ජිමී ඇන්ඩර්සන් එක ඕවරයක දී පන්දු හයකින් කඩුලු 6ක් දවා ගත්තා ද?

Update: 2024-07-30 13:29 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම පසුගිය තරඟ සංචාර කිහිපයක දීම දිගින් දිගටම පරාජය ලැබූව ද , කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණ හමුවේ නැවතත් ක්‍රිකට් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි උනන්දුවක් දැක ගන්නට ලැබෙනවා.

කෙසේවෙතත් අතිශයෝක්තියෙන් පළකෙරෙන ව්‍යාජ සටහන් හේතුවෙන් ද බොහෝ පාඨකයින් නොමඟ යනවා. මේ එවැනි සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන් 

නවසීලන්තයට එරෙහිව පැවැති තරගයකදී එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජිමී ඇන්ඩර්සන් පන්දු 6කදී පිට පිටම කඩුලු 6ක් දවාගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී පන්දු යැවීමක නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.

Full View

Facebook | Archived

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

සත්‍ය කරුණු විමසා බැලීම (Fact Check) 

මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමකට යොමු කිරීමත් සමඟ අපට එහි මුල් වීඩියෝව හමු වූ අතර එය 2008 වසරේ එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයකදී ඇන්ඩර්සන්ගේ සුවිශේෂී දස්කම් නිරූපණය කරයි.

තරගයේ පළමු ඉනිමේදී එංගලන්තය ලකුණු 364ක් රැස්කළ අතර ඉන් අනතුරුව නවසීලන්ත කණ්ඩායම සිය ඉනිම ආරම්භ කළේය. ඇන්ඩර්සන් මෙම තරගයේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරමින් නවසීලන්තයට එරෙහිව ඔවුන්ගේ පළමු ඉනිමේදී ලකුණු 43කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය. කෙසේ වෙතත්, එක් ඕවරයක් ඇතුළත පන්දු හයක් තුළ කඩුලු 6ක් දවා ගැනීමේ ප්‍රකාශිත දස්කම ඔහු ලබා ගත්තේ නැත.

Full View

ඇත්ත වශයෙන්ම, නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ලේ සිට හයවැනි කඩුල්ල දක්වා විහිදී ගිය ඔහුගේ කඩුලු අනුපිළිවෙලින් ඇන්ඩර්සන්ගේ පන්දු ඕවර කිහිපයක් පුරා ලබාගත් ඒවාය. විශේෂයෙන්ම හයවැනි කඩුල්ල සටහන් වූයේ නවසීලන්ත ලකුණු පුවරුව 93/6ක් ලෙස සටහන් වෙද්දීය. අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව 123ක්ව තිබියදී ඉනිමේ අවසන් කඩුල්ලද දවා ගැනීමට ඇන්ඩර්සන් සමත් විය .

ඇන්ඩර්සන්ගේ දස්කම් නිසැකයෙන්ම සිත් ඇදගන්නාසුළු වුවද, එය එක ඕවරයක පන්දු හයක් තුළ කඩුලු හයක් දවා ගැනීමේ අවස්ථාවක් නොවේ .

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව පදනම් විරහිත වන අතර නොමඟ යවන සුළු සංස්කරණයක ප්‍රතිඵලයක් බව පැහැදිලිය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කිසිඳු පන්දු යවන්නෙකු එක් ඕවරයක දී විකට් 6 ක් ලබාගෙන නැහැ!

පළමු පෙළ හෝ අන්තර් ප්‍රාන්ත ක්‍රිකට් තරගවලදී පන්දු යවන්නන් එක් ඕවරයක් ඇතුළත කඩුලු 5ක් දවාගෙන ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එවැනි සිදුවීම් වාර්තා වී නොමැත.

ගිනස් ලෝක වාර්තා පොතේ මේ පිළිබඳ වාර්තාවක් මෙහි සඳහන් කළ හැකිය .එම වාර්තාවලට පිවිසිය හැකියි මෙතනින්

ශ්‍රී ලංකාවේ චමින්ද වාස් සහ ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක් ඕවරයක දී කඩුලු 4ක් දවා ගැනීමේ අවස්ථා පවතින අතර ඒ සම්බන්ධ වාර්තාවක් කියවිය හැකියි මෙතනින්

Also Read: No, Jimmy Anderson did not take six wickets in six balls in a single over

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (නිගමනය ) 

අවසාන වශයෙන්, ජිමී ඇන්ඩර්සන්ගේ තනි ඕවරයකදී පන්දු හයක් තුළ කඩුලු හයක් දවාගත් බව හඟවමින් හුවමාරු වන්නේ සංස්කරණය කරන ලද වීඩියෝවකි. එම වීඩියෝවේ දැක්වෙන සිදුවීම, 2008 වසරේ එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති තරඟයේදී සිදුවූ සත්‍ය සිදුවීමක් වැරදි ලෙස නිරූපණය කිරීමකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජිමී ඇන්ඩර්සන් එක ඕවරයක දී පන්දු හයකින් කඩුලු 6ක් දවා ගත්තා ද?

Fact Check By: Fact crescendo Team

Result: Altered

Tags:    

Similar News