ඔලිම්පික්හි වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගත් යූසුෆ් ඩිකෙක් සම්බන්ධ සමාජ මාධ්‍ය සටහනේ ඇත්ත නැත්ත!

Update: 2024-08-06 10:51 GMT

මේ දිනවල පැවැත්වෙන ඔලිම්පික් තරඟ සමගින් නොයෙකුත් ක්‍රීඩා ඉසව් වල දක්ෂතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වෙනවා. මේ අතර මීටර් 10 මිශ්‍ර පිස්තෝලයෙන් වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනාගත් යූසුෆ් ඩිකෙක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් හමු වූයේ ඔහුගේ දක්ෂතාවය පමණක් ම නොවේ.

තරඟය සඳහා වෙන්වූ විශේෂ උපැස් යුවලක් පළදින්නේ නැතුව කලිසම් සාක්කුවට අතක් දමා ඉතා සැහැල්ලුවෙන් තම ඉලක්කය ගත් හේතුවෙනි. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් පළ වූ සටහනක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

යූසුෆ් ඩිකෙක්(Yusuf Dikec) ඉස්තාන්බුල්හි වෙසෙන 52 හැවිරිදි කුඩා ගරාජයක කාර්මිකයෙකු බව ත්, ඔහු පළමුවෙන් ම තුවක්කුවක් අතට ගෙන වෙඩි තැබීමට පටන් ගනු ලැබුවේ දික්කසාදයින් ඇතිවූ කම්පනය සමනය කිරීමට බව ත්, මෑතකදී වෙඩි තැබීමට පටන් ගත් බවත්, සාම්ප්‍රදායික නොවන, අනියම් ප්‍රවේශයක් පැමිණි ඔහු ඔලිම්පික් රිදී පදක්කමක් දිනාගත් බවත් ඔහු මේ බව පදක්කම දිනා ගැනීමෙන් පසු ඔලිම්පික් වේදිකාවේ සඳහන් කර බව ත්,පවසමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වී තිබුණේ මෙලෙසින්. Archived Link ‘X’ ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව සොයා කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

2024 ඔලිම්පික් තරගාවලිය මේ වන විට ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙනවා. මෙවර ඔලිම්පික් උළෙලෙදී මීටර් 10 මිශ්‍ර පිස්තෝලයෙන් වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම තම රටට දිනා දෙමින් ලොවක් අවධානය දිනූ 51 හැවිරිදි යූසුෆ් ඩිකෙක් සම්බන්ධයෙන් හා ඔහු රිදී පදක්කම දිනාගත් පසුව සිදු කළ ප්‍රකාශයක් බවට දක්වා තිබූ සටහන් සම්බන්ධයෙන් පරීක්ෂා කළා.

යූසුෆ් විශ්‍රාමික පොලිස් බලකායේ නිලධාරියෙක්

යූසුෆ් ගරාජයක කාර්මිකයෙකු ව සිටි පුද්ගලයෙක් ද යන්න අප ඔලිම්පික් වෙබ් අඩවියේ යූසුෆ්ගේ චරිතාපදානය පරීක්‍ෂා කළ අතර ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා කිහිපයක් ද සොයා ගත් අතර, ඒ කිසිවකින් ඔහු කාර්මිකයෙකු බව හෝ 2024 ජූලි 30 වැනි දින තරගයට පෙර රළු දික්කසාදයකට මුහුණ දුන් බව සඳහන් කර නොමැති බව ට තොරතුරු තහවුරු කර ගනු ලැබුවා.

ඔහු තුර්කියේ පැරාමිලිටරි පොලිස් බලකායේ විශ්‍රාමික කොමිෂන් නොලත් නිලධාරියෙක් වන බව ත්, 2008 සිට සෑම ගිම්හාන ඔලිම්පික් උළෙලකටම තරඟ කර ඇති බව ත්, ඔහු සම්බන්ධයෙන් ඇති නිල වාර්තා පෙන්වා දෙනවා.

පැරිස් 2024 ඔලිම්පික් උළෙල ඔහුගේ පස්වන සංචාරය වන අතර මීට පෙර 2008, 2012, 2016 සහ 2020 දී තරඟ කර ඇත.

යූසුෆ් 2008 සිට සෑම ගිම්හාන ඔලිම්පික් උළෙලකටම තරඟ කරයි

එමෙන් ම ඔහු පළමුවෙන් ම තුවක්කුවක් අතට ගෙන වැඩි තැබීමට පටන් ගනු ලැබුවේ දික්කසාදයින් ඇතිවූ කම්පනය සමනය කිරීමට බව ත්, මෑතකදී වෙඩි තැබීමට පටන් ගත් බවත්, සාම්ප්‍රදායික නොවන, අනියම් ප්‍රවේශයක් පැමිණි බවට පළ වන තොරතුරු අසත්‍ය වන අතර

යූසුෆ්ගේ අධ්‍යාපන සුදුසුකම්

අප ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ලැයිස්තුගත කර තිබූ ඔහුගේ නිල ජීව දත්ත ඔලිම්පික් වෙබ් අඩවිය පරීක්ෂා කර අතර, ඔහු Gazi විශ්ව විද්‍යාලයේ ශාරීරික පුහුණු හා අධ්‍යාපන පාසලේ (Ankara) ඉගෙනුම ලැබූ බවත් ටර්කියේ Selcuk විශ්ව විද්‍යාලයෙන් පුහුණු කිරීම පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලැබූ බවත් එහි සඳහන් වෙයි. ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ ද, ඒ සම්බන්ධය තොරතුරු තහවුරු කර තිබුණේ මෙලෙසින්.

