ශ්‍රී ලංකාවේ රුපියල් දස දහසේ මුදල් නෝට්ටුවේ භාවිතය පිළිබඳ ඇත්ත කතාව!

Update: 2024-01-11 12:55 GMT

ඉතිහාසයේ වූ ඇතැම් සිදුවීම්, වර්තමානයේ ගෙන හැර දැක්වීමේදී එම තොරතුරු ඉදිරිපත් කිරීමේදී , අසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන්, ඒ සම්බන්ධ නොමඟ යවන සුළු ප්‍රකාශ ඇතුළත් සටහන් බොහෝවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිවැරදි තොරතුරු ඇතුළත් කරුණු පැහැදැලි කිරීමක් පහතින්. 

සමාජ මාධ්‍ය සටහන් :

රුපියල් දස දහසේ මුදල් නෝට්ටු ලංකාවේ භාවිත කළ බවට සඳහන් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

මෝටර් රථයක් රු. 750කට පමණ මිල දී ගත හැකි ව තිබූ 1947 වසරේ දී, රුපියල් දසදහසේ මුදල් නෝට්ටු ලංකාවේ භාවිතා වූ බව ඔබ දන්නවා ද..!!!

එකල කිසිවකු අත රු. ලක්ෂයක් තිබුණිනම් ඔහුට තම නිවස ඉදිරියේ කොඩියක් දමන්නට ද අවසර තිබිණි. ලක්සෙට කොඩි දානවායැයි කතාව ආවේ ඒ නිසා ය.

WhatsApp ඔස්සේ එම සහටහන මේ දිනවල බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම කරුණු ඇතුළත් ෆේස්බුක් සටහනක් 2023 වසරේ බහුල ව ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබූ අවස්ථාවක් පහතින්.

Facebook | Archived Link

මෙම සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මේ හේතුවෙන් මෙහි නිවැරදි තොරතුරු පිළිබඳ සොයා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

රුපියල් දස දහසේ නෝට්ටුවක් අතීතයේ ව්‍යවහාරික මුදල් වශයෙන් සාමාන්‍ය ජනයා අතර භාවිතා වුණාද, සත්‍ය වශයෙන් රුපියල් දස දහසක මුදල් නෝට්ටුවක් මුද්‍රණය කර තිබුණේ ද, යන්න කාරණා පිළිබඳ ඉහත සටහනින් බොහෝ දෙනෙකු සැලකිලිමත් වී තිබූ බැවින් එම කරුණු ඔස්සේ අප මේ පිළිබඳව විමර්ශනය කළා.

රුපියල් දස දහසේ නෝට්ටුව

ලංකාවේ මහ බැංකුව ස්ථාපිත කිරීමට පෙර, 1947 වසරේ ඔක්තෝබර් 15 වන දින මුදල් කොමසාරිස් මණ්ඩලය විසින් නිකුත් කරන ලද හයවන ජෝර්ජ් රජුගේ රූපයක් ඇතුළත් කළ රුපියල් දසදහසේ මුදල් නෝට්ටුවක් නිකුත් කර තිබේ.

එමෙන් ම මෙය ඉන්දියාවේ රජයේ ආරක්ෂක මුද්‍රණාලයේ ලිතෝග්‍රැෆි ක්‍රියාවලිය මගින් මුද්‍රණය කර ඇත. C.E. Jones සහ T.D. Perera යන එවකට මුදල් කොමසාරිස්වරුන්ගේ ෆැක්සිමිල් අත්සන් දෙක එහි දක්නට ලැබේ.

කෙසේ වෙතත් මෙම නෝට්ටුව සාමාන්‍ය ජනයා අතර භාවිත කළ හැකි ව්‍යවහරික මුදල් නෝටුවක් නොවුණු අතර එය අන්තර් බැංකු ගනුදෙනු සඳහා පමණක් භාවිත කිරීම සඳහා මෙම මුදල් නෝට්ටුව හඳුන්වා දී තිබුණි. 

1950 දෙසැම්බර් 31 දිනට පෙර දිනැති රුපියල් 10 සහ ඊට අඩු වටිනාකම් සහිත සියලුම නෝට්ටු 1955 අගෝස්තු 26 වැනි දින අවලංගු කරන ලද අතර 1956 අගෝස්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි ඒ සඳහා වූ නීත්‍යානුකූල ටෙන්ඩරය නතර කරන ලදී.

සියලුම රුපියල් 50 සහ රුපියල් 100 නෝට්ටු 1970 ඔක්තෝබර් 26 දිනට පෙර සහ 1970 නොවැම්බර් 3 දින සිට ඒ සඳහා වූ නීත්‍යානුකූල ටෙන්ඩරය නතර විය.

1945 නොවැම්බර් 15 වැනි දින සියලුම රුපියල් 500 සහ රුපියල් 1000 නෝට්ටු අවලංගු කරන ලද අතර 1946 ජනවාරි 31 න් පසු ඒ සඳහා වූ නීත්‍යානුකූල ටෙන්ඩරය නතර විය.

රුපියල් 10,000 නෝට්ටු අවලංගු කළේ කවදාද? ඒවා මහජනයා අතර සංසරණය නොවූ බැවින් ප්‍රකාශ නොකළ හැකිය. 1951 සිට ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවල රුපියල් 10,000 සංසරණයේ පවතින බව සඳහන් කර නොමැත. මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මෙතනින්. Archived Link

ශ්‍රී ලංකා මහ බැංකුව 

1949 අංක 58 දරන මුදල් නීති පනතෙහි ඇති කොන්දේසිවලට අනුව 1950 අගෝස්තු 28 වන දින මහ බැංකුව පිහිටුවන ලදී. අනෙකුත් කාර්යයන් අතර නෝට්ටු සහ කාසි යන දෙ වර්ගය ම ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීම පාලනය කිරීම සඳහා මුදල් මණ්ඩලයක් ස්ථාපනය කිරීමට මුදල් නීති පනත අවකාශ සලසා තිබේ.

අප මෙම රුපියල් දස දහස මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, 1947 වර්ෂයේ රුපියල් දස දහස මුදල් නෝට්ටුවක් නිකුත් කළ බවත්, මෙරට අන්තර් බැංකු ගනුදෙනු පහසු කිරීම සඳහා පමණක් අන්තර් බැංකු අතර මෙම නෝට්ටුව භාවිත කළ බවත්, මිනිසුන් අතර මෙම මුදල් නෝට්ටුව සංසරණය නොවූ බවත් ය.

ශ්‍රී ලංක මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ මුදල් ඉතිහාසය සම්බන්ධයෙන් පළ ව තිබූ ලිපියක ද, මේ පිළිබඳව සඳහන් කර තිබුණේ මේ අයුරින්.

cbsl

ඒ අනුව රුපියල් දසදහස මුදල් නෝට්ටුවක් මෙරට මුදල් කොමසාරිස් මණ්ඩලය විසින් නිකුත් කර ඇති අතර එම නෝට්ටු භාවිතා කරන ලද්දේ බැංකු අතර සිදු කරන ලද ගනුදෙනු සඳහා පමණකි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ශ්‍රී ලංකාවේ රුපියල් දස දහසේ මුදල් නෝට්ටුවේ භාවිතය පිළිබඳ ඇත්ත කතාව!

Written By: Pavithra Sandamali

Result: Insight

Tags:    

Similar News