“ලයිට් බිල වැඩී කියලා මට පිළිගන්න බැහැ” යනුවෙන් ප්‍රකාශයක් විදුලි බල අමාත්‍යවරයා සිදු කළා ද?

Update: 2024-02-12 10:01 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශ, අර්ථය විකෘති කර හෝ එම ප්‍රකාශ සංස්කරණය කරමින් හෝ නොමග යන සුළු ලෙස කොටසක් පමණක් දේශපාලනික වාසි තකා ඇතැම් කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

"ලයිට් බිල වැඩී කියලා මට පිළිගන්න බැහැ" යනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ප්‍රකාශයක් සිදු කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙවැනි ප්‍රකාශයක් අමාත්‍යවරයා සිදු කළ බවට බොහෝ පුද්ගලයන් නොමග ගොස් තිබූ බවට මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියා.

මේ හේතුවෙන් මෙහි සත්‍ය කරුණු සොයා කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

"ලයිට් බිල වැඩී කියලා මට පිළිගන්න බැහැ" යනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ප්‍රකාශයක් කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළා.

ඒ අනුව, පසුගිය 10 වන දා කොළඹ බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවක් වෙත අපගේ අවධානය යොමු වුණා.

අමත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මොනවාද ?

මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙරට විදුලි බිල වැඩි කියන එක පිළිගන්නා නමුදු, පසුගියදා දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව බවට වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බවයි.

“අප පිළිගන්නවා රටේ විදුලි බිල වැඩී කියන එක. නමුත් එම වාර්තාවේ වුණත්, පාදක කරගෙන තිබුණු තොරතුරු ඉතාමත් ම ජනතාව නොමග යවන සුළු ආකාරයට යි. ඒ නිසා අප ඒ පිළිබඳව සවිස්තර පිළිතුරක් අප ලබා දෙනවා ඒ පරීක්ෂණ කරපු ආයතනයට. ඒ පරීක්ෂණ කරපු ආයතනය කියනවා ඒ පරීක්ෂණය කරපු ආයතනය තෝර ගත්තේ, ඒකක 100 ට වැඩිය, ඒකක 300 ට වැඩිය, ඒකක 500 ට වැඩිය භාවිත කරන පුද්ගලයෝ විතරයි කියලා. අපි අහන්න කැමති ඒ පරීක්ෂණ කරන ආයතනයෙනුත්, අපේ රටේ ඒකක 100ට වැඩිය භාවිත කරන පාරිභෝගිකයන් කී දෙනාද, ඉන්නේ? අපේ රටේ, ඔබේ දැනුවත් වීමට ඒකක 90ට වැඩිය භාවිත කරන අපේ පාරිභෝගිකයින් ඉන්නේ ලක්ෂ 5කට අඩුවෙන්. ඒකක 90 ට වැඩි අපේ රටේ ගෘහස්ථ කාණ්ඩයේ භාවිත කරන පිරිස ලක්ෂ පහක ට අඩුයි. අපේ ලක්ෂ පනස් පහක් ඉන්නේ, ඒකක 90 ට අඩුවෙන් භාවිත කරන පිරිස. ඒකක 0-30 අතර ලක්ෂ විස්සක් ඉන්නවා. ඒකක 31-60 අතර දහ අට ලක්ෂ හැට හතර දාහක්, ඒකක 61-90 අතර ඉන්නවා පන් ලක්ෂ විසි දහසක්, ඒකක 90- 120 අතර තුන්ලක්ෂ පනස් හතරදාහයි, ඒකක 120-180 ට වැඩි එක්ලක්ෂ හතලිස් පන්දහසයි.”

එම වීඩියෝව පහතින්.

දකුණු ආසියාවේ හෝ ලෝකයේ අවුරුදු නවයක් එක දිගට එකම ගණනකට විදුලිය තබා ගත් රටත් ශ්‍රී ලංකාව බවත්, අවුරුදු නවයක් බලාගාර ඉදි නොවූ රටත්, ඉදිකිරීමට පැමිණි බලාගාර නැවත හරවා යැවූ රටත්, ශ්‍රී ලංකාව යැයි මතක තබා ගතයුතු යැයිද සඳහන් කරමින් අමාත්‍යවරයා පවසන්නේ මේ භුක්ති විඳින්නේ අවශ්‍ය වේලාවේ නිවැරැදි තීන්දු තීරණ නොගැනීමේ ප්‍රතිඵල බවයි.

ආරාධනා කළ ද විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් විදුලි බිල අඩු කිරීමේ කිසිදු හෝ යෝජනාවක් මේ වන තුරු ලබා දී නොමැති බව ද ඔවුන් පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් කතා කළ ද එළියේ ඒ සම්බන්ධයෙන් කතා නොකරන බව ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කරනවා.

