මෑතකදී මහකනදරාය වැව අසළ දරුවෙකු අතරමං කර දමා ගිය අවස්ථාවක් ද?

Update: 2023-09-04 16:36 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

නොයෙකුත් උපකාර ලබා ගැනීමට සමාජ මාධ්‍ය භාවිත කරනු ලබනවා. නැති වූ පුද්ගලයන් සෙවීම සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීමට සමාජ මාධ්‍ය බහුලව භාවිත කරනු ලබනවා. මේ අතර එවැනි සටහන් නැවත නැවත සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කාල වකවාණු තුලදී සංසරණය වීම හේතුවෙන් බොහෝ පිරිස් නොමග යනු ලබනවා. එවැනි සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මෑතකදී මහකනදරාය වැව අසළ දරුවෙකු අතරමං කර දමා ගිය බවටත් දෙමාපියන් සොයා ගැනීමට පිහිට වන ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

“ඊයේ මහකනදරාය වැව ළඟ පුංචි පුතෙක් දමාගිහින්

ආකාෂ් පුතාගේ මව-පියා ගැන දන්නවානම් වහාම ළඟම පොලිසියට කියන්න

ගම-වව්නියාව

තාත්තා-සම්පත්

අම්මා-නිලූකා පුංචි පුතා කියයි.

ෂෙයාර් කරල දෙන්න මාමේ...නැන්දේ..”

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත දක්වා ඇති දරුවාගේ ඡායාරූපය සමගින් එම සටහන අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී මෙම සටහන වරින් වර ෆේස්බුක් ඔස්සේ වෙනත් වසරවලදී ද, සංසරණය වී ඇති බවට දැක ගන්නට ලැබුණා.

2018 වසරේ පළ වූ සටහනක් මෙතනින් Archived Link, 2019 වසරේ විශාල වශයෙන් හුවමාරු වූ සටහනක් මෙතනින් Archived Link.

එසේම 2015 නොවැම්බර් මස මෙම සටහන් මුල් වරට හුවමාරු වී ඇති බවක් නිර්ක්ෂණය වූ අතර එවැනි සටහනක් මෙතනින් Archived Link. එහෙත් මෙම සටහන් නැවත නැවතත් හුවමාරු වීම ඔස්සේ බොහෝ දෙනා මෙහි සත්‍ය තොරතුරු විමසා තිබුණි.

මේ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර නිරීක්ෂණයේදී අපට දැක ගන්නට ලැබුණේ, මිහින්තලේ මහකනදරාව වැවේ බෝගහයාය නාන තොටුපොළ අසල සිය මව විසින් අතරමං කොට දමා ගිය වයස අවරුදු තුනහමාරක්‌ පමණ වූ පිරිමි දරුවෙකු මිහින්තලේ පොලිසිය විසින් 2015 වසරේ නොවැම්බර් 17 වන දා සවස සිය භාරයට ගෙන ඇති පුවතක් පිලිබඳ සමාජ මාධ්‍ය සටහන් රැසක් වාර්තා කර තිබු බවයි.

මහකනදරාව වැවට දිය නෑමට ගිය යුවළකට එම දරුවා හඬමින් සිද්ධියදී හමුවී ඇති අතර, පසුව එම යුවළ විසින් ඒ බව මිහින්තලේ පොලිසියට දැනුම් දී තිබේ.

අනතුරුව මිහින්තලේ පොලිසියේ වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක රුවන් ධර්මපාල මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනී සැරයන් කේ. බී. ස්‌වර්ණලතා මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ එහි ගොස්‌ දරුවා සිය භාරයට ගෙන ඇත.

දරුවාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී තම පදිංචි ප්‍රදේශය වව්නියාව බවත්, පියාගේ නම සම්පත් සහ මව නිලූකා බවත් පවසා ඇත.

සිය මව සහ මාමා කෙනෙකු සමග යතුරුපැදියකින් මහකන්දරාව වැව අසලට පැමිණි බවත්, ඉන් පසු මාමා යතුරු පැදියෙන් තමා සහ මව නාන තොටුපොළ අසල බස්‌සවා ආපසු ගිය බවත් දරුවා පොලිසියට පවසා තිබේ.

ඉන් මඳ වේලාවකට පසු දියනෑම සඳහා වෙළෙඳසලකින් සබන් කැටයක්‌ රැගෙන එන තුරු තමාට නාන තොටුපොළ අසලට වී සිටින ලෙසට දැනුම් දී මවද ගියමුත් ඇය ආපසු නොආ බවත් ආකාෂ් දරුවා වැඩිදුරටත් පොලිසියට පවසා ඇත.”

Facebook | Archived Link

එම පුවත ඡායාරූප සමඟින් ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුනේ මෙලෙසින් Archived

අප මෙම සිදුවීම හා දරුවා සම්බන්ධ තොරතුරු පිළිබඳ විමසා බැලීමට මිහින්තලේ පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබා ගත් අතර එහි පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ, මෑතකදී එවන් සිදුවීමක් නොවූ බව යි.

මීට පෙර එවන් සිදුවීමක් බොහෝ කලකට පෙර සිදුවූවත්, ඒ පිළිබඳ මේ වන විට වැඩි තොරතුරු නොමැති බවත්, නව පොලිස් නිලධාරීන් එම පොලිස් ස්ථානයට අනුයුක්ත කර ඇති බවින් එම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු නොමැති බවයි ඔහු සඳහන් කළේ. නමුත් මෑතකදී එවන් සිදුවීමක් නොවූ බවට තහවුරු කළ හැකි බව ද, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු පරික්ෂා කර මෙම ලිපිය යාවත්කාලින කිරීමට බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෑතකදී මහකනදරාව වැව අසළ දරුවෙකු අතරමං කර දමා ගිය බවටත්, දෙමාපියන් සොයා ගැනීමට පිහිට වන ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන නොමග යන සුළු බවයි. එය 2015 වසරේ වූ සිදුවීමක් වන අතර එම සටහන නැවත හුවමාරු වීම හේතුවෙන් මෙය මෑතකදී වූ සිදුවීමක් ලෙස බොහෝ දෙනා නොමග ගොස් තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මෑතකදී මහකනදරාය වැව අසළ දරුවෙකු අතරමං කර දමා ගිය අවස්ථාවක් ද?

Written By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News