උණු වතුර වීදුරුවකට කරවිල පෙති දමා බීමෙන් පිළිකා සුව වනවාද?

Update: 2023-09-12 05:49 GMT

පිළිකා ප්‍රතිකාර බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් අත්බෙහෙත් ක්‍රම අනුගමනය කිරීම ට සුදුසු බව පවසමින් සටහන් සංසරණය වනවා. මෙවැනි මාර්ගොපදේශ අනුගමනය කිරීම ට බොහෝ දෙනෙකු යොමු වන්නේ, එහි නිරවද්‍යතාව පිළිබඳ සැළකිල්ලක් නොදක්වමින්. එවැනි නොමග යවන සුළු මාර්ගෝපදේශ ඇතුළත් සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

කරවිල තුනී පෙති 2-3ක් උණු වතුර වීදුරුවකට දමා සෑම දිනකම අවම වශයෙන් එක් වරක්වත් පානය කිරීම පිළිකා සඳහා ප්‍රතිකාරකයක් බවට සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා.

“ *කරවිල (කරවිල)* කරුණාකර මෙම පණිවිඩය ඔබගේ සමීපතමයන් සහ හිතවතුන් වෙත පතුරවන්න.

බීජිං හමුදා මහ රෝහලේ මහාචාර්ය චෙන් හුයි රෙන් තහවුරු කළේ, මෙම තොරතුරු ලබා ගන්නා සෑම කෙනෙකුම අවම වශයෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙකුටවත් බෙදා හරින්නේ නම්, අවම වශයෙන් එක් ජීවිතයක්වත් බේරා ගත හැකි බවයි.

මම මගේ කොටස කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා, ඔබත් ඔබේ කොටස කරයි කියලා. ඔයාට ස්තූතියි.

උණු වතුරේ ඇති කරවිල *(කරවිල)* ඔබට උපකාර කරයි. ඔබ කෙතරම් කාර්යබහුල වුවත්, ඔබ මෙය කියවිය යුතු අතර, පසුව මිතුරන් සහ අනෙකුත් අය වෙත පැතිරවිය යුතුය.

උණු කරවිල *(කරවිල)* පිළිකා සෛල විනාශ කළ හැකිය.

කරවිල තුනී පෙති 2-3ක් කපා වීදුරුවකට දමන්න, උණු වතුර වත් කරන්න, ජලය ක්ෂාරීය වේ. සෑම දිනකම අවම වශයෙන් එක් වරක්වත් බොන්න. ඕනෑම කෙනෙකුට, එය ප්රයෝජනවත් වනු ඇත.

උණුවතුර කරවිල *(කරවිල)* පිළිකා නාශක ද්‍රව්‍යයක් නිකුත් කරයි. මෙය පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රයෝජනවත් වන ස්වාභාවික වෛද්‍ය විද්‍යාවේ නව වර්ධනයකි.

උණු වතුර කරවිල සාරය ගෙඩි සහ ගෙඩියට බලපානු ඇත. දැනටමත් ඔප්පු කර ඇත, එය විවිධ වර්ගයේ පිළිකා සුව කිරීමට උපකාරී වේ.

පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී කරවිල භාවිතා කිරීමෙන්, එය පිළිකාවේ මාරාන්තික සෛල පමණක් විනාශ කරයි. එය නිරෝගී සෛල වලට බලපාන්නේ නැත.

මීට අමතරව කරවිල වල ඇති ඇමයිනෝ අම්ල සහ පොලිෆෙනෝල් ඔක්සිඩේස් අධි රුධිර පීඩනය, රුධිර සංසරණය සමතුලිත කිරීමට, රුධිර කැටි ගැසීම අඩු කිරීමට සහ ගැඹුරු ශිරා ත්‍රොම්බොසිස් ඇතිවීම වළක්වා ගත හැකිය.

ඔබ මෙය කියවූ පසු, එය පවුලේ අයට සහ මිතුරන්ට යවන්න. ඔබේ සෞඛ්‍යය ගැන හොඳින් සැලකිලිමත් විය යුතුය. (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.)”

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙම ක්‍රමය අනුගමනය කිරීමට බොහෝ දෙනෙකු ඉඩ ඇති බවකි.

මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

විවිධ රෝග සහ ආබාධ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රයෝජනවත් වන ඖෂධීය ශාක සහ ඒවායේ නිෂ්පාදන බහුල ප්‍රභවයන් ස්වභාවධර්මයෙන් උරුම වී තිබේ. Momordica charantia, ලෙස විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කරවිල , සාම්ප්‍රදායික ඖෂධ ක්‍රමයේ භාවිතා වන, ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා ප්‍රසිද්ධියක් උසුලන එවැනි ශාකයකි. මෙම ශාකය ආසියාව, ඇමේසන්, නැගෙනහිර අප්‍රිකාව සහ කැරිබියානු නිවර්තන ප්‍රදේශ ඇතුළුව ලොව පුරා බොහෝ ප්‍රදේශවල වගා කරන අතර එළවළු මෙන්ම ජන වෛද්‍ය විද්‍යාවේ ද, භාවිතා කරයි. මෙම ශාකයේ ප්‍රතිඔක්සිකාරක, anti-inflammatory, පිළිකා නාශක, ප්‍රති-දියවැඩියා, ප්‍රතිබැක්ටීරීයා, ප්‍රති-තරබාරුකම සහ ප්‍රතිශක්තිකරණ ගුණාංග ඇති බවට වාර්තා වේ.

ශාක නිස්සාරණය ඇපොප්ටෝසිස්, සෛල චක්‍ර නැවැත්වීම, ස්වයංක්‍රීයකරණය සහ පිළිකා ප්‍රාථමික සෛල නිෂේධනය කිරීම මගින් පිළිකා සෛල වර්ධනය වළක්වයි. මෙම ශාකය cucurbitane වර්ගයේ triterpenoids, triterpene glycosides, phenolic අම්ල, ෆ්ලේවනොයිඩ්, සගන්ධ තෙල්, saponins, මේද අම්ල සහ ප්‍රෝටීන වැනි ජෛව සක්‍රීය රසායනික සංඝටක වලින් පොහොසත් ය. සමහර හුදකලා සංයෝග (Kuguacin J, Karaviloside XI, Kuguaglycoside C, Momordicoside Q-U, Charantin, α-eleostearic අම්ලය) සහ ප්‍රෝටීන (α-Momorcharin, RNase MC2, MAP30) ප්‍රබල ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් ඇත.

වර්තමාන සමාලෝචනයේදී, අපි Momordica charantia හි ප්‍රතිඔක්සිකාරක, anti-inflammatory සහ පිළිකා මර්දන ක්‍රියාකාරකම් සහ වැදගත් රසායනික සංඝටක පිළිබඳ කෙටි වාර්තාවක් සාරාංශ කරමින්, ශාකයේ සවිස්තරාත්මක ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් ස්ථාපිත කිරීමට සහ නව ඖෂධ නිපදවීමට පදනම සපයයි. ඒ බවට National Library of Medicine හි පළ වූ අධ්‍යන වාර්තාවක් මෙතනින්. Archived Link. කරවිල (wild bitter gourd) වලින් ලැබෙන ට්‍රයිටර්පෙනයිඩ් පියයුරු පිළිකා සෛල වළක්වන බවට පළ වූ අධ්‍යන වාර්තාවක් මෙතනින්. Archived Link

නමුත් ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි උණු වතුර වලට කරවිල කැබලි එකතු කර පානය කිරීමෙන් පිළිකා සුව වන බවට සඳහන් අධ්‍යනයක් අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට නොලැබුණි.

බීජිං හමුදා මහ රෝහලේ චෙන් හුයි රෙන් නමැති මහාචාර්යවරයා

එමෙන් ම එම සටහනේ පෙන්වා දුන් පරිදි බීජිං හමුදා මහ රෝහලේ චෙන් හුයි රෙන් නමැති මහාචාර්ය වරයා විසින් මෙම ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධයෙන් පවසා ඇති බවයි. එම නමින් පිළිගත් වෛද්‍යවරයෙකු පිලිබඳ විස්තර අපට හමු නොවූ අතර මීට පෙර AFP සිදුකළ ව්ම්ර්ෂණයක දී පෙන්වා දෙන්නේ, ඊට සමාන නමකින්, එනම් Chen Huiren නමැති බීජිං හමුදා රෝහලේ සත්‍ය වශයෙන් ම මහාචාර්යවරයෙකු සිටින බවයි.

2018 දී චීන රාජ්‍ය පුවත්පතක් වන බීජිං යූත් ඩේලි සමඟ සම්මුඛ සාකච්ඡාවකදී එම වෛද්‍යවරයා සඳහන් කර තිබුණේ, තමන්ගේ නම සහ තමන් සේවය කරන රෝහලේ නම මෙන් ම තමන්ගේ අත්සන ද, යොදාගෙන අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවනු ලබන බවයි.

