කෘතීම බුද්ධියෙන් නිපදවන ඡායාරූප හදුනාගන්නේ කෙසේද? ලෝකයේ අවසාන යෝධයාගේ සේයාරුව ඇසුරින් පහදමු.

Update: 2023-05-15 04:01 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

කෘතීම බුද්ධිය ඇසුරින් නිපදවන විවිධ සේයාරූ සමාජ ජාලාවල වේගයෙන් සංසරණය වෙනවා. ඇතැම් අවස්ථාවල වර්තමානයේ ලබාගත් ඡායාරූප ලෙසද ,තවත් සමහර අවස්ථාවල ඉතිහාසගත පැරණි ඡායාරූප ලෙසද මේවා පැතිරෙන අතර , මේවා සත්‍ය ඡායාරූපද එසේත් නොමැතිනම් කෘතීම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඡායාරූප සංස්කරණ ද යන්න මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙනවා.

මේ හේතුවෙන් “ලෝකයේ අවසාන යෝධයා” යන සිරස්තලය සහිතව, ලොව පුරා හුවමාරු වී, ලංකාවේ සමාජ ජාලාවලද සංසරණය වූ ඡායාරූපයක් ඇසුරින්, කෘතීම බුද්ධිය මගින් නිපදවන සේයාරූ හදුනාගන්නා ආකාරය පිලිබදව කරුණු විමසා බලමු.

සමාජ ජාලා සටහන් 

“ලෝකයේ අවසාන යෝධයා” යන සඳහන ද සමගින් ඡායාරූපයක් සමාජ ජාලා හරහා සංසරණය වුවේ මෙලෙසින්.

Facebook | Archived   FB

මේ සදහා පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

එසේම මෙම ඡායාරූපය ලබාගත් වසර ලෙස 1901 වසර සදහන්ව තිබු අතර අවසන් නියැන්ඩතාල් මානවයා යනුවෙන් ද සටහන් ඉංග්‍රීසි බසින් හුවමාරු වී තිබුණා.

මෙම ඡායාරූපය ඇසුරින් කෘතීම බුද්ධියෙන් නිපදවන සේයාරූ හදුනා ගැනීම සම්බන්ධ විමසුමක යෙදෙමු.

Fact Check ( සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප මුලින්ම සිදු කලේ මෙම ඡායාරූපය Reverse Image සෙවුමකට ලක්කර එම ඡායාරූපයය මුලින්ම හුවමාරු වූ අවස්ථා පරික්ෂා කළා. එහිදී අපට දක්නට ලැබුණේ මෑතක දී හුවමාරු වීමට පටන් ගෙන තිබු බවයි. කෘතීම බුද්ධිය යටතේ ඡායාරූප නිර්මාණය කිරීම සිදුකරන MidJourney නම් පද්ධතියට අයත් නිල Reddit කණ්ඩායම තුළ මුලින්ම මෙම සේයාරුව පළකර තිබුනේ මෙලෙසින්. Archived.

එමගින් තහවුරුවන කාරණය වන්නේ මෙම ඡායාරූපය පැරණි ඡායාරුපයක් නොවන බවත්, බොහෝ දුරට කෘතීම බුද්ධිය මගින් නිපදවන ලද ඡායාරූපයක් වීමට ඉඩ ඇති බවයි.

අප ඉන් අනතුරුව අවධානය යොමු කලේ 1901, හෙවත් 20 වන සියවසේ මුල් භාගයේ මෙවන් දැවැන්ත පුද්ගලයෙක් ජීවත්වූ බවට පිළිගත හැකි විස්වාසනීය වාර්තා පවතිනවාද යන කාරණයයි. නමුත් අපට දැකගන්නට ලැබුණේ එවැන්නක් දක්නට නොමැති බවයි.

කෘතීම බුද්ධිය පිලිබඳ ජාත්‍යන්තර විද්වතුන් කිහිප දෙනෙක්ම මෙම ඡායාරූපය පිළිබඳව රොයිටර් පුවත් සේවය වෙත සිය අදහස් දක්වා තිබුණා. ඔවුන් කිහිප දෙනෙක්ගේ අදහස් පහතින්.

මුහුණුවල නිවැරදි තොරතුරු අඩංගු නොවීම කෘතීම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද ඡායාරූපවල දක්නට ලැබෙන කැපී පෙනෙන ලක්ෂණයක් බව නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක Andrew Chen පවසනවා. ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම ඡායාරූපය තුළ දක්නට ඇති මිනිස් මුහුණු අපැහැදිලි පමණක් නොව විකෘති තත්ත්වයට පත්ව ඇති බවක් පැහැදිලිවම පෙනෙන බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ Northeastern University හි පර්යේෂණාත්මක කෘතීම බුද්ධිය පිළිබද ආයතනයේ Ricardo Yates, මෙම ඡායාරූපයේ ඇති තවත් ගැටළු පිළිබද පැහැදිලි කරමින් පවසන්නේ මෙහි පසුබිම් වර්ණවල ඇති වෙනස් තීව්‍රතාවයන්, එකම ඡායාරූපයේ විවිධ ප්‍රදේශවල ඇති අස්වාභාවික Resolution යන කරුණු මෙන්ම මෙහි ඇති මිනිස් මුහුණුවල ඇස් පැහැදිලිව දක්නට නොමැතිවීම, සෙවනැලිවල පිහිටීම් වල අඛන්ඩ බවක් හෝ ස්වාභාවික බවක් දක්නට නොමැතිවීම නිසා ද මෙය කෘතීම බුද්ධිය මගින් සිදු කරන ලද නිර්මාණයක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ සිටින්නේ අවසාන නියැන්ඩතාල් මානවයා විය නොහැකි මන්ද යන්න පිළිබඳවත් අප ඉංග්‍රීසි බසින් කරුණු පෙන්වා දුන්නේ මෙලෙසින්.