යූසුෆ් සම්බන්ධ උපහාසාත්මක සටහන

තම හිටපු බිරිඳ සමඟ විශේෂයෙන් උණුසුම් ආරවුලකින් පසු මෑතකදී වෙඩි තැබීමට ගිය ඩිකෙක් යූසුෆ්, ඔහුගේ සාර්ථකත්වයට හේතුව වන්නේ, සහ ඒ වෙනුවෙන් ගෞරවය දක්වන්නේ ඔහුගේ දරුවන් දැකීමට ඇති ආශාව සහ ඔහුගේ හිටපු බිරිඳ දික්කසාද වීමට ගත් තීරණය වැරදි බව ඔප්පු කිරීමට ඇති නොපසුබට උත්සාහය ළ බව ත්, ඔහු ඉස්තාන්බුල් හි කුඩා ගරාජයක කාර්මිකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක් බව ත්, දික්කාසදයේ පීඩනය සමනය කිරීමට ඉලක්කෙට වෙඩි තැබීමේ ක්‍රීඩාවට යොමු වූ බව ත් සඳහන් වූ ඉහත සිංහල අනුවාදයෙන් පළ වී තිබූ ඉංග්‍රීසි භාෂාවෙන් 2024 අගෝස්තු 1 වන දින The Sports Memery නම් ෆේස්බුක් පිටුවක පළ වී තිබෙණේ දැක ගන්නට ලැබුණා.

මෙම සටහනේ අවසනදී පැහැදිලිව දක්වා තිබුණේ, මෙම සටහන සත්‍ය සටහනක් නොව හුදෙක් විනෝදාස්වාදය පළ කරන ලද උපහාමාත්මක කෝණයෙන් පළ කරන ලද සටහනක් (satirical post) බවයි. එමෙන් ම මෙම ෆේස්බුක් පිටුව උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ වන පිටුවක්(parody page) බවයි.

Facebook | Archived Link

කෙසේ වෙතත් ඔහුගේ විවාහය තත්ත්වයක් හෝ සම්බන්ධතාවයක් සම්බන්ධ කිසිදු නිල තොරතුරක් වාර්තා නොවේ.

යූසුෆ් ඩිකෙක් සමාජ මාධ්‍ය ඔස්සේ Viral වීමට හේතුව

2024 ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් කරා යන අතරතුර ඔහු තරඟයට ඉදිරිපත් වූ ආකාරය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි වශයෙන් කතා බහට ලක් වුණා.

ඔහුගේ සර්බියානු ප්‍රතිවාදියා වන Damir Mikec බාහිරින් එක ශබ්ද වලට අවධානය යොමු වීමට නොදීම සඳහා විශාල කන් ආරක්ෂක යුගලයක් පැළඳ එක් ඇසකට ආරක්ෂාවක් සපයමින් තරඟ කරද්දී, යූසුෆ් ඔහුගේ සාක්කුවට එක් අතක් දමා සරල ටී-ෂර්ට් එකකින් පැමිණ ඔහුගේ උපැස් යුවල පමණක් පැළඳ උදාසීන බැල්මකින් තරඟ කරනු ලැබුවා.

මිශ්‍ර කණ්ඩායම් 10 වායු පිස්තෝල වෙඩි තැබීමෙන් Mikec සහ Zorana Arunovic සර්බියාව වෙනුවෙන් රන් පදක්කම් දිනා ගත්ත ත්, යූසුෆ් ඩිකෙක් තරඟයට මුහුණ දුන් සරළ, සැහැල්ලු ආකාරය හේතුවෙන් සමාජ මාධ්‍ය මෙන් ම, සමාජයේ ද, දැඩි අවධානය ඔහු වෙත ලැබී තිබුණා.

රිදී පදක්කම ඩිකෙක් සහ සෙව්වාල් ඉලේඩා ටර්හාන් දිනා ගනු ලැබුවේ ඔලිම්පික් වෙඩි තැබීමේදී තුර්කිය ලැබූ පළමු පදක්කම ලෙස ඉතිහාසගත වෙමින්.

ලෝකඩ පදක්කම ඉන්දියාවේ මනු බාකර් සහ සරබ්ජෝත් සිං වෙත හිමි විය.

ඩිකෙක් කිසිදු වෙඩි තැබීමේ ආම්පන්නයක් පැළඳ නොසිටි බව ට පළ වන සටහන් ද, පළ වූවත්, ඔහු අවසන් තරඟය අතරතුර අවධානය වෙනතකට යොමු කිරීම වැළැක්වීම සඳහා කහ පැහැති earplugs පැළඳ සිටි අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දිස් නොවේ.

විශේෂ උපකරණ නොමැතිව වෙඩි තබන තුර්කි ඔලිම්පික් රිදී පදක්කම්ලාභී යූසුෆ් ඩිකෙක් එම තරඟ ඉසව්වෙන් පසුව සහභාගී වූ වැඩසටහනක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙවර ඔලිම්පික් උළෙලෙදී මීටර් 10 මිශ්‍ර පිස්තෝලයෙන් වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගත් යූසුෆ් ඩිකෙක් ගරාජයක කාර්මිකයෙකු බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි. ඔහු තුර්කියේ පැරාමිලිටරි පොලිස් බලකායේ විශ්‍රාමික කොමිෂන් නොලත් නිලධාරියෙක් වන බව ත්, 2008 සිට සෑම ගිම්හාන ඔලිම්පික් උළෙලකටම තරඟ කරමින් සිටින ක්‍රීඩකයෙකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඔලිම්පික්හි වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගත් යූසුෆ් ඩිකෙක් සම්බන්ධ සමාජ මාධ්‍ය සටහනේ ඇත්ත නැත්ත!

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News