රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ හදවත ද?

Update: 2024-08-13 16:56 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත් ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයින් අළලා නොයෙකුත් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර ඇතැම් පිරිස් විසින් සිදු කරන අනුමානයන් ද, තහවුරු කර ගත් සත්‍ය තොරතුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වනවා.

එලෙසින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරඟ වදින ලකුණ සම්බන්ධයෙන් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘හදවත’ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

Facebook | Archived Link Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්

මේ පිළිබඳ අපගෙන් බොහෝ දෙනෙකු අපගෙන් විමසා තිබූ බැවින් එම ඉල්ලීම්ද මුල් කරගනිමින් මෙහි නිරවද්‍යතාව සොයා කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුබිම

ජුලි 26 වැනිදා නිකුත් කළ ඇති විශේෂ ගැසට් නිවේදනයක් හරහා මැතිවරණ කොමිසම දන්වා සිටියේ, ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා නාම යෝජනා කිරීම සඳහා අගෝස්තු 15 වනදා ත් ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් 21 වනදා ත් යනුවෙන් දින නියම වී ඇති බවයි.

ජුලි 26 සිට අගෝස්තු 14 වැනිදා මධ්‍යාහන 12 දක්වා, මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ මුදල් අංශයේ දී , අදාළ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් භාර ගැනීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සහාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැහැදිලි කර සිටියා.

ඒ අනුව ජුලි මස 26 වනදා ම පෙරවරුවේ , 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුවුණා.

එත් සමඟම ජනපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනපති සටහනට කුමන ලකුණක් යටතේ තරඟ වදීවී ද යන්න පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත් වී තිබූ අතර ‘හදවත’ ලකුණ ගැන ද බොහෝ මති මතාන්තර ඉදිරිපත් වුණා.

මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනය

1981 අංක 1 දරන පාර්ලිමේන්තු පනත යටතේ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයින් සඳහා වන ඡන්ද ලකුණු, මැතිවරණ කොමිසම විසින් ජුලි 29 වන දා අති විශේෂ ගැසට් නිවේදනයක් හරහා නිකුත් කර තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘හදවත’ ලකුණින් තරඟ කරන බවට සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබුණ ද, එවැනි සලකුණක් මැතිවරණ කොමිසම මඟින් නිකුත් කළ ගැසට් නිවේදනයේ, ස්වාධින අපේක්ෂකයින් සඳහා ලබාගත හැකි සලකුණු අතර නොමැති බවට අප කළ පරීක්ෂාවේදී තහවුරු වුණා.

2024 ජනාධිපතිවරණයට අදාළ, දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන අපේක්ෂකයින්ට ලබාගත හැකි ඡන්ද ලකුණු මෙතනින්. 2023 ජනවාරි මස 16 වන දිනැති අංක 2315/06 දරන ඇති විශේෂ ගැසට් පත්‍රයේ අඩංගු ලකුණු සංශෝධනය කරමින් ඉහත ගැසට් නිවේදනය නිකුත් කර තිබු අතර එම ජනවාරි මස ගැසට් නිකුත් කර තිබූ නිවේදනයේ ද සඳහන් වූ ලකුණු වල ‘හදවත’ සලකුණ නොතිබුණි. එම නිවේදනය මෙතනින්.

එසේම පසුගිය 2019 ජනපති මැතිවරණයට අදාළ ලකුණු ලෙස එම අවධියේ මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් පත්‍රයේ හෝ ‘හදවත’ සලකුණක් දක්නට ලැබෙන්නේ නැහැ.

මැතිවරණ කොමසාරිස් ජනරාල්

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ, ස්වාධීන අපේක්ෂකයන්ට ලාංඡන කලින් වෙන් කරවාගත නොහැකි බවද, නාමයෝජනා භාරදීමෙන් පසුව සියලු ස්වාධීන අපේක්ෂකයන් කැඳවා, ලියාපදිංචි ලාංඡන ප්‍රමාණය ලබා දෙන බව ද, ඒ අතරින් තමන් කැමැති ලාංඡන අපේක්ෂකයන්ට ලබාගත හැකි බවයි.

මැතිවරණ කොමිසම තවදුරටත් පවසන්නේ ස්වාධීන අපේක්ෂකයකුට නිශ්චිත ලකුණක් ලබාගත නොහැකි බව ද එම ලකුණම තව කෙනෙකු ඉල්ලා සිටියොත් කුසපත් ඇදීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසනවා.

ලබන 15 වන දා මැතිවරණ කොමිසමේදී නාම යෝජනා භාර ගැනීම සිදු කිරීමට නියමිත බැවින් ඉන් පසුව ස්වාධීන ඡන්ද අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නිල ඡන්ද සලකුණ කුමක්ද යන්න පිළිබඳ දැනුවත් කිරීමට නියමිත බැවින්, එම නිවේදනය නිකුත් කිරීමෙන් පසු, රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන ලකුණ ගැන තොරතුරු දක්වමින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

https://www.tiktok.com/@factcrescendosl/video/7403235269173988609?is_from_webapp=1&sender_device=pc&web_id=7378747653184505345

Updated 15/08.24

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී යොදා ගන්නා ලකුණ හදවත බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බවයි.

මැතිවර‍ණ කොමිසම විසින් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයින් සඳහා ලබාගත හැකි ඡන්ද ලකුණු සඳහන් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එහි ‘හදවත’ ලකුණක් නොමැති බවින් එම ලකුණ මෙවර ජනපති මැතිවරණයේ කිසිදු හෝ අපේක්ෂකයෙකුට ලබාගත නොහැක.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ හදවත ද?

Written By: Pavithra Sandamali

Result: False

Similar News