අවසන් කාර්ය භාරය ඇත්තේ මහජන උපයෝගීතා කොමිසන් සභාවට බවද ඔවුන් විසින් මහජන අදහස් ලබා ගෙන එම යෝජනා නිවැරැදි ද, වැරැදි ද යන්න තොරතුරු ලබා දුන් පසු ඔවුන්ගේ නිර්දේශ මත නැවත විදුලිබල මණ්ඩලය විසින් විදුලි අය ක්‍රමය සම්බන්ධයෙන් යෝජනා සකස් කරන බවද , පෙබරවාරි මස 20 වන විට මහජන අදහස් ලබා ගැනීමෙන් පසු අදාළ සංශෝධන මහජන උපයෝගීතා කොමිසම විසින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ද දැනුවත් කරන බව කී ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ වනවිට දැනුවත් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩි දුරටත් මෙහිදී පවසනු ලබනවා. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

වෙරිටේ රිසර්ච් ආයතනය

දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බවත් නිවාසවල විදුලි ගාස්තු ලෙස ගෙවන මුදල කලාපයේ වෙන රටවලට වඩා 2.5% සිට 3% දක්වා වැඩි අගයක් ගන්නා බවත් විශ්ලේෂණයකින් හෙළිවී තිබෙන බව වෙරිටේ රිසර්ච් සඳහන් කරයි.

ආර්ථිකය හා බැඳුනු විශ්ලේෂණාත්මක තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ වේදිකාවක් වන publicfinance.lk පළ කරන ලද මෙම විශ්ලේෂණයෙන්, ඒකක 100, 200 හෝ 300 යනාදී වශයෙන් විදුලිය පරිභෝජනය කරනවිට එම නිවාසවලින් කොපමණ විදුලි ගාස්තුවක් අය කරන්නේ ද, යන්න විමසුමට ලක්කර ඇත. විශ්ලේෂණය සිදුකර ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනයයි.

විශ්ලේෂණයට පදනම් කරගෙන ඇති ගණනය කිරීම සඳහා සැපයුම්කරුවාගේ ගාස්තුව පමණක් සැලකිල්ලට ගෙන ඇත. ඒ හැරෙන්නට වෙනම අයකෙරෙන සමාජ ආරක්‍ෂණ බද්ද වැනි ආණ්ඩුවේ බදු සැලකිල්ලට ගෙන නොමැත.

වෙරිටේ විශ්ලේෂණයේ දක්වා තිබෙන්නේ කලාපයේ දෙවැනියට වැඩිම විදුලි ගාස්තු ඇත්තේ පකිස්තානයේය. නමුත් එම ගාස්තු ද, ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩුය. විදුලි ඒකක 100 ක් පරිභෝජනය කරන ශ්‍රී ලංකාවේ නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිත කරන පකිස්තානයේ නිවෙස්වලට වඩා 50% කින් ඉහළය. ඒකක 300ක් භාවිත කරන නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව 97% කින් ඉහළය.

ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ යෑම අන්තර් ජාතික මූල්‍ය අරමුදලට මෙරට ලබාදී තිබෙන කැපවීමක් හා බැඳී තිබෙන්නකි. එම කැපවීමට අනුව ලංකා විදුලිබල මණ්ඩලය, පාරිභෝගිකයන් මත පණවන ගාස්තු සහ මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන ඕනෑම සහනාධාරයක් ඒකාබද්ධයෙන් එහි සම්පූර්ණ වියදම ආරවණය කරගනු ඇති බව ද එම සමීක්‍ෂණ වාර්තාවේ දැක්වේ. එම සමීක්ෂණ වාර්තාව මෙතනින්. Archived Link

මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

A5 News Sri Lanka ෆේස්බුක් පිටුවේ පළවූ පුවත් සටහනක ඡායාරුපය පමණක් ගෙන නොමඟ යවන ලෙස හුවමාරු වූ අවස්තාවක්!

එසේම, ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා A5 News Sri Lanka ෆේස්බුක් පිටුවේ පළ වී ඇත්දැයි යන්න පිළිබඳව ද අප පරීක්ෂා කළ අතර සත්‍ය වශයෙන් ම එම පුවත පළ වී තිබූණි. නමුත් ඔවුන් එහි පුවත් විස්තරයේ දක්වා තිබුණේ "දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව බවට වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් අදාළ ආයතනය වෙතද කරුණු දක්වන බවයි." යනුවෙනි.

Full View

Facebook | Archived Link

නමුත් එම සටහන සඳහා යොදාගෙන තිබූ ඡායාරූපයේ, "ලයිට් බිල වැඩී කියලා මට පිළිගන්න බැහැ" යනුවෙන් සඳහන් කර තිබුණා. කෙසේවෙතත් සත්‍ය කරුණු ඇතුළත් කර තිබූ එම සටහනේ විස්තරාත්මක කොරතුරු නොමැතිව, ඡායාරූප සටහන පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ගැනීම හේතුවෙන් බොහෝ දෙනෙක් නොමග යෑමට හේතුවී තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

මෙම විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, "ලයිට් බිල වැඩී කියලා මට පිළිගන්න බැහැ" යනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ප්‍රකාශයක් සිදු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යන සුළු බවයි. අමාත්‍යවරයා පසුගිය 10 වන දා පැවති මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනු ලබන්නේ, මෙරට විදුලි බිල වැඩී කියන එක පිළිගන්නා නමුදු, පසුගියදා දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව බවට වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:“ලයිට් බිල වැඩී කියලා මට පිළිගන්න බැහැ” යනුවෙන් විදුලි බල අමාත්‍යරයා ප්‍රකාශයක් සිදු කළා ද?

Written By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News