සත්ත්වයින් අතර සහජීවනය යන තේමාවෙන් හුවමාරු වූ ඡායාරූපයේ පසුබිම් කතාව!

Update: 2024-03-05 12:22 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ඇතැම් වනජීවි ඡායාරූප වල තිබෙන තාත්වික බව නිරූපනය වීම සහ නිර්මාණශීලිත්වය හේතුවෙන් විවිධ අවස්ථාවලදී සමාජය නොමග යෑමට ලක් වන්නේ, ඒවා සත්‍ය බවට උපකල්පනය කිරීම හේතුවෙන්. එලෙසින් නොමග යවන සුළු අර්ථකතනයන් ඔස්සේ හුවමාරු වූ අපුර්ව ඡායාරුප නිර්මානයක ඇත්ත තතු සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

කොටියෙකු, හාවෙකු, සුනඛයෙක්, බළලෙකු, උරුලෑවෙකු, කලවැද්දෙකු, ඉත්තෑවෙකු ඇතුළු සත්ත්වයින් පිරිසක් නිශ්චිත ස්ථානයක එක ළඟ රැඳී සිටින අයුරු බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ විවිධාකාරයේ අර්ථකතන සමඟින්. එවැනි එක් අවස්ථාවක් පහතින්.

Facebook | Archived Link Facebook | Archived

එමෙන්ම මෙය සත්‍ය වශයෙන් ම සත්‍ය සිදුවීමක් බව ට බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබුණා.

මෙහි නිරවද්‍යතාවය විමසමින් අප ට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ පිළිබඳ විමර්ශනය කිරීම ට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව එය Parrot Fish Collective (PFC) නමැති ෆේස්බුක් පිටුවක පළ කර ඇති සත්ත්වයින් කිහිපදෙනෙකුගේ එකතුවක් දැක්වෙන ඉහත ඡායාරූපය දැක ගන්නට ලැබුණා.

එම ඡායාරූප සටහනින් පෙන්වා දෙන්නේ, වනජීවී සහ සංරක්ෂණ ඡායාරූප ශිල්පී යානික් තිසේරා විසින් ලබාගන්නා ලද, පසුගිය ජනවාරි මාසයේ, සති තුනක කාලයක් ඇතුළත, මධ්‍ය කඳුකරය ආශ්‍රිතව එක්තරා ස්ථානයක් හරහා ගමන් ගන්නා, ඒ පරිසර පද්ධතියේ යාවජීව සාමාජිකයින්ගේ එකතුවකි.

විවිධ දින තුළ Trap Camera / Trail Camera වල සටහන් වූ ජීවීන් එකම රාමුවක් තුළට ගෙන ඡායාරූප කිහිපයක් එක් කිරීම සඳහා Focus stacking / Layer stacking ක්‍රමය යොදාගෙන මෙම අපූර්ව සේයාරුව නිර්මාණය කර ඇති බව ද, ඔවුන් එහි දක්වා තිබෙනවා.

මේ ඡායාරූපය තුළ ජීවන් විශේෂ 12 ක් සිටින බවත්, මේ සෑම විශේෂයක් ම මෙම ස්ථානය සංචරණය සඳහා යොදා ගන්නා සංදියක් (A Junction for Migration) සේම ගමන් කිරීමේ වනජීවි කොරිඩෝවක් (Wildlife Corridor) ලෙස භාවිතා කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන් ම මෙම ඡායාරූපය ලබා ගත් ස්ථානය ලංකාවෙ තේ වතු ආශ්‍රිතව බවත්, ඉතා උසස් සේම පුළුල් වූ ජෛව විවිධත්වයක් තේ වතු ආශ්‍රිත ව දක්න ට ලැබෙන බවත්, ඔවුන් සඳහන් කරනවා.

Full View

අප මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විසීමට, මෙම නිර්මාණයේ හිමිකරු යානික් තිසේර සම්බන්ධ කර ගත් අතර ඔහු තහවුරු කළේ ද, මෙය සත්ත්වයන් සත්‍ය වශයෙන් එක ම අවස්ථාවක සත්‍ය වශයෙන් ම සාමුහික ව සිටින අවස්ථාවක් නොවන බවයි.

එය විවිධ දින තුල කැමරාවේ සටහන් වූ ජීවීන් එකම රාමුවක් තුලට රැගෙන, ඒ ඒ ඡායාරූප කිහිපයක් එක් කරන්න Focus stacking / Layer stacking ක්‍රමය යොදාගෙන මෙම අපූර්ව සේයාරුව නිර්මාණය කළ බවයි ඔහු පැවසුවේ.

මෙම ඡායාරූපය ලෝක වනජීවී දිනය ට සමගාමීව Parrot Fish Collective සංවිධානය විසින් සංවිධානය කර තිබූ තරඟයකට තමන් එක් කළ ඡායාරූපයක් බව ද, ඔහු පෙන්වා දුන්නා.

Read in English : Unique Composite Photo Of Wild Animals In The Central Hills Shared Out Of Context!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ කොටියෙකු, හාවෙකු, සුනඛයෙක්, බළලෙකු, උරුලෑවෙකු, කලවැද්දෙකු, ඉත්තෑවෙකු ඇතුළු සත්ත්වයින් පිරිසක් නිශ්චිත ස්ථානයක එකට රැඳී සිටින අයුරු බවට දැක්වෙන ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි. පසුගිය ජනවාරි මාසයේ සති 3ක් වැනි කාලයක් තුළ, ලංකාවේ මධ්‍යම කඳුකරයේ තේ වතු ආශ්‍රිත ස්ථානයක් හරහා ගමන්ගත් විවිධ සත්ත්ව විශේෂ කිහිපයක්, Trap Camera / Trail Camera වල සටහන් කරගෙන, එම ජීවීන් එකම රාමුවක් තුළට ගෙන ඡායාරූප කිහිපයක් එක් කිරීම සඳහා Focus stacking / Layer stacking ක්‍රමය යොදාගෙන මෙම අපූර්ව සේයාරුව නිර්මාණය සිදුකර තිබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සත්ත්වයින් අතර සහජීවනය යන තේමාවෙන් හුවමාරු වූ ඡායාරූපයේ ඇත්ත කතාව!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News