මෝඩි, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා සමග සේයාරුවකට හෝ පෙනී නොසිට, ලෝක කුසලානය දී එසැණින් වේදිකාවෙන් ඉවත් වුණා ද?

Update: 2023-11-20 07:23 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගියදා අවසන්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී, මේ දක්වා අපරාජිතව සිටි ප්‍රබල ඉන්දීය පිළ පරාජයට පත්කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ මිලියන ගණනක්වූ ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු බිද හෙලමින්. ලාංකේය සමාජ ජාලා පරිශිලකයන්ද මේ සම්බන්ධ ව විවිධ සමාජ ජාලා සටහන් පළකර තිබුණා.

සමාජ ජාලා සටහන් 

වීඩියෝවක් පදනම් කරගෙන පැතිරුණු සමාජ ජාලා සටහනකින් කියවුනේ ඉන්දීය අගමැති මෝඩි විසින්, ඕස්ට්‍රේලියානු නායකයාට කුසලානය ලබාදී , ඔහු සමග සේයාරුවකට හෝ පෙනී නොසිට වේදිකාවෙන් පිටත්ව ගිය බවයි.

Full View

Facebook | Archived

මේ සම්බන්ධයෙන් පරිශීලකයන් අදහස් දක්වා තිබුණේ පහත අයුරින්.

තවත් බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබු මෙම කෙටි වීඩියෝව දුටු විට බැලු බැල්මටම හැඟෙන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි, ඔස්ටේලියානු නායකයාට ලෝක කුසලාන ලබා දී ක්ෂණයෙන් එම වේදිකාවෙන් ඉවත්ව යන ආකාරයක්.

මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

අප මෙවන් කරුණක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන්න සොයා බැලුවත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ .

ඕස්ට්‍රේලියා ක්‍රිකට් නායකයාට කුසලානය පිරිනමන අයුරු සේයාරූ සටහන්වල දැක්වුණේ පහත අයුරින් 

Full View

ඉන් අනතුරුව අප සොයා බැලුවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ කොටස ඇතුළත් සම්පුර්ණ දිගු වීඩියෝ දර්ශන පෙළක් පරික්ෂා කිරීමටයි.

අවසන් මහ තරඟය ජයග්‍රාහි ඕස්ට්‍රේලියානු නායකයාට ලෝක කුසලානය පිරිනමන අවස්තාව ඇතුළත් දිගු වීඩියෝවක් පහතින්.

https://twitter.com/rishibagree/status/1726441756441575786

ලෝක කුසලානය ඕස්ට්‍රේලියානු නායකයට පිරිනැමීමට, ඉන්දීය අගමැති මෝඩි සමඟ  ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති Richard Marles ද වේදිකාව මතට පැමිණේන ආකාරය එහි දැක්වෙනවා. එම අවස්තාව දැක්වෙන තවත් දීර්ඝ වීඩියෝවක් මෙතනින්

එසේම ලෝක කුසලානය ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් වෙත පිරිනමා ඉන්දීය සහ ඕස්ට්‍රේලියානු රාජ්‍ය නායකයින් දෙපළම ඔහුට සුභ පතන ආකාරය ද එහිදී දැක ගන්නට ලැබෙන අතර වේදිකාවෙන් ඉවත්ව ගොස් මෝඩි ඉන්පසුව අනෙකුත් ඔස්ටේලියානු ක්‍රීඩකයින් වෙත සුභ පතන ආකාරයක් ද එහි දැක්වෙනවා.

මෙහිදී ඕස්ට්‍රේලියානු නායකයා බලා සිටින්නේ ඔහු සමඟ වේදිකාවට පැමිණ ජයග්‍රහණය සැමරීමට, අනෙකුත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පැමිණෙන තුරුයි. මෙය 6 වෙනි වතාවටත් එක්දින ලෝක කුසලානයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් අත්පත් කරගත් අවස්ථාවයි. වීඩියෝව

සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු ලෙස හුවමාරු වූ වීඩියෝව සහ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ දී කුසලානය පිරිනමා සුභ පතන ආකාරය දැක්වෙන සම්පුර්ණ වීඩියෝ අතර සංසන්දනයක් පහතින්.

https://youtu.be/E4Zkq0I_Vuk

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ මෝඩි අගමැතිවරයා විසින් ලෝක කුසලානය ලබාගත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා සමග සේයාරුවකට හෝ පෙනී නොසිටි, ලෝක කුසලානය ලබාදුන් සැණින්ම එම වේදිකාවෙන් ඉවත්වන බවට සමාජ ජාලාවල පළවන වීඩියෝව නොමඟ යවන සුළු ලෙස සිදුකළ සංස්කරණයක් බවයි.

ඉන්දීය අගමැතිවරයා ලෝක කුසලානය ප්‍රධානය කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා සමග සේයාරූ වලට පෙනී සිට ඇති අතර ඕස්ට්‍රේලියානු නායකයාට සුභ පතා වේදිකාවෙන් ඉවත්ව ගොස් අනෙකුත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට ද සුභ පතන අයුරු දැකගන්නට ලැබෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මෝඩි, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා සමග සේයාරුවකට හෝ පෙනී නොසිට, ලෝක කුසලානය දී එසැණින් වේදිකාවෙන් ඉවත් වුණා ද?

Written By: Fact Crescendo Team

Result: Misleading

Tags:    

Similar News