යුද්ධය හේතුවෙන් විනාශ වූ තම නිවසේ සුන්බුන් යොදා, ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවට සමාන පිළිරුවක් නිර්මාණය කළ අවස්ථාවක් ද ?

Update: 2023-12-01 06:38 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දශක කිහිපයක් පුරාවට රටේ පවතින සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සිරියානු ජනතාව දිගු කලක් තිස්සේ මහත් දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටියි. මෙම දුෂ්කරතාවලට ප්‍රතිචාර වශයෙන්, ඇතැම් සිරියානු කලාකරුවන් විසින්, සිය රටවැසියන් මුහුණදෙන අභියෝග සහ ගැටුම් වල කුරිරු යථාර්ථයන් පැහැදිලිව නිරූපණය කෙරෙන කලා කෘති නිර්මාණය කිරීමටත් පෙළඹ තිබෙනවා. කෙසේ වෙතත් මෙම කලා කෘති විවිධ අවස්ථාවලදී වැරදි ලෙස අර්ථකථනය කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති අවස්ථා බොහෝමයකි.

සමාජ ජාලා සටහන් 

පවතින යුද්ධය හේතුවෙන් විනාශ වූ නිවසේ සුන්බුන් යොදා ගනිමින් සිරියානු කලාකරුවෙකු විසින් ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාවට සමාන ප්‍රතිමාවක් නිර්මාණය කර ඇති බව එක්තරා ඡායාරූපයක් පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා වල මෙලෙස පළ කර තිබෙනවා.

Facebook| Archived

අපි මේ පිළිබදව කරුණු පරීක්ෂා කළෙමු.

Fact Check 

මේ පිළිබඳව සිදුකළ පරික්ෂාවේ දී අපට තහවුරු වුයේ මෙම සමාජ මාධ්‍ය පළ කිරීම් අලුත් ඒවා නොවන බව අපට පෙනී ගිය අතර, 2016 දී පමණ ප්‍රචලිත වූවක් බවද සොයා ගත හැකි විය. 2016 දී Al Arabia විසින් පළ කරන ලඳ, Tamam Azzam චිත්‍ර ශිල්පියා සමඟ සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක සංරක්ෂිත අන්තර්ජාල ලිපියක්(Archived Version) අපට හමු විය.

Tamam Azzam සමඟ සම්මුඛ සාකච්ඡාව: 

Al Arabia සම්මුඛ සාකච්ඡාවේ දී Tamam Azzam ප්‍රකාශ කරන්නේ ඉහත දක්වා ඇති රූපය අසත්‍ය අයුරින් හොවා දක්වා ඇති බවයි. 2012 දී එය නිර්මාණය කල වකවානුවේ ලැබුණු ධනාත්මක ප්‍රතිචාර හා සසඳන විට මෙම නිර්මාණයට 2016 වන විටත් පළව තිබු මෙවන් සමාජ ජාලා සටහන්වලින් ලබා දී ඇති වැරදි අර්ථකථනය පිළිබදව ඔහු පුදුමයට පත් වී තිබුණි.

කලා කෘති නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය:

එහිදී ප්‍රතිමාව භෞතිකව තම නිවසේ සුන්බුන්වලින් ප්‍රතිනිර්මාණය නොකළ බව අසාම් පැහැදිලි කරනවා. ඒ වෙනුවට, එය 2012 දී පරිගණක කලා කෘතියක් ලෙස (photomontage) නිර්මාණය කර කළ බවත්, මෙම කාර්යයට සිරියාවේ යුද්ධයෙන් බලපෑමට ලක් වූ ගොඩනැගිලිවල ඡායාරූප භාවිතා කර ඇති අතර ලිබර්ටි ප්‍රතිමාව තෝරාගෙන ඇත්තේ නිදහසේ සංකේතයක් ලෙස මිස එක්සත් ජනපද දේශපාලනයේ නියෝජනයක් ලෙස නොවන බව අසාම් අවධාරණය කළේය.

