මාලිමාවට සම්බන්ධ පවුල්වල පාසල් සිසුන්ට පමණක් සීමා වූ කොණ්ඩේ කැපීමේ සේවාවක්?

Update: 2024-02-05 05:31 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති ප්‍රජා සත්කාරක වැඩ සටහන් මාලාව යටතේ ක්‍රීයාත්මක වූ සිසුන්ගේ කොණ්ඩා කැපීමේ වැඩසටනක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අත්පත්‍රිකාවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

'අරුණට පෙර' වැඩසටහනක මාලිමාවට සම්බන්ධ පවුල්වල පාසල් දරුවන්ගේ කොණ්ඩා කපන බවත්, ඒ සඳහා සාමාජික කාඩ්පත ගෙන ඒම අනිවාර්ය බවත්, සඳහන් කරමින් අත්පත්‍රිකාව ඡායාරූපයක් රැගත් සමාජ මාධ්‍ය සටහනක් පළ වූයේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍ය බවට ඇතැම් පිරිසක් නොමග ගොස් ඇති බවයි.

මෙහි නිරවද්‍යතාවය පිළිබඳ බොහෝ දෙනෙකු අප වෙත යොමු කර තිබූ ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව විමර්ශනය කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මෙම අත්පත්‍රිකා සම්බන්ධයෙන් මෙය මූල පද සෙවීම්(Key word search) පරීක්ෂාවක් කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ, පෙබරවාරි 01 වන දා පළ වූ අත්පත්‍රිකා ඡායාරූපයක් වෙත අපගේ අවධානය යොමු වුණා.

එහි දැක ගන්නට ලැබුණේ, ජනතා සත්කාරක වැඩ සටහනක් ලෙස පාසල් දරුවන්ගේ කොණ්ඩා කැපීම සම්බන්ධයෙන් පළ වූ තිබූ බව ත්, මාලිමාව ට සම්බන්ධ පවුල් වල ළමුන් පමණක් කොණ්ඩා කපන බවට සඳහන් කර නොමැති බවයි. තව ද, ඕනෑම පාසලක පාසල් දරුවන් ට මෙම සත්කාරය නොමිලේ සපයන බවට එහි සඳහන් වී තිබුණා.

Facebook | Archived Link

ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ද පැවසුවේ සංස්කරණ කළ අත්පත්‍රිකාවක් හුවමාරු වූ බවයි

බුදුරුවගල අයත් වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු වන ඉන්දික ගරුසිංහ මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ ද, සංස්කරණය කළ අත් පත්‍රිකාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි.

සැබෑ අත්පත්‍රිකාවේ සඳහන් වූයේ මාලිමාව පක්ෂයේ දෙමාපියන්ගේ දරුවන්ට පමණක් කොණ්ඩා කපන බවට නොව, සියලුම පාසල් දරුවන්ගේ නොමිලේ කොණ්ඩා කපන වැඩ සටහනක් බවත්, තමන් ද, එම අවස්ථාව ආවරණය කිරීමට ගිය බවත්, එහිදී පාසල් සිසුන් ට විශාල සේවාවක් එම වැඩ සටහන මගින් සිදු වූ බව ඒ මහතා පවසා සිටියා.

එමෙන් ම කොණ්ඩා කැපීමට පැමිණි ළමුන්ගේ දෙමව්පියන් කුමන පක්ෂයේක ද, යන්න බැලීම වැනි කරුණු ප්‍රායෝගික නොවන බවත්, එය සම්පූර්ණයෙන් ම අසත්‍ය පුවතක් බවයි ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ.

ඉන්දික ගරුසිංහ මහතා විසින් ෆේස්බුක් සටහනක් ද, පළ කර තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

ජාතික ජනබලවෙිගයේ බුදුරුවගල කොට්ඨාස සභාව විසින් පෙබරවාරි 03 වනදා සංවිධානය කරන ලද කොණ්ඩා කැපීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන ගැන, එම අවස්ථාවට සිය දරුවන් සහභාගී කරගෙන තිබු මවක් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

අප ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශයෙන් ද,විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, සත්‍ය අත්පත්‍රිකාවක ඡායාරූපයක් සංස්කරණය කරමින් පක්ෂයට මඩ ගැසීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ සාමාජිකයන් විසින් සිදු කර ඇති ක්‍රියාවක් බවයි.

සත්‍ය අත්පත්‍රිකා ඡායාරූපය සහ සංස්කරණය කරන ලද අත්පත්‍රිකා ඡායාරූප අතර සංසන්දනය පහතින්.

එසේම ජාතික ජන බලවේගය ප්‍රධානත්වයෙන් ‘අරුණට පෙර’ වැඩසටහන යටතේ දිවයින පුරා විවිධාකාරයේ ප්‍රජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක වී තිබූ බව අපට දැක ගන්නට ලැබූ අතර ඒ කිසිවක ද මාලිමාවේ සාමාජිකයින්ට පමණක් යනාදී වශයෙන් හෝ සඳහන් වන්නේ නැහැ. එසේ මෑතක දී ක්‍රියාත්මක වූ නොමිලේ නීති උපදේශන, වෛද්‍ය සායන, ශ්‍රමදාන ඇතුළු ප්‍රජා වැඩසටහන් කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මාලිමාවට සම්බන්ධ පවුල්වල පාසල් දරුවන්ගේ පමණක් කොණ්ඩා කපන බවට දක්වමින් පළ වූ අත්පත්‍රිකා ව සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.

සත්‍ය අත්ප්‍රතිකාවේ සඳහන් වන්නේ, ජනතා සත්කාරක වැඩ සටහනක් ලෙස පාසල් දරුවන්ගේ කොණ්ඩා කැපීමේ වැඩසටනක් පිළිබඳවයි. එහි මාලිමාවට සම්බන්ධ පවුල් වල ළමුන් පමණක් කොණ්ඩා කපන බවට සඳහන් කර නොමැත. මේ පිළිබඳව එම ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු ද කරුණු තහවුරු කරමින් සඳහන් කළේ, මෙම වැඩසටහන මගින් පක්ෂ භේද මත එම සේවාව දරුවන් වෙත ලබා නොදුන් බව ත්, එම අත්පත්‍රිකාව ද, සංස්කරණය කර ඇති බව ත් ය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මාලිමාවේ පාසල් සිසුන්ට පමණක් කොණ්ඩේ කැපීමේ සේවාවක් සැපයීම පිළිබඳ අසත්‍ය සටහනක්!

Written By: Pavithra Sandamali

Result: Altered

Tags:    

Similar News