අවුරුදු 101ක මවක දරුවෙකු ප්‍රසුත කළ පුවතේ, ඇත්ත කතාව!

Update: 2023-06-17 07:15 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අවුරුදු 101 කදී කාන්තාවක විසින් දරුවෙක් ප්‍රසුත කළ බවට පුවතක් සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙනවා. මෙහි සත්‍යතාවය සොයා අප සිදුකල කරුණු විමසා බැලීම පහතින්.

සමාජ ජාලා සටහන් 

සමාජ ජාලා සටහන් මඟින් දැක්වුණේ, ඉතාලියේ නපොලි නගරයේදී වයස 101 ක් වන කාන්තාවක් දරුවෙක් බිහි කර ඇති බවයි. එම දරුවා කාන්තාවගේ 17 වන දරුවා බවටත් , දරුවා බිහිකර ඇත්තේ 2023 වසරේ ජුනි 12 වනදා බවටත් වැඩිදුරටත් දැක්වුණා.

Facebook | Archived

මේ සම්බන්ධව පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්. 

මෙම සටහන් බහුලව පැතිර තිබෙන ආකාරයක්ද දැකගන්නට ලැබුණා.

මේ සමබන්ධ කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අප මෙම සේයාරුව Reverse Image සෙවුමකට ලක්කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ එය මෑතක දී ලබාගත් සේයාරුවක් නොව, 2015 වසරේදී ලබාගත් ඡායාරුපයක් බවයි. අමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ විසු වයස අවුරුදු 101ක අත්තම්මා කෙනෙක්, සිය මිණිබිරියකගේ දියණියක් (Great Grand daughter) සමග සිටින අවස්ථාවක් එහි දැක්වෙනවා. මෙම වයස 101 ක්වූ  කාන්තාවගේ නම Rosa Camfield.

2015 මාර්තු 17 දින Camfield ගේ  මිනිබිරියක් වන Sarah Hamm විසින් මෙම සේයාරුව මුලින්ම සමාජ ජාලා වෙතට එක්කර තිබුණා. ඒ  පවුලට අලුතින් එක්වූ සාමාජිකාව වන සිය  කුඩා බිලිදිය , වයස 101 ක් වූ තම අත්තම්මාගේ තුරුලේ සිටින අයුරු පෙන්වමින්. කෙසේවෙතත්, ඒ වන විටත් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වයස 101 ක් වූ Rosa Camfield, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුපය ලබාගෙන සති දෙකකින් පමණ, එනම් 2015 මාර්තු මස 30 වනදා මියගොස් තිබුණා. 

මෙම සේයාරුව  අන්තර්ජාලය හරහා මිලියන ගණනක් අතර හුවමාරුවනු දැකීමෙන් තමන් පුදුමයට පත්වුණු බව සාරා විසින් ABC පුවත් සේවයට පවසා  තිබුණා. ABC පුවත් වාර්තාව මෙතනින් .Archived DailyMail

වයස 101 ක කාන්තාවක දරුවෙක් බිහිකළ බවට පළවුවේ අසත්‍ය පුවතක් බව දැන් පැහැදිලියි. මෙම අසත්‍ය පුවතේ ආරම්භය පිලිබදව මදක් විමසා බලමු.

අසත්‍ය පුවත් පළකිරීම පිලිබදව නම් දරා ඇති World News Daily Report නම් වෙබ් අඩවියක් මෙයට වසර ගණනාවකට පෙර මෙම සේයාරුව යොදාගෙන ඉතාලියේ 101 හැවිරිදි කාන්තාවක් දරුවෙක් ප්‍රසූත කල බවට ව්‍යාජ පුවතක් නිර්මාණය කර තිබුණා. ඒ අවස්ථාවේ සිට විවිධ සමාජ ජාලා සටහන් නිර්මාණය වී තිබු අතර අදාළ වෙබ් අඩවියේ පලවූ ව්‍යාජ පුවතේ සංරක්ෂිත වෙළුමකට පිවිසිය හැකියි මෙතනින්

එසේම දරුවෙකු ප්‍රසුත කළ වයස්ගතම කාන්තාව පිලිබඳව ද අප සොයා බැලුවා. දැනට වාර්තා වී ඇති ලොව වයස්ගතම දරු ප්‍රසුතියක් සිදු කර තිබු කාන්තාව වන්නේ Maria del Carmen Bousada Lara නම් ස්පාඤ්ඤ ජාතික කාන්තාවක්. ඇය වයස අවුරුදු 66කුත් දින 358කදී නිවුන් දරුවන් දෙදෙනෙකු ප්‍රසුත කර තිබුණා. ඒ පිලිබඳ ගිනස් වාර්තාව මෙතනින් Archived

මෙම සටහන් කාලයක් තිස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින අතර ඒ පිලිබදව අප Factcrescendo කණ්ඩායම දෙමළ බසින් සිදුකර තිබු කරුණු විමසා බැලීමකට පිවිසිය හැකියි මෙතනින් 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අපගේ කරුණු විමසුමේදී තහවුරු වුයේ වයස 101 ක්වූ කාන්තාවක් ඉතාලියේදී දරුවෙක් බිහිකළ බවට පළවන පුවත සාවද්‍ය බවයි. 2015 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේදී ලබාගෙන තිබු එම ඡායාරුපයෙන් සැබැවින්ම දැක්වෙන්නේ, එවකට වයස 101 ක් වූ කාන්තාවක් සිය මිණිබිරියකගේ දියණියක් වන කුඩා බිලිදියක සමග සිටින අයුරුයි. එසේම දැනට වයස්ග්ගතම දරු ප්‍රසුතියක් සිදුකර ඇත්තේ අවුරුදු 66ක ස්පාඤ්ඤ ජාතික කාන්තාවක්.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title: අවුරුදු 101ක ඉතාලි මවක්, දරුවෙකු ප්‍රසුත කළාද ? (PHOTO)

Written By: Fact Crescendo Team

Result: False

Tags:    

Similar News