සජබ මැයි රැළියට පැමිණියේ ඉතා සුළු ජනකායක් ද?

Update: 2024-05-02 16:53 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මැයි පළමුදාට යෙදී ඇති ලෝක කම්කරු දින සැමරුම ලොව පුරා කම්කරුවන් විසින් සිදු කරන ලද ඓතිහාසික අරගල සහ ජයග්‍රහණ සැමරීම සිදු කරනු ලබනවා. මෙරට සියලුම පක්ෂ මහත් උනන්දුවකින් සංවිධානය කරන මැයි දින සැමරුම විශේෂයෙන් මෙවර මැතිවරණ උණුසුම මධ්‍යයේ වැඩිම ජන ගඟක් ගෙන්වමින් තම තමන්ගේ පක්ෂයේ ජන බලය පෙන්වීමට කටයුතු සිදු කෙරෙනවා. මේ අතර සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද මැයි රැළියේ සෙනඟ නොමැති බව ට එනම් ජන බලය අවම බවට දක්විමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනක් කිරීමට පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් :

චැතැම් වීදියේ මීටර් 50ක් වත් පුරවගන්න බැරි පුතානෝ.

චැතැම් වීදියවත් පුරවගන්ඩ බැරි සජබෙ විහාරමහා දේවි උද්‍යානෙ ලැබුනෙ නෑ කියල කෑ ගහනවා යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. එම ඡායාරූපයෙන් පෙන්වා දීම උත්සහ කර තිබුණේ, සමගි ජන බලවේගයේ මැයි රැළිය සඳහා අඩු පිරිසක් රැස්ව සිටි බවයි.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම ඡායාරූප සටහන් ඇතැම් ෆේස්බුක් පිටු විසින් පළ කර තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ලෝක කම්කරු දිනයට සමගාමී ව ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ 2024 මැයි දිනය ඊයේ(01) උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය ඊයේ (01) පස්වරු 3.00ට කොළඹ කොටුව චැතැම් වීදීයේදී පැවැත්වුණා.

සමගි රටක් - අනගි හෙටක් යන්න මෙවර එහි තේමාවයි.එම රැළිය සඳහා චැතැම් වීදියේ මීටර් 50ක් දිගට වත් සෙනඟ නොමැති බවට දක්වමින් පළවූ සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් අප මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මෙම අවස්ථාවේ සජීවි විකාශය වෙත අවධානය යොමු කළා.

එහිදී දැක ගැනීමට හැකි වූයේ චැතැම් වීදියේ සජබෙ මැයි රැළිය සඳහා ජනගඟක් පැමිණ තිබූ බවයි. එම අවස්ථාවේ ඩ්‍රෝන වලින් ලබා ගත් දර්ශන වලින් ද, එය මනාවට දිස් වනු ලැබේ.

මැයි රැළිය ආරම්භක අවස්ථාවේ ජනතාව එක් රැස් වෙන අවස්ථාවේ පමණක් ජනතාව මද වශයෙන් තැනින් තැන අඩුවක් වශයෙන් දැක ගැනීමට හැකි වූවත්, විපක්ෂ නායකවරයා පැමිණෙන අවස්ථාවේ වන විට චැතැම් වීදිය සම්පූර්ණයෙන් ම ජනතාවගෙන් පිරී තිබෙනු දැක ගැනීමට හැකිවේ. එම අවස්ථාවේ වීඩියෝ මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ප්‍රධාන මාධ්‍ය ධාරා ද, එම අවස්ථා මෙලෙසින් , මෙලෙසින් සහ මෙලෙසින් ආවරණය කර තිබූ අතර එහිදීද, සමගි ජන බලවේගයේ මැයි රැළියට ජනතාව පැමිණීමේ අඩුවක් දැක ගන්නට නොලැබුණි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

Facebook | Archived Link

කෙසේ වෙතත් මෙම අවස්ථාව ඩ්‍රෝන මගින් ආවරණය කළ ‘Drone Mudiyanse’ ආයතනයෙන්ද, අප විමසීමක් කළ අතර සමගි ජන බලවේගය මගින් පැවැත්වූ මැයි රැළිය සඳහා චැතැම් වීදිය සහ අතුරු පාරවල් පුරා ද, සෙනඟ වැඩි වශයෙන් රැස්ව සිටි බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මැයි දින සැමරුම සඳහා සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද මැයි රැළිය සඳහා චැතැම් වීදියේ මීටර් 50කටවත් පිරෙන්න සෙනඟ නොමැති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යන සුළු බවයි. එම අවස්ථාවේ වීඩියෝ, ඡායාරූප මාධ්‍ය වාර්තා වල පෙන්වා දෙන පරිදි මෙන් ම එම අවස්ථාවේ ඩ්‍රෝන දර්ශන ලබා දුන් ආයතනයද, පවසන්නේ එම රැළිය සඳහා සෙනඟ පැමිණ තිබූ බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සජබ මැයි රැළියට පැමිණියේ ඉතා සුළු ජනකායක් ද?

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News