ලංකාවේ වැව් ඉවුරේ දක්නට ලැබුණු භයංකර සත්ත්වයෙක් ද?

Update: 2023-12-18 16:21 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

නිතර ඇස නොගැටෙන සත්ත්වයින්, ස්වභාවික පරිසරයේ දී මෙන්ම මිනිස් වාසස්ථාන ආසන්නයේ ද දැක ගැනීමට මිනිසුන් තුළ තිබෙන්නේ මහත් කුහුහලයක්. එලෙසින් මෙරට දැකගැනීමට ලැබුණු අමුතු ජීවියෙක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

"මේ සතාගේ නම මොකක්ද? ඇයි මේ තණකොළ කන සතාට බය වෙලා" යනුවෙන් සඳහන් කරමින් විශාල ජලජ සතෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එමෙන් ම එම සත්ත්වයාට බිය වී කෑගසන කාන්තාවන්ගේ හඬ ද, එම වීඩියෝවේ පසුබිමින් ඇසෙයි.

Full View

Facebook

මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය විමසමින් අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් අපි මේ පිළිබඳව විමර්ශනය කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මුලින්ම ඉහත වීඩියෝවේ රූපරාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව ඉහත වීඩියෝව මීට අවුරුදු 3කට පෙර විදේශීය රටකට අයත් YouTube හි මෙන් ෆේස්බුක් හි පළ වී තිබූ බව දැකගන්නට ලැබුණා. නමුත් එම වීඩියෝවන්හි නමුත් ඉහත සඳහන් ආකාරයේ කාන්තාවන් බියට පත් වී ඇති අයුරු හැඟවෙන අයුරින් සිංහල බසින් කෑගසන ශබ්දයක් පසුබිමින් නොඇසේ.

https://youtu.be/IlRUuls2RGA?si=7YQdbsWXiVYQ5s7p

වීඩියෝවේ සැබවින්ම සිටින සත්ත්වයා කවුරුන්ද?

වීඩියෝවේ සිටින සත්ත්වයා Manatee නමැති Sirenia පවුලට අයත් ජලජ ක්ෂීරපායි සත්ත්වයෙකි. ඔවුන් ප්‍රධාන වශයෙන් ජලය සහ ඇතැම් අවස්ථා වල ලුණු සහිත ජලයේ දක්නට ලැබේ. Manatees විශේෂ වර්ග තුනක් සිටින අතර West Indian manatee (Florida සිට Brazil දක්වා), Amazonian manatee (ඇමසන් ගඟේ), සහ African manatee (අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ) වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

භෞමික හා සාගර ක්ෂීරපායින් පිළිබඳ විශේෂඥයෙකුගේ අදහස්...

භෞමික හා සාගර ක්ෂීරපායින් පිළිබඳ විශේෂඥ, සංරක්ෂණ ජීව විද්‍යාඥ ආචාර්ය රනිල් නානායක්කාර මහතා සඳහන් කළේ, වීඩියෝවේ සිටින සත්ත්වයා බොහෝ විට West Indian manatee වන බවයි. Manatee සත්ත්වයන් ශ්‍රී ලංකාවට ආවේණික නොවන බවත්, ඔවුන්ගේ ඓතිහාසික පැවැත්ම පිළිබඳ මෙහි කිසිදු පොසිල සාක්ෂියක් නොමැති බවත් ඔහු අවධාරණය කර සිටියා. තව ද ඔවුන් ශ්‍රී ලංකාවේ ජීවත් නොවන බව හෝ අඩුම තරමින් මුහුදුබඩ මුහුදට සෘතුමය වශයෙන් සංක්‍රමණය නොවන බවත් ඒ මහතා අවධාරණය කළා. මේ හේතුවෙන් මෙම වීඩියෝව විදෙස් රටක පටිගත කර ඇති බවටයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ Manatee සත්ත්වයින් සොයා ගත නොහැකි වුවද, Sirenia පවුලේ තවත් විශේෂයක් වන Dugongs, මෙරටේ ඇතැම් වෙරළබඩ ප්‍රදේශවල දක්නට ලැබෙන බව ආචාර්ය නානායක්කාර සඳහන් කරයි. 1900 ගණන්වල මුල් භාගයේදී, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි පෝක් සමුද්‍ර සන්ධියේ සැලකිය යුතු Dugongs රංචු ගැන වාර්තා වී ඇති අතර දැනට මෙම කලාපයේ ජීවත් වන Dugongs සංඛ්‍යාව අවිනිශ්චිත බවයි ඔහු සඳහන් කළේ.

Dugongs සත්වයින් දැකීම දුර්ලභ වුවද, වෛද්‍ය නානායක්කාර පවසන පරිදි, රටේ මන්නාරම් සහ පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මසකට වරක්වත් Dugongs ඝාතන සිදු වන බවට වාර්තා වේ. දකුණු පළාතේ හෝ බස්නාහිර ප්‍රදේශ වැනි රටේ අනෙකුත් ප්‍රදේශවල ඝාතන දුටු බවට වාර්තා වී නොමැති බව ද, ඒ මහතා අවධාරණය කළා.

කෙසේ වෙතත්, සැලකිය යුතු මුහුදු තෘණ තවමත් පවතින නැගෙනහිර ප්‍රදේශවල පොසිල සාක්ෂි පවතින බව ත්, ඊට හේතුව මූලික වශයෙන් එම ප්‍රදේශවල මුහුදු තෘණ බහුල වීම හේතුවෙන් Dugongs සැරිසරණ බව ත්, ඔවුන් නොගැඹුරු ජලය සඳහා වැඩි කැමැත්තක් දක්වන නමුත්, ඔවුන් ගැඹුරු ජලයේ සැරිසැරීමට පසුබට නොවන බවත් ආචාර්ය වරයා වැඩිදුරටත් සඳහන් කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික නොවන Manatee නමැති ජලජ සත්ත්වයෙකි, එය මෙරට පටිගත නොකරන ලද වීඩියෝවක් වන අතර එම වීඩියෝවේ පසුබිමෙන් ඇසෙන බියට පත් කාන්තාවන්ගේ හඬ, මුල් වීඩියෝවට වෙනත් හඬපටයක් එකතු කර සංස්කරණය කරන ලද්දකි. සාගර ක්ෂීරපායින් පිළිබඳ විශේෂඥයෙකු සඳහන් කළේ, එම වීඩියෝවේ දැක්වෙන්නේ බොහෝ දුරට බටහිර ඉන්දීය manatee නම් ලංකාවේ දක්නට නොලැබෙන සත්තව විශේෂයක් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ශ්‍රී ලංකා වැව් ඉවුරේ තණකොළ කන මුහුදු සත්ත්වයෙක්?

Written By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News