එමෙන් ම Chen Huiren මහචාර්යවරයා වැඩිදුරටත් පවසා තිබුණේ, තමාගේ ප්‍රධාන විෂය රක්තවේදය බවත්, තමන් පිළිකා මර්දන ආහාර ගැන විශේෂ පර්යේෂණ කිසිවක් සිදු කර නොමැති බවයි. එසේම කිසිදු පිළිකා වැළැක්වීමේ ගතයුතු ආහාර පිළිබඳ ලිපි පළ කර නොමැති බවත් එම වෛදවරයා සඳහන් කර තිබුණා. AFP| Archived Link

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක

වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක මහතා සඳහන් කළේ, ඉහත සටහනේ දක්වා ඇති ඇතැම් කරුණු නිවැරදි වුව ද කරවිල භාවිතයෙන් පමණක් පිළිකා සුව නොවන බවත්, නමුත්, පිළිකා වළක්වා ගැනීමට උපකාරී වන බවයි. කරවිල තුළ ඖෂධීය ගුණ රාශියක් ඇති බවත්, බොහෝ විට කරවිල ආහාරයක් ලෙස ගත් විට ඖෂධවල ඖෂධීය බලපෑම අඩු කරන බවත්, ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ

එමෙන්ම, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය මේ පිළිබඳව සඳහන් කළේ, පළතුරු මෙන්ම එළවළු ශරීරයට අහිතකර නොමැති හෙයින් ඒවා ආහාරයට ගැනීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

පළතුරු, එළවළු ආහාරයට ගැනීම, පිළිකා වර්ග මෙන්ම, දියවැඩියාව, අධික රුධිරපීඩනය, අධික ස්ථුලතාවය වැනි රෝග වළක්වා ගැනීමට හේතු වන නමුත් පිළිකාවට ප්‍රතිකාරයක් ලෙස හැඳින්විය නොහැකි බව තහවුරු කර සිටියා.

පිළිකා වලට ප්‍රතිකාර ක්‍රම බොහෝමයක් ඇති අතර බටහිර විද්‍යාවේ ප්‍රතිකාර ලෙස, ඖෂධ ලබා ගැනීම, සැත්කම් කර පිළිකා ඉවත් කිරීම්, විකිරණ ප්‍රතිකාර වැනි දෑ ඇති අතර කුමන පතිකර්මයකට යොමු විය යුතු ද යන්න අදාළ වෛද්‍යවරුන් තීරණය කරන අතර එම ප්‍රතිකාර වෛද්‍යවරුන් නොවන අයට ප්‍රතිකාර ක්‍රම ලෙස උපදෙස් ලබා දිය නොහැකි බවයි සඳහන් කළේ.

පිළිකා වැනි තත්ත්වයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි සටහන් වල දැක්වෙන උපදෙස් අනුගමනය නොකර ප්‍රතිකාර අවස්ථා සඳහා පිළිකා සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා එම ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමු වීම කළ යුතු බවයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය තවදුරටත් අවධාරණය කළේ.

Also Read : අන්නාසි කැබලි උණුවතුරට දමා බීමෙන් පිළිකාව සුව වෙන්නේ නැහැ!
පිළිකා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වෛද්‍ය ගුප්තාගේ උපදෙස් බවට හුවමාරු වන පෝස්ටුවේ ඇත්ත නැත්ත!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කරවිල තුනී පෙති 2-3ක් උණු වතුර වීදුරුවකට දමා සෑම දිනකම අවම වශයෙන් එක් වරක්වත් පානය කිරීම පිළිකා සඳහා ප්‍රතිකාරකයක් බවට පළ වන සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.

කරවිල මඟින් ඇතැම් පිළිකා සෛල වර්ධනය වළක්වාලීමේ ගුණාංග පෙන්වා ඇති බවට ජාත්‍යන්තර අධ්‍යන වාර්තා ඇතත්, ඉහත ක්‍රමය අනුගමනය කිරීමෙන් පිළිකා වළක්වා ගැනීමේ ක්‍රමයක් සම්බන්ධයෙන් කිසිදු ස්ථානයක සඳහන් නොවේ.

එමෙන් ම ඉහත සටහනේ සඳහන් කර ඇති මහචාර්යවරයා පවසා තිබුණේ, තමන්ගේ ප්‍රධාන විෂය රක්තවේදය බව ත්, තම න් පිළිකා මර්දන ආහාර ගැන විශේෂ පර්යේෂණ කිසිවක් සිදු කර නොමැති බවයි, තව ද, කිසිදු පිළිකා වැළැක්වීමේ ගතයුතු ආහාර පිළිබඳ ලිපි පළ කර නොමැති බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:උණු වතුර වීදුරුවකට කරවිල පෙති දමා බීමෙන් පිළිකා සුව වනවාද?

Written By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News