පහත දැක්වෙන පරිදි, Azzam 2012 සැප්තැම්බර් මාසයේදී ඔහුගේ ෆේස්බුක් හි කලා නිර්මාණය පළ කොට තිබුණි.

https://www.facebook.com/photo.php?fbid=10151029297552353&set=a.10150290455532353&type=3&ref=embed_post

Azzam අවධාරණය කරන්නේ ලිබර්ටි ප්‍රතිමාව මෙම නිර්මාණය සඳහා තෝරා ගත්තේ නිදහසේ සංකේතයක් ලෙස මිස එක්සත් ජනපද දේශපාලනයේ නියෝජනයක් ලෙස නොවන බවයි.

ව්‍යාජ ප්‍රචාර වල මූලාරම්භය: 

ඔහුගේම විනාශ වූ නිවස භාවිතා කරමින් සිරියානු කලාකරුවෙකු විසින් කල ප්‍රතිමාවක් බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින් සිරියානු ජනාධිපති අසාද්ගේ රෙජීමයට පක්ෂපාතී අය විසින් මෙම රූපය එම වකාවානුවේ අන්තර්ජාලය හරහා හුවමාරු කරගත් බව අසාම් සඳහන් කළේය. මෙය කලා කෘති හිතාමතාම වැරදි ලෙස නිරූපණය කිරීමක් බව ඔහු පෙන්නුම් කරයි.

Azzam පැහැදිලි කළේ, එය නිර්මාණය කරන අවස්ථාවේ දී, එය ශුභවාදී පණිවිඩයක් ගෙන ගිය බවයි. කෙසේ වෙතත්, මෙය බොහෝ කලකට පෙර නිර්මාණය කල බවත්, තමා අදහස් නොකළ අයුරින් වැරදි අරුත් මතුවන ආකාරයට එම රූපය භාවිතා කරන පුද්ගලයින්ට තමන් ප්‍රතිචාර නොදක්වන්නේ කලා කටයුතු වෙනුවෙන් එම කාලය වැය කරන නිසා බවත් බවත් ඔහු සඳහන් කර ඇත.

Al Arabia English සංරක්ෂිත ලිපිය මෙතනින් . මේ සම්බන්ධව විස්තරාත්මකව සදහන් වෙනත් ලිපියක් මෙතනින් .Archived

Tamam Azzam පිළිබඳ වැඩි විස්තර: 

2011 දී සිරියාවෙන් පිටව ගිය පසු, Azzam විසින් කලාව නිර්මාණය කිරීමට සහ ඔහුගේ මව් රට අහිමි වීම පිළිබඳ ඔහුගේ හැඟීම් ප්‍රකාශ කිරීමට නව ක්‍රම සොයමින් සිටි අතර, එය ලිබර්ටි ප්‍රතිමාවේ ඉහත CGI නිර්මාණය කිරීමට ඔහුව පොළඹවා තිබු බවට අසාම් පවසනවා.

සිරියාවේ අගනුවර වන ඩැමස්කස් හි උපත ලද Azzam දැනට ජර්මනියේ බර්ලින් නුවර වෙසෙමින් සේවය කරයි. ඔහුගේ ජීවිත කතාව පිළිබඳ වැඩි විස්තර Azzam ගේ වෙබ් අඩවියෙන් කියවිය හැක. Tammam Azzam ගේ නිල වෙබ් අඩවියේ විවිධ තේමාවන් මත photomontage නිර්මාණ පිළිබඳ වෙනම අංශයක් ඇත. මේ ඔහු සිරියානු කෞතුකාගාර යන තේමාව යටතේ වර්ගීකරණය කරන ලද එකතුවකි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

නිගමනය:

Tamam Azzam ඔහුගේම නිවසේ සුන්බුන් වලින් ලිබර්ටි ප්‍රතිමාව නැවත ගොඩනැගුවාය යන ප්‍රකාශය අසත්‍යයකි. මෙම රූපය 2012 දී Photomontage ලෙස සිදුකර තිබු පරිගණක කලා නිර්මාණයක් වන අතර, Azzam පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ එය ඔහුගේම නිවසේ සුන්බුන් යොදා ගනිමින් භෞතිකව නිර්මාණය කරන ලද්දක් නොවන බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:යුද්ධය හේතුවෙන් විනාශ වූ නිවසේ සුන්බුන් යොදා ගනිමින් ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවට සමාන පිළිරුවක් නිර්මාණය කළ අවස්ථාවක් ද ?

Written By: Fact Crescendo Team

Result: Missing Context

Tags:    

Similar News