සෝයා මීට් සාදන්නේ පුන්නක්කුවලින් ද?

Update: 2023-11-18 10:50 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සෝයා මීට් ලාංකික අප බහුල වශයෙන් භාවිතා කරන ආහාරයක්. සත්ව මාංශ වලින් තොර නිර්මාංශ ආහාරයක් ලෙසද සෝයා මීට් ප්‍රකටයි. කෙසේවෙතත් සමාජ ජාලා තුළ හුවමාරු වූ ඇතැම් සටහන් මගින් සෝයා මීට්හි පෝෂණ ගුණ ප්‍රශ්න කරමින් පවසන්නේ එය සාදන්නේ පුන්නක්කු වලින් බවත් එහි අඩංගු රසකාරක මිශ්‍රණය වසක් බවයි. ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් මේ.

සමාජ ජාලා සටහන්

සෝයා මීට් සාදන්නේ පුන්නක්කු වලින් බවට පළවූ දස දහස් වාරයකටක් වඩා හුවමාරු කරගෙන තිබු සටහනක් පහතින්.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මෙහි සත්‍යතාව පිලිබඳ බොහෝ දෙනෙක් විමසා තිබු බැවින් ඒ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

පුන්නක්කු ලෙස හැදින්වෙන්නේ මොනවාද ?

සාමාන්‍ය ව්‍යවහාරයේදී පුන්නක්කු (Poonac) ලෙස හැදින්වෙන්නේ පොල් තෙල් සිදීමට පොල් කැබලි (කොප්පරා), යන්ත්‍රයකට දමා ඇඹරීමෙන් පසුව ඉතිරිවන කොටසයි. ඒවා වේලා සත්ව ආහාර ලෙස යොදාගන්නා අතර ඊට අමතරව වෙනත් ප්‍රයෝජන සඳහා ද භාවිතා කරයි.

විශේෂයින්ම ගවයන් වැනි සතුන්ගේ ආහාරයක් ලෙස ලංකාව, ඉන්දියාව ඇතුළු කලාපයේ රටවල යොදා ගන්නා පුන්නක්කු Coconut Oil Cake Punnakku යනුවෙන් ද හැඳින්වෙනවා.

“සෝයා මීට්” යනු මොනවාද ? ඒවා නිෂ්පාදනය කිරීම සදහා යොදාගන්නා ද්‍රව්‍ය මොනවාද?

සෝයා මීට් ( Textured Soya Protein ) ලෙස හදුන්වන්නේ ශාඛමය ප්‍රෝටීන් ( plant protein) ගන්න තියන හොඳම ප්‍රභවයක්. සෝයා මිට් නිෂ්පාදනයට යොදාගන්නා සෝයා බීජ ලබාගන්නේ සෝයා බෝංචි ශාඛයෙන්.

සෝයා ඇට (soya beans) වලද අනික් බිජ වල වගේ තෙල් තියනවා. ඒවායෙන් soya oil ඉවත් කල විට defatted soy flour ලෙස හැදින්වේ (ඒ තෙල් එළවලු තෙල් වර්ගයක් ලෙසද වෙළඳපොලට පැමිණෙනවා).

ඉන් අනතුරුව deffated soy flour නැවත වාරයක් texturize කරන අතර මස් වල තියන texture එක (භෞතික ස්වභාවය/වයනය ) ලබාගැනීමට එසේ සිදුකරයි. මේ සදහා ජලය භාවිතා කරයි. පසුව එය වියලා ඇසුරුම් කරයි . මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබාගත හැකියි මෙතනින් Archived

සෝයා මිට් සාදන ආකාරය පිළිබද විදෙස් රටක පටිගතකරන ලද වීඩියෝවක් පහතින්.

https://youtu.be/f4NCnLgwbfY

ලංකාවේ ආයතනයක සෝයා මීට් නිෂ්පාදන ක්‍රියාවලිය

සෝයා මිට් නිෂ්පාදනයේදී ඉහත ක්‍රියාවලිය සිදුවන බව ලංකාවේ ප්‍රධාන සෝයා මිට් නිෂ්පාදන සමාගමක් වන ලංකා සෝයි නිෂ්පාදන කළමනාකාරයෙකු ද අප සිදු කරන ලද විමසුමකදී තහවුරු කර සිටියා.

කෙසේ වෙතත් ලංකාවේ සෝයා මිට් නිෂ්පාදනයේදී තෙල් ඉවත්කරන ලද සෝයා පිටි බොහෝ විට ඉන්දියාවෙන් ආනයනය කරන බවයි. එයට හේතු ලෙස ඔහු දක්වා සිටියේ ලංකාවේ සෝයා බෝංචි වගාව සීමිත වීම සහ සෝයා බෝංචි හරහා පිටි නිස්සරණය කිරීමේ මහා පරිමාණයේ කර්මාන්තශාලා ද නොමැති වීමයි.

