ඡන්ද පත්‍රිකාවේ කතිරය ලකුණු කරන්න බැරිද?

Update: 2024-08-16 12:34 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2024 ජනාධිපතිවරණයේදී ඡන්ද ලකුණු කිරීමේදී ‘කතිර’ ලකුණ සලකුණු කිරීමට නොහැකි බව දක්වමින් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය වාර්තා කර ඇති සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්

සමාජ මාධ්‍ය සටහන් :

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ විශේෂ වෙනසක් වී ඇති බවත්, ඒ අනුව කතිරය ලකුණු කිරීම වෙනස් වී ඇති බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් පමණක් බවත් හැඟවෙන අයුරින් සඳහන් කරමින් සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

එම සටහනේ සඳහන් වී තිබූ වෙබ් ලිපිය මෙතනින්.

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කිරීම පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත වාර්තා වල පෙන්වා දෙන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් පරීක්ෂාවට භාජනය කරනු ලැබුවා.

ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මෙවර මැතිවරණයේදී ‘කතිරය’ ලකුණ නොමැති බවට දක්වා තිබුණු බැවින් එවැනි ලිපි වාර්තා වීමට තුඩු දුන් රත්නායක මහතා විසින් මෑතකදී සිදු කළ ප්‍රකාශයන් ඇතුළු මාධ්‍ය සාකච්ඡා මෙන් ම, මාධ්‍ය වැඩසටහක් ද විමර්ශනය කළා.

ඒ අනුව, පසුගිය අගෝස්තු 15 වන දා BBC සිංහල වෙබ් අඩවියේ පළ වී තිබූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවක් වෙත අපගේ අවධානය යොමු වුණා.

එම සාකච්ඡාව මෙහෙය වන BBC මාධ්‍ය වේදී සම්පත් ධර්මප්‍රිය දිසානායක විසින් මෙවර ප්‍රධාන අපේක්ෂකයින්ට ත් 50% ක ප්‍රතිඡතයක් ලබා ගැනීම අපහසු වුවහොත් එවැනි තත්ත්වයකදී සිදු වන්නේ කුමක් ද, යන්න පිළිබඳ රත්නායක මහතාට පැනයක් යොමු කරනු ලබනවා.

මෙම අවස්ථාවේදී ඔහු විසින් සඳහන් කරන්නේ, “මෙවර ඡන්දය ප්‍රකාශ කරන්න තියෙන්නේ ඉලක්කම් වලින් බවත්, ඡන්දය 1 ඉලක්කමෙනුත් මනාපය 2, 3 ඉලක්කමෙනුත්” බවයි. එම සම්මුඛ සාකච්ඡාව මෙතනින්.

Full View

කිසිඳු හෝ අපේක්ෂකයෙකු 50% කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නේ නම් මානප ක්‍රමය මඟින් සලකුණු කල දෙවන හා තෙවන මානාප සැලකිල්ලට ලක්වීම පිළිබඳව මෙහිදී පැවසුවද, කතිරය භාවිත කිරීමට නොහැකි බවට එම සම්මුඛ සාකච්ඡාවේ කිසිදු අවස්ථාවකදී මැතිවරණ කොමිසමේ සභාපති විසින් ප්‍රකාශ කෙරෙන්නේ නැහැ.

ඔහු මෙම ප්‍රකාශය සිදු කරන ආකාරය අනුව මෙවර ඡන්දය භාවිත කිරීමට ඇත්තේ කතිර සලකුණ නොමැතිව 1,2,3 යන ක්‍රමයෙන් බවට පමණක් ඇතැම් පිරිස් නොමග ගිය ද, මාධ්‍යවේදියා විසින් සිදු කරන ලද පැනය අනුව ඔහු පිළිතුර ලබා දුන්නේ 50% නොමැති නම් නීතිය අනුව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය බව තහවුරු වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ පැහැදිලි කිරීම

මේ පිළිබඳ අප වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා, අප මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) චන්න ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර, ඒ මහතා තහවුරු කළේ, ‘කතිරය’ ලකුණ සලකුණු කිරීම අවලංගු කර නොමැති බවත්, යමෙකුගේ අභිමතය එක් අපේක්ෂකයෙකුට පමණක් ඡන්දයක් ලබා දීමට නම්, අදාළ අපේක්ෂකයාගේ සලකුණ ඉදිරියේ කතිර ලකුණ භාවිත කළ හැකි බවයි.

එහෙත් එක් අපේක්ෂකයෙකු ට වැඩියෙන් ඡන්දය ලබා දීමට අදහස් කරන්නේ නම් කතිරය භාවිතා කිරීම වලංගු ක්‍රමයක් වන්නේ නැහැ. එනම් කතිරය සමඟ කිසිඳු හෝ තවත් ලකුණක් යොදන්නේ නම්, එය අවලංගු වන ඡන්දයක් ලෙසයි සැලකෙන්නේ.

මේ නිසා නිසි අකාරයෙන් අපේක්ෂකයින් එක් අයෙකුට වඩා ඡන්දය ලබදෙන්නේ නම්, එසේ දීමට අදහස් කරන ප්‍රමුඛතාවය මත, 1 ලෙස සිය පළමු ඡන්දයත්, 2,3 ලෙස දෙවන සහ තෙවන මනාප ද, ඡන්ද පත්‍රිකාවේ සටහන් කළ හැකියි. කෙසේ වෙතත් මේ ගැන වැඩිදුරටත් තොරතුරු සඳහන් කරමින් මාධ්‍ය දැනුවත් කිරීමක් සිදු කරන බව ඔහු සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්ෂකයින් කිහිප දෙනා අතර පසුගිය මැතිවරණවලට වඩා තරගකාරිත්වයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කරන නිසා, කිසිදු හෝ අපේක්ෂකයෙකු 50%ක් ඡන්ද ලබා ගැනීමට අපහසු වුණොත්, දෙවන සහ තෙවන මනාප ගණනය කිරීමේ ක්‍රමයේ අවශ්‍යතාව පැන නගින බැවින්, තමන්ගේ කැමැත්ත මත දෙවන හා තෙවන මනාප ද ලබා දීමේ හැකියාව පවතින බවත්, පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදි මැතිවරණ කොමිසම සඳහන් කළා. 

ඡන්ද පත්‍රිකාවක නිසියාකාරව ඡන්දය ලකුණු කරන්නේ කෙසේ ද, යන්න හා මනාප ක්‍රමය ඔස්සේ ඡන්දය ගණනය කරනු ලබන ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමට අප පළ කර ඇති වාර්තාවක් පහතින්. 

දෙවන, තෙවන මනාප හරියට දාන්නේ කොහොමද?

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ විශේෂ වෙනසක් වී ඇති බවත්, ඒ අනුව මෙම මැතිවරණයේදී කතිරය ලකුණු කිරීම සිදු නොවන බවටත් දක්වමින් මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍යයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, ‘කතිරය’ ඡන්ද පත්‍රිකාවේ සලකුණු කිරීම අවලංගු කර නොමැති අතර එය එක් අපේක්ෂකයෙකු සඳහා ඡන්දය ලබා දීමේදී පමණක් භාවිත කළ හැකි බවයි.මෙම නොමග යෑම මැතිවරණ කොමිෂන් සභාව් සභාපති විසින් සිදුකළ ප්‍රකාශය වරදවා වටහා ගැනීම තුළින් සිදු වී ඇති බවට පෙන්වා දිය හැක.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඡන්ද පත්‍රිකාවේ කතිරය ලකුණු කරන්න බැරිද?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News