ලිඛිත ලිපියක් අනාවරණය නොවූ බව පොලිසිය තහවුරු කරයි

මෙම ලිපිය සත්‍ය වශයෙන් ම ඔහු විසින් ලියන ලද්දක් නම් එය මේ වන විට පොලිස් විමර්ශන වලදී විමර්ශනය විය යුතු බැවින්. බුද්ධි ප්‍රබෝධ තාවකාලිකව ජීවත් වූ ප්‍රදේශයට අයත් මුල්ලේරියාව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජි. එස්. සුසන්ත මහතා වෙත ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය යොමු කරමින් අප විමසීමක් සිදු කළා.

එම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, බුද්ධි ප්‍රබෝධ නම් තරුණයා ඊයේ(18) දින සිය දිවි නසා ගෙන ඇති බවත් එමෙන් ම මෙතෙක් සිදු කරන ලද විමර්ශනයේදී ඔහු විසින් සිය අවසන් කැමැත්ත සම්බන්ධයෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ලියා ඇති බවට විමර්ශනය නොවුණු බවයි. නමුත් ඔහු විසින් සිය අවසන් කැමැත්ත සම්බන්ධයෙන් තම සමීපතයින් කිහිප දෙනෙකුට විද්‍යුත් ලිපියක් යොමු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වූ බව ත් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසූවා.

බුද්ධි විසින් එලෙසින් විද්‍යුත් ලිපිය යොමු කළ පුද්ගලයන් දෙදෙනෙකු අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔවුන් සඳහන් කළේ, බුද්ධි විසින් විද්‍යුත් ලිපියක් ඔවුන් වෙත යොමු කළ බව ට තහවුරු කළ හැකි වුවත්, එහි අන්තර්ගතය පිළිබඳ කිසිදු සඳහනක් කළ නොහැකි බවයි.

තවද බුද්ධි ප්‍රබෝධගේ මරණය පිළිබඳ සිය සමීපතයින් දැනුවත් කරමින් සත්‍ය වශයෙන්ම ඔවුන්ට ලිපියක් යොමු කිරීමෙන් අනතුරුවත් ඔහුව වළක්වා ගැනීමට එම සමීපතයින් ක්‍රියානොකිරීම පිළිබඳ දෝෂාරෝපණයට ලක් කරමින් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ද සටහන් පළ කර තිබූ බවට අපට දැක ගන්නට ලැබුණා. නමුත් මේ වන විට එම සටහන් සමාජ මාධ්‍ය ජාලා වලින් ඉවත් කර තිබේ.

එමෙන්ම අරගලයේ අරමුණු මෙතෙක් ඉටු නොවීම සම්බන්ධයෙන් බුද්ධි ප්‍රබෝධ පසුගිය කාලයේ සිය ෆේස්බුක් ගිණුම හරහා සිය කනස්සල්ල පළ කර තිබූ සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා සංසරණය කර ගෙන ඇති අයුරු ද දැක ගන්නට ලැබුණා.

බුද්ධිගේ මරණය පිළිබඳ පුවත් වාර්තා

තරුණයෙකු සිය දිවිහානි කර ගෙන ඇති බවට 119 හරහා පොලිසියට ලද තොරතුරක් අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී බුද්ධිගේ සිරුර සිය තාවකාලික නවාතැනේ ඇඳ මත වැතිරී තිබී ඇති අතර ඉන් අනතුරුව මුල්ලේරියා රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කිරීමේදී ත් ඔහු ජීවිතක්ෂයට පත් වී තිබූ බවට පොලීසිය සඳහන් කරයි. අධි මාත්‍රාවෙන් යුත් ඖෂධ තොගයක් පානය කිරීම මරණයට හේතු වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය මයිලව ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වූ මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 28 හැවිරිදි බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න අයයි.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොලොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මියගේ නියෝග මත අයි ඩී එච් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කුලරත්න මහතා විසින් සිදු කර ඇති අතර වෛද්‍ය වාර්තා සහ සාක්කි මත මරණයට හේතුව විවෘත තීන්දුවක් ලබා දීම සිදු කර ඇති බවත්, මියගිය බුද්ධි ප්‍රබෝධගේ ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

බුද්ධි ප්‍රබෝධගේ දේහය මහරගම ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත්කොට අද (19) දින සවස ගොඩිගමුව පොදු සුසාන භූමියේදී භූමිදාන කටයුතු සිදු කළ බව පොලීසිය පවසයි. එම අවස්ථාවේ ඡායාරූප සටහන් මෙතනින් සහ මෙතනින්.

සැ.යු: කෙසේවෙතත් මේ පිළිබඳ පොලිස් පරීක්ෂණ වැඩිදුරටත් පැවැත්වෙන අතර එම විමර්ශන අනුව මෙය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු. අප මෙම කරුණු විමර්ශනයේ දී පෙන්වා දෙන්නේ බුද්ධිගේ සිය දිවි හානි කර ගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ ව්‍යාජ ලිපියක් බවයි.

සියදිවි නසාගැනීමට සිතුණු මොහොතක වෛද්‍යවරයෙකු වෙත එය පවසා උදවු ලබාගැනීම ඉතාම වැදගත් වෙයි.

මානසිකව පීඩනයට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් උපකාරක සේවය (Help Line) 1926 අංකය පැය 24ම සක්‍රීයව පවතී. මෙමගින් සිංහල දමිළ සහ ඉංග්‍රීසි යන ඕනෑම මාධ්‍යයකින් දුරකතන ඇමතුම් ලබාගත හැකි අතර වෛද්‍යවරුන්ද සම්බන්ධ කරගත තම ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත. මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ ඇමතිය හැකි සේවාවකි. මෙලෙසම 1333 අංකය මනෝ උපදේශන සේවාව ලබාගත හැකි අංකයකි. ලංකා සුමිත්‍රයෝ පදනම ඔස්සේද මෙවැනිම වූ උපදේශන සේවාවන් 0112696666 අංකය හා 0112683555 අංක ඇමතීම මගින් ලබාගැනීමේ හැකියාව පවතී.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:බුද්ධි ප්‍රබෝධ විසින් සිය අවසන් කැමැත්ත ලියූ බවට පළ වූ ලිපිය ව්‍යාජ බවට පොලීසිය තහවුරු කරයි!

Fact Check By: Pavithra Sandamali 

Result: False

Tags:    

Similar News