සුබෝධනී කමිටු යෝජනා කරන ලද ගුරු වැටුප් වර්ධක සම්බන්ධයෙන් නොමග යන සුළු සටහනක්!

Update: 2024-07-06 17:35 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලධාරීන්ට බලකරමින් ගුරුවිදුහල්පති වෘත්තීය සමිති පසුගිය දින කිහිපය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූ අතර ඔවුන් දිවයින පුරා පාසල් ඉදිරිපිට ‍උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වුණා. මෙවන් පසුබිමක් මධ්‍යයේ සුබෝධිනී කමිටුව සහ එහි නිර්දේශ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු නොමඟ යවන සුළු තොරතුරු ප්‍රමාණයක් සංසරණය වූ අතර එවැනි සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

03/2016 චක්‍ර ලේඛනය අනුව සුබෝධනී කමිටු යෝජනා කරන ලද ගුරු වැටුප් හි, සාමාන්‍ය පෙළ අසමත් ගුරු පුහුණුව පමණක් ඇති ගුරුවරු ‍සිට පී එච්.ඩී උපාධි පුහුණු, නුපුහුණු ගුරුවරුන්ට ද වැටුප් වර්ධකය සමාන බවට දැක්වෙන වාර්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළේ, ඉහත වාර්තාවේ සපයා ඇත්තේ සුබෝධනී කමිටුව විසින් නිර්දේශ කර ඇති කුමන ශ්‍රේණියට අදාළ වැටුප් වර්ධක ද, යන්නයි. ඒ අනුව සිදු කළ පරීක්ෂාවේදී මෙම සටහනේ මුල් සටහන පිළිබඳ අපට දැක ගන්නට ලැබුණා.

ඒ අනුව, එහි සඳහන් ව ඇත්තේ, 3/2016 චක්‍ර ලේඛනය යටතේ 1පංතියේ නැත්නම් 1වන ශ්‍රේණියේ ගුරු වර්ග ලබමින් සිටින ආරම්භක වැටුප ත්, එහි අවසන් තීරුවේ ඇත්තේ සුබෝධිනී යෝජනා යටතේ 1 වන ශ්‍රේණියේ ගුරුවරුන්ට අදාළ ආරම්භක වැටුප වේ.

Facebook

ගුරුවරුන් බඳවා ගැනීමේදී ගුරුවරයාගේ සුදුසුකම් මත තමන් අයත් වන ශ්‍රේණිය හෝ තමන් අයත් වන ශ්‍රේණියේ සිට උසස්වීම් ලබා ගැනීමෙන් පසු තමන් අයත් වන ශ්‍රේණියක් තිබේ. සෑම ගුරුවරයෙකුම ශ්‍රේණි 3,2,1 යන ශ්‍රේණිවලින් එකක් තමන්ගේ සුදුසුකම් මත ලැබේ.

පළවන ශ්‍රේණිය මෙහි ඉහළම සුදුසුකම වේ.

ඉහත සටනෙන් පෙන්වනු ලබන්නේ පළවන ශ්‍රේණියට අදාළ සාමාන්‍ය පෙළ අසමත් ගුරු පුහුණුව පමණක් ඇති ගුරුවරු ‍සිට පී එච්.ඩී උපාධි පුහුණු, නුපුහුණු ගුරුවරුන් දක්වා සිය සේවා කාලයේදී පළවන ශ්‍රේණියට අදාළ සුදුසුකම් සපුරා පළවන ශ්‍රේණියට උසස් වීම් ලද ගුරුවරුන්ගේආරම්භ වැටුප හා එම ශ්‍රේණියට සුබෝධනී වාර්තාවෙන් යෝජනා කර ඇති වැටුප් වර්ධකය මිස සාමාන්‍ය පෙළ අසමත් ගුරු පුහුණුව පමණක් ඇති ගුරුවරු ‍සිට පී එච්.ඩී උපාධි පුහුණු, නුපුහුණු ගුරුවරුන්ට ද ලැබෙන සාමාන්‍ය වැටුප සමාන බව පෙන්වීමක් නොවේ.

ඉහත වාර්තාවේ පෙන්වනු ලබන පළවන ශ්‍රේණියේ ගුරුවරයෙකු වීමට සමත් විය යුතු විභාග ඇතුළු අනෙකුත් ශ්‍රේණි වල කාර්යක්ෂමතා කඩ ඉම් මොනවාද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහයේ වැඩි දුරටත් දැක්වේ.

සුබෝධනී වාර්තාව

වසර ගණනක් පුරාවට ඇඳෙමින් පැවති ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වූ “ පී.කේ.එස් සුබෝධනී “ මෙනෙවියගේ සභාපතිත්වයෙන් හා අධ්‍යාපන විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ විසින් පිහිටවූයේ 2021 ජනවාරි මාසයේදී ය.