එසේම සෝයා පිටි ජලය සමග කලවම් කර texturize ක්‍රියාවලියට ලක්කරන බවත් එය ලංකාවේ කර්මාන්තශාලා වලදී සිදුවන බවයි ඔහු පැවසුවේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ සෝයා මිට් සමග නිකුත් කරන කුඩා රසකාරක පැකට්ටුවේ ඇත්තේ අනෙකුත් බොහෝ ලංකාවේ භාවිතවන රසකාරක වර්ග අදාළ රාජ්‍ය ආයතනවල අනුමැතිය ලත් රසකාරක බවයි.

සෝයා බෝංචිහි අඩංගු පෝෂක

රනිල කුලයට අයත් අනෙකුත් බෝග බොහොමයක් මෙන් නොව සෝයා බෝංචි මඟින් ලැබෙන කැලරි ප්‍රමාණයෙන් 35% – 38% වැනි ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වෙනවා. සෝයා මිට් සකස් කිරීමට යොදාගන්නා defatted Soy Flour යනු පෝෂණ ද්‍රව්‍ය බහුල ලෙස අඩංගු සංයෝගයක්.

සෝයා ප්‍රෝටීන් ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක්..

සිරුරට අවශ්‍ය ඇමයිනෝ අම්ල බහුලව මෙහි අඩංගු නිසා ප්‍රෝටීන් බහුල ආහාරයක් (නිර්මාංශ ආහාර ලබාගන්නා අයට බොහෝ ප්‍රයෝජනවත් )

කැල්සියම් ,යකඩ ,මැග්නීසියම් ,තන්තු ආදී පෝෂ්‍ය ද්‍රව්‍ය බහුලව අඩංගුයි.

පිෂ්ඨය අඩංගු ඉතා අවම වශයෙන්

තෙල් /මේදය අවම නිසා හෘද සෞඛ්‍යයට හිතකරයි

සිරුරේ බර කලමානාකරණය කර ගැනීමට උචිතයි.

එහි අඩංගු ඇමයිනෝ අම්ල/ප්‍රෝටීන් බහුල ස්වභාවය මාංශ පේශීන් වර්ධනයට බොහෝ හිතකරයි.

සමහර පුද්ගලයන්ට මස් මාංශ ආහාර ගැනීම නිසා අතුරු ආබාධ ආදී තත්ත්වයන් ඇතිවන අතර ,ශාඛමය ආහාරයක් ලෙස සෝයා මිට් , මස් මාංශ වෙනුවට පරිභෝජනය කළ හැක. මේ සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින්. සෝයා බෝංචි මඟින් ලැබෙන පෝෂණ පිලිබඳ පර්යේෂණ පත්‍රිකාවක් මෙතනින්.

එසේම මෑතක දී වෛද්‍ය දිනුජා රූපසිංහ සහභාගී වූ වැඩසටහනක දී ශාකමය ආහාර ඔස්සේ, විශේෂයෙන්ම සෝයි බෝංචි වැනි ඇට වර්ගවලින් ලැබෙන ප්‍රෝටීන සහ ඒ ඔස්සේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරාලිය හැකි ආකාර පිළිබඳව අදහස් දැක්වූ අවස්ථාවක් මෙතනින් (18 විනාඩියේ සිට)

සෝයි නිෂ්පාදන සහ පිළිකා අවදානමක් පිළිබඳව ද මත රැසක් කාලයක් තිස්සේ හුවමාරු වුවද සෝයා ආහාරයට ගැනීමෙන් එවැනි කිසිඳු අන්තරාදායක තත්වයක් පෙන්නුම් කර ඇති බවට පිළිගත හැකි සාක්ෂි නොමැත. ඒ පිලිබඳව සහ පිළිකා සම්බන්ධයෙන් ද පළවූ දුර්මත පිලිබඳ ඇමරිකානු පිළිකා පර්යේෂණ ආයතනය පළකර තිබු ලිපි මෙතනින් සහ මෙතනින්.

Also Read: සුප් කැට වල පිළිකා කාරක අඩංගු ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

සෝයා මිට් සාදන්නේ සෝයා බෝංචි ශාඛයේ බීජ මූලික වශයෙන් යොදාගනිමින් ඒවායේ තෙල් ඉවත්කර තනනු ලබන මේදය රහිත සෝයා පිටිවලට ජලය ආදී අත්‍යවශය ද්‍රව්‍ය කිහිපයක් එයට එකතු කරමිනි.

පුන්නකු යනු පොල් තෙල් සිදීමට ගන්නා පොල් කැබලි (කොප්පරා), යන්ත්‍රයකට දමා ඇඹරීමෙන් පසුව ඉතිරිවන කොටස වන අතර එවැනි කොටස් සෝයා බෝංචි නිෂ්පාදනවලට යොදාගැනෙන්නේ නැහැ.

සෝයා මිට් පැකට එක තුළ වෙනමම අඩංගු රසකාරක මිශ්‍රණය අනුමත රසකාරක වන අතර පිළිකාකාරක ලෙස සලකා තහනම් කර ඇති ද්‍රව්‍ය එහි අඩංගු නොවේ .

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සෝයා මීට් සාදන්නේ පුන්නක්කුවලින් යනුවෙන් පැතිර යන අසත්‍ය සටහන් පෙළක්!

Written By: Fact Crescendo Team

Result: False

Tags:    

Similar News