ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂාව අවතක්සේරුවට ලක්කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු ඡායාරූපයේ ඇත්ත කතාව!

Update: 2023-11-30 05:53 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳව මෑතක සිට සමාජයේ විශාල අවදානයක් යොමු වුණා. කෙසේ වෙතත්, මේ සමබ්න්ධව පලවන ඇතැම් සමාජ මාධ්‍ය පලකිරීම් නොමඟ යවන සුළු සහ සාවද්‍ය තොරතුරු විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් සොයා බැලීම ඉතා වැදගත්.

ඒ අනුව මෙම ලිපිය ඔස්සේ ද, ශ්‍රී ලංකන් ගුවන් සමගම වෙත චෝදනා එල්ල වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ නොමඟ යවන සුළු ඡායාරූපයක් ගැන අප විමර්ෂණය කිරීමට කටයුතු කළා.

සමාජ මාධ්‍ය සටහන්

ගුවන් යානයක් තුළ සිටි මගියෙකු විසින් ගත්තා යැයි පැවසෙන ඡායාරූපයක් වන මෙයින් දැක්වෙන්නේ, ගුවන් යානයේ කවුළුවක් තුළින් හානි වී, ඊට විසඳුම් වශයෙන් වෙළුම් පටිවලින් වෙලූ ගුවන් යානා තට්ටක් පෙනෙන අන්දමයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක ප්‍රමිතීන් ගැන විශාල සැකයක් සහ භීතියක් ඇතිකරවන පරිදි, මෙම ඡායාරූපය සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබුණා.

ෆේස්බුක් | සං‍රක්ෂිත

මීට පහත පරිදි විශාල ප්‍රතිචාර ප්‍රමාණයක්ද සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් එක් කර තිබුණා.

ඒ අනුව මේ පිළිබඳව කරුණු විමර්ෂණයක් සිදු කිරීමට අප තීරණය කළා.

කරුණු විමර්ෂණය

රිවර්ස් ඉමේජ් පරීක්ෂාව: මීට සමාන යම් පින්තූරයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ වෙනත් පිළිගත් මූලාශ්‍ර ඔස්සේ වාර්තා වී තිබුනේදැයි විමසා බැලීමට අප විසින් රිවර්ස් ඉමේජ් පරීක්ෂාවක් සිදු කළා. ඒ අනුව මෙම ඡායාරූපය පසුගිය දින කිහිපය තුළ උපහාසාත්මක බව හැඟවෙන ලෙස ලෝකයේ බොහෝ ප්‍රදේශවල පලවී තිබුණ බව දැක ගැනීමට ලැබුණා. නමුත් මෙලෙස හුවමාරු වූ ඡායාරූපයේ හිමිකම් සඳහා විශ්වාසදායක වාර්තා හෝ පුවත් ලිපි කිසිවක් අපට සොයා ගැනීමට නොහැකි වුණා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා විසින් මෙම ඡායාරූපය ව්‍යාජ එකක් බවත්, එය හුදෙක් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයට මඩ ගැසීම සඳහා සිදු කළ ව්‍යාපාරයක පියවරක් බවත් ප්‍රකාශ කර සිටියා.

AI විශ්ලේෂණය: විවිධ කෘත්‍රිම බුද්ධි (AI) මෘදුකාංග සහ ඡායාරූප සංස්කරණ අනාවරක මෘදුකාංග යොදාගෙන මෙම ඡායාරූපය තවදුරටත් විමර්ෂණය කෙරුණා. එහි ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ මෙම ඡායාරූපය සත්‍ය එකක් නොවන බවයි. ඒ අනුව මෙය යම් ඩිජිටල් මෘදුකාංගයක් භාවිතයෙන් නිර්මාණය කර හෝ සංස්කරණය කර ඇති බව පෙන්නුම් කළා. ඒ අනුව මෙම ඡායාරූපයේ කිසිදු සත්‍යතාවක් පවතින්නේ නැහැ. 

FakeImageDetector

තවද, ගුවන් යානයේ තටුවක අලුත්වැඩියාවක් සඳහා ටේප් භාවිතයෙන් වෙළුම් සිදු කිරීම යොදාගැනීම ප්‍රායෝගිකව සිදු නොවන බව අවබෝධයක් තිබීම වැදගත්. වෘත්තීය ගුවන් යානා නඩත්තුව නිශ්චිත, ක්‍රමවත් ක්‍රියාපටිපාටියකට අනුව සිදු කෙරෙන අතර, එහිදී ගුවන් යානයේ සහ එහි ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව සහ අඛන්ඩතාව සහතික කිරීම සඳහා, මේ සඳහාම විශේෂයෙන් නිපදවා ඇති අමුද්‍රව්‍ය ආදිය භාවිත කෙරෙනවා. ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින්, ගුවන් යානාවල ඇලවුම් බන්ධන (ලෝහ බන්ධන ද ඇතුලත්ව), ශක්තිමත් කරන ලද තන්තු සහිත ද්‍රව්‍ය විසින් සාදන ලද ව්‍යුහයන් අලුත්වැඩියා කිරීම සහ වෙනස් කිරීම පිළිබඳව තොරතුරු සහ මාර්ගෝපදේශණය සපයා දෙනවා. (මූලාශ්‍රය)

අපගේ කරුණු විමර්ෂන පිළිබඳව තොරතුරු දැනගැනීමට එක් වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ෂණ ක්‍රියාවලියට අනුව, මෙම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපය නොමඟ යවන සුළු බවත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂිත තත්ත්වයන්ගේ අනතුරුදායක බව දැක්වෙන අවස්ථාවක් නොවන බවත් පැහැදිලි වනවා.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් යානයක තටුවලට මෙසේ හානි වූ බව හෝ මෙය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානයකදී මගියෙකු විසින් ගත් ඡායාරූපයක් බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නැහැ. එමෙන්ම මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධි යොදාගනිමින් ප්‍රතිනිර්මාණය කළ එකක් බවට පෙනී යනවා.

යම් හානියක් ඇති කරන අන්දමේ අන්තර්ගතයන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීමට පෙර එවැනි කරුණු තහවුරු කරගැනීම ඉතාම වැදගත්. මෙම ඡායාරූපය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඇති ගැටලුවකට වඩා ඩිජිටල් මෙහෙයවීමක ප්‍රතිඵලයක් බව පෙනී යනවා.

Original English Article URL: Misleading Photo Goes Viral, Undermining The Safety Of Sri Lankan Airlines!

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ශ්‍රී ලංකා ගුවන් සේවයේ ආරක්ෂාව අවතක්සේරුවට ලක් කරන අන්දමේ නොමඟ යවන සුළු ඡායාරූපයක් විසින් සමාජය තුළ ආන්දෝලනයක් ඇති කරයි!

Written By: Fact Crescendo Team

Result: False

Tags:    

Similar News