FB | Archived
මෙම පුවත සැබවින් ම පුවත් පතක පළ වූ ලිපියක් ද, නැත්නම් පුවත් පතක පළ වූ ලිපියක් බවට හැඟවීමට සංස්කරණය කරන ලද අසත්‍ය ඡායාරූප සටහනක් ද, යන්න පිළිබඳ බොහෝ දෙනෙකු අපගෙන් විමසීම් සිදු කළ අතර එම ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මෙහි සත්‍ය තතු සොයා අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මෙම පුවත සැබවින් ම පුවත් ලිපියක පළ වූවා ද, යන්න පිළිබඳව පරීක්ෂා කිරීමේදී තහවුරු වූයේ මෙම ලිපිය සත්‍ය වශයෙන් ම "මව්බිම" පුවත්පතේ 2014 වසරේ දෙසැම්බර් මස පළ වූ පුවතක් බවයි.
එම ලිපියේ සඳහන් වී තිබුණේ, අසභ්‍ය දර්ශන නැරඹූ බවට තලවකැලේ දුම්රිය ස්ථානයේදී 21 හැවිරිදි රනිල් වික්‍රමසිංහ නමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෛත්‍රීපාල නමැති තරුණයාගේ පියා ඔහුට ඇප දී ඇති බවයි.
Archived Link
මෙම පුවත තව ත් මාධ්‍ය ආයතන වලින් පළ වී තිබුණේ මෙලෙසින්. තව ත් වෙබ් අඩවියක පළ වී තිබුණේ මේ අයුරින්. Archived Link
2015 ජනවාරි ජනාධිපතිවරණයට මාසයකට පෙර මෙම පුවත පළ වී තිබුණා. ප්‍රධාන දේශපාලන නායකයින් දෙදෙනෙකුගේ නම් ඇති පුද්ගලයින් මෙහි සඳහන් වී තිබුණු හෙයින් මෙය දේශපාලනිකරණය කරමින් මැතිවරණ උණුසුම් මැද උපහාසාත්මක කෝණයෙන් නොමග යන සුළු අන්දමින් බොහෝ සමාජ මාධ්‍ය සටහන් මේ ඔස්සේ සඳහා භාවිත කර තිබුණා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
රනිල් වික්‍රමසිංහ මහතා දුම්රිය ස්ථානයකදී අසභ්‍ය දර්ශන නැරඹූ බවට අත්අඩංගුවට ගෙන මෛත්‍රීපාල සිරිසේන මහතා ඇප ලබා දුන් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් නොමඟ යවන සුළුය. මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශපාලනඥයන් දෙදෙනාට සමාන නම් ඇති වෙනත් පුද්ගලයින් සම්බන්ධ සිදුවීමක් වන අතර 2014 දෙසැම්බර් මාසයේ පැරණි පුවත්පත් ලිපියක් මගින් මෙය වැරදි ලෙස අර්ථකථනය කර තිබේ.
.hocal-container {
border: 2px solid #000;
background-color: #eee;
border-radius: 5px;
padding: 16px;
margin: 16px 0
}
.hocal-container::after {
content: "";
clear: both;
display: table;
}
.hocal-container img {
float: left;
margin-right: 20px;
border-radius: 50%;
}
.hocal-container span {
font-size: 20px;
margin-right: 15px;
}
@media (max-width: 500px) {
.hocal-container {
text-align: center;
}
.hocal-container img {
margin: auto;
float: none;
display: block;
}
}
Title:අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීමට මෛත්‍රිපාල පැමිණි පුවතේ ඇත්ත නැත්ත!
Written By: Pavithra Sandamali
Result: Misleading