කෘතීම බුද්ධිය යටතේ නිපදවන ලද ඡායාරූපයක් හඳුනා ගත හැක්කේ කෙසේ ද?

කෘතීම බුද්ධිය යටතේ නිපදවන ලද ඡායාරූපයක් බැලු බැල්මටම එක්වර හදුනාගැනීම අපහසුයි. එවැන්නක් 100% ක් ම කෘතීම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද බවට හදුනාගත නොහැකි නමුත් බොහෝ දුරට එසේ විය හැකි බවට නිගමනය කළ හැකි සරල ක්‍රම කිහිපයක් පහතින් අප සදහන් කරනවා.

  1. ඡායාරූපය හැකි උපරිමයෙන් විශාලනය කර සෝදිසියෙන් ඒ දෙස බලන්න. ඔබට බැලු බැල්මට හඳුනාගත නොහැකිවූ ඡායාරූපයයේ සියුම් විකෘතිතා විශාලනය කර බැලීමේදී හදුනාගත හැකියි.

  1. ඡායාරූපයේ මුලාශ්‍රය හෝ මුලින්ම එය පළකර තිබුණු ස්ථානය කුමක්ද යන්න සොයා බලන්න. මෙය බොහෝ දුරට රිවර්ස් ඉමේජ් සෙවුමක් මගින් සිදුකල හැකියි.

  1. ඡායාරූපයේ ඇති මිනිස් සිරුරුවල අවයව නිසි ආකාරයෙන් , සමානුපාතව පිහිටා ඇතිදැයි බලන්න.

බොහෝ කෘතීම බුද්ධිය මගින් නිපදවන සේයාරුවල එක්කෝ අත් කුඩාව ,සිහින්ව තිබෙනවා.එසේ නැතිනම් හිස විශාලව පිහිටනවා, ඇතැම් අවස්ථාවල ඇගිලි දිගුව පිහිටනවා.මේ ආකාරයේ දේවල් නිරීක්ෂණය මගින් ඡායාරූපය නිර්මාණය කිරීම සදහා කෘතීම බුද්ධිය යොදාගෙන ඇතිද යන්න සම්බන්ධයෙන් යම් අදහසක් ලබාගත හැකියි.

සමහර අවස්ථාවල අත්වල ඇගිලි 6 ක් කෘතීම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද ඡායාරූපවල දක්නට ලැබෙනවා.මේ ආකාරයෙන් ඡායාරූපයන් සියුම්ව නිරීක්ෂණය කිරීම මගින් මෙම තත්ත්වයන් හදුනාගත හැකියි.

4 ) කෘතීම බුද්ධිය යටතේ නිර්මාණය කරන ලද බොහෝ ඡායාරූපයන්හි අස්වාභාවික සුමට බවක් දක්නට ලැබෙනවා .

5) කෘතීම බුද්ධිය යටතේ නිර්මාණය කරන ලද බොහෝ ඡායාරූපයන්හි පසුබිමේ දක්නට ලැබෙන වස්තුන්ගේ යම් අස්වාභාවික ස්වාභාවයන් ඒවා සියුම්ව නිරීක්ෂණය කිරීමේදී පෙනී යනවා.

කෘතීම බුද්ධිය යටතේ නිර්මාණය කරන ලද ඡායාරූපයන් පිළිබද වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින් .Archived

කෘතීම බුද්ධිය මගින් නිපදවන ලද  ඡායාරූපයන් හදුනාගැනීම සදහා විවිධ පරිඝනක මෘදුකාංගද ඇත. කෙසේනමුත් කෘතීම බුද්ධිය ආශ්‍රිත සේයාරූ පිලිබඳ විශේෂඥයන් පවසන්නේ මෙම මෘදුකාංග තවම එතරම් දියුණු වී නොමැති බැවින්, ඡායාරුප පිලිබඳ දළ අදහසක් පමණක් ලබාගත හැකි අතර, එම තොරතුරු මත පමණක්ම එය AI මඟින් නිපදවූ සේයාරුවක් ද නැද්ද යන්න නිශ්චය කළ නොහැකි බවයි.

Also Read: Is This An Image of an “April Snow” Tree in China Or Another AI Creation?

These Viral Claims of Rare Cat Species Are AI-Generated Images!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වූ කාරණය වන්නේ ඉහතින් සදහන් කළ “ලෝකයේ අවසාන යෝධයා” ලෙස දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සමාජ ජාලා වල හුවමාරුවන ඡායාරූපය බොහෝ දුරට කෘතීම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් වන බවත් එහි දැක්වෙන්නේ සත්‍ය යෝධයෙකුගේ ඡායාරුපයක් නොවන බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කෘතීම බුද්ධියෙන් නිපදවන නිපදවන ඡායාරූප හදුනාගන්නේ කෙසේද? ලෝකයේ අවසාන යෝධයාගේ සේයාරුව ඇසුරින් පහදමු.

Fact Check By: Kalana Krishantha

Result: False

Tags:    

Similar News