මාලිමා රජයක් යටතේ රෝගියෙකුට දැඩි සත්කාර ඒකකයක(ICU) ප්‍රතිකාර ගත හැකි උපරිම දින ගණන 3ක් ද?

Update: 2023-10-14 17:05 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දැඩිසත්කාර ඒකකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වූ මෙවන් වකවානුවක මාලිමා රජයක් යටතේ එම ඒකකයේ ප්‍රතිකාර ගතහැකි දවස් ගණන සම්බන්ධයෙන් දැක්වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මාලිමා රජයක් යටතේ රෝගියෙකුට දැඩි සත්කාර ඒකකයක(ICU) ප්‍රතිකාර ගත හැකි උපරිම දින ගණන 3ක් දක්වා සීමා කරන බවට වෛද්‍ය නලින්ද ජයතිස්ස  පැවසූ බවට සඳහන් කරමින් සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

මෙහි නිරවද්‍යතාවය විමසමින් අපට ලැබුණු ඉල්ලම් මුල් කර ගනිමින් ද, මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් දැඩි සත්කාර ඒකකයක(ICU) ප්‍රතිකාර ගත හැකි උපරිම දින ගණන 3ක් බවට සඳහන් කළ බවට සිදු කළ ප්‍රකාශයක් අපට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.

අප එම මහතාගේ නිල ෆේස්බුක් පිටුව හරහා මෙන් ම, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය ප්‍රධාන ෆේස්බුක් පිටුවල ද, ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කළ අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් ඇත් ද, යන්න පරීක්ෂා කළ ද, එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් සඳහනක් නොවීය.

ඉන් අනතුරුව අප මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන්ගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එය අසත්‍ය තොරතුරක් බවත්, නලින් ද, ජයතිස්ස  විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

මාස 14ක් පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයකයේ ප්‍රතිකාර ගනිමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ අභාවයත් සමග මෙම මාතෘකාව නැවතත් කරළියට පැමිණියා.

එවැනි කාලයක් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයකයේ ප්‍රතිකාර ගැනීම සමාජයේ වරින් වර විවේචනය මතු වීමත් සමග ඒ පිළිබඳ නියාමනයක් තිබිය යුතු බවට බොහෝ දෙනාගේ මතයක් වී තිබුණා. මේ හේතුවෙන් ඉහත පරිදි ව්‍යාජ සටහන්, වෛද්‍ය නලින්ද ජයතිස්ස ඉලක්ක කරමින් නිර්මාණය වී ඇති බවක් අනුමාන කළ හැක.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් දැඩි සත්කාර ඒකකයේ(ICU) ප්‍රතිකාර ගත හැකි උපරිම දින ගණන 3ක් බවට සීමා කිරීම මාලිමා රජයක් යටතේ සිදු කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි.

ඔහු එවන් ප්‍රකාශයක් කර නොමැති බවට අප කළ විමර්ශනයෙන් තහවුරු වූ අතර ජවිපෙ මාධ්‍ය අංශයද, ඒ පිළිබඳ තවදුරටත් සනාථ කළා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මාලිමා රජයක් යටතේ රෝගියෙකුට දැඩි සත්කාර ඒකකයක(ICU) ප්‍රතිකාර ගත හැකි උපරිම දින ගණන 3ක් ද?

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News