එම කමිටුව රාජ්‍ය පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වැටුප් වර්ධක සහ අනෙකුත් නිර්දේශ යෝජනා කරනු ලැබුවා. කෙසේ වෙතත්, COVID-19 වසංගතය හේතුවෙන් උග්‍ර වූ මූල්‍ය බාධාවන් සඳහන් කරමින් රජයට මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූවා.

වසංගතය අතරතුර, ගුරුවරුන්ගේ වෘත්තීය සමිති දිගු වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර, සුබෝධිනී කමිටුවේ නිර්දේශ සමාලෝචනය කිරීම සඳහා කැබිනට් කමිටුවක් පත් කිරීමට රජයට නායකත්වය දුන්නේ මීට පෙර අදාළ කමිටුවල නිර්දේශ සමඟිනි. මෙම සමාලෝචනය මත පදනම්ව, ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ සහ ගුරු උපදේශකවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කරන ලදී, නමුත් මෙම වැටුප් වර්ධකය සුබෝධිනී කමිටුවේ මුල් නිර්දේශ තරම් ඉහළ මට්ටමක පැවතු‍ණේ නැහැ.

2022 ජනවාරි නිකුත් කරන ලද චක්‍රලේඛනය නියෝජනය කළේ යෝජිත වැටුප් ගැලපුම්වලින් කොටසක් පමණි. 2022 න් පසු වැඩි වූ වැටුප් ප්‍රමාණය මෙතනින්.

ඉහත පළවෙනි ශ්‍රේණියේ වැටුප් වර්ධක වැඩිවීම පහතින්.

කෙසේ වෙතත් සුබෝධනී කමිටුව විසින් ලබා දුන් සම්පූර්ණ වැටුප් නිර්දේශක ප්‍රමාණය තවම ත් නොලැබීම යන කාරණා හේතුකොට ගෙන අධ්‍යාපන සංගම්වලට සුබෝධිනී කමිටු වාර්තාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වන ඉල්ලීම් මුල් කර ගනිමින් මේ වන විට දියත් වන ගුරු වර්ජනය ක්‍රියාත්මක වේ.

සුබෝධිනී කමිටු නිර්දේශ:

ගුරුවරුන්ගේ සුදුසුකම් අනුව ගුරුවරුන් අයත් වන ශ්‍රේණි මට්ටම් මත පදනම්ව ගුරුවරුන් සඳහා විවිධ ආරම්භක වැටුප් නිර්දේශයන් ඔවුන් විසින් ලබා දී ඇත.

උපාධිධාරීන්, පශ්චාත් උපාධිධාරීන් සහ උසස් පෙළ සුදුසුකම් පමණක් ඇති යන කාණ්ඩ වලට අයත් ගුරුවරුන්, සුබෝධිනී කමිටුවේ නිර්දේශ යටතේ එකම ආරම්භක වැටුපක් ලබන බවට කරන ප්‍රකාශය අසත්‍ය බවට මින් තහවුරු වේ.

ලංකා ගුරු සේවා සංගමය (CTSU) :

සමාජ මාධ්‍ය ජාල තුළ පළවන මෙම සටහන නොමඟ යවන සුළු බව ලංකා ගුරු සේවා සංගමයේ (CTSU) මහින්ද ජයසිංහ අප කළ විමසීමේදී සඳහන් කළා.

සුබෝධිනී කමිටුව විසින් නිර්දේශ කරන ලද වැටුප් වර්ධක විවිධ සුදුසුකම් මට්ටම් හරහා එකම මට්ටමක් නොවන බව ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

සුබෝධිනී කමිටුවේ වැටුප් වර්ධක නිර්දේශ හේතුවෙන් විවිධ සුදුසුකම් ඇති ගුරුවරුන්ට එකම ආරම්භක වැටුපම ලැබෙන බවට සමාජ මාධ්‍ය තුළ පළවන පළ කිරීම් අසත්‍ය වේ. කමිටු වාර්තාව ට අනුව ශ්‍රේණි මට්ටම් මත පදනම්ව ආරම්භක වැටුප් නියම කරනු ලබයි. කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වන වැටුප් වර්ධක කුමන ශ්‍රේණයකට අයත් ගුරුවරුන්ගේ වැටුප් වර්ධක ද,යන්න සඳහන් නොකිරීම හේතුවෙන් මෙම ව්‍යාකූල තත්ත්වය ඇති වී තිබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සුබෝධනී කමිටු යෝජනා කරන ලද ගුරු වැටුප් වර්ධක සම්බන්ධයෙන් නොමග යන සුළු සටහනක්!

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News