ජනාධිපති ලේකම්වරයා විසින්, ජනපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාසට වාහනයක් අනුයුක්ත කළා ද?

Update: 2024-08-20 17:22 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල සිදුවන ඇතැම් පරිපාලනමය කටයුතු, මැතිවරණයට අදාළකර ගනිමින්, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වන්නේ බොහෝ දෙනා නොමඟ යවමින්. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍ය කරුණු සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත, ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීමෙන්, SG KU 5836 දරන වාහනය මෑතක දී අනුයුක්ත කර ඇති බවට හඟවමින්, ඒ බව සඳහන් ලිපියක් ද සහිතව, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

එහෙත් මීට මාස කිහිපයකට පෙර, එනම් මැයි මස 09 වැනිදා දිනැති, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කර තිබු එම ලිපියේ සඳහන් වන්නේ ඉහත අංකය දරන වාහනය, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය හරහා ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යංශයට ලබාගෙන, එය විපක්ෂ නායක කාර්යාලයට අනුයුක්ත කරන ලෙසයි.

Facebook | Archived Link

පසුගිය අගෝස්තු 15 වැනිදා ජනාධිපතිවරණ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතට අත දී සුබ පැතීමට සැරසෙද්දී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ වෙනුවට වැඳ ආචාර කිරීමේ සිදුවීමද සඳහන් කරමින් මෙම සටහන් මගින් පෙන්වා දී තිබුනේ, එවන් තත්වයක දී වුවද විපක්ෂ නායක කාර්යාලයට ආණ්ඩුවෙන් වාහනයක් ලැබී ඇති බවයි.

එසේම මෙම කරුණු ඇතුළත් සටහන් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබු අතර මෙවැනි මැතිවරණ සමයක විපක්ෂා නායක කාර්යාලයට වාහනයක් අනුයුක්ත සිදුවුණි ද යන්න පිළිබඳව ද ප්‍රශ්න කර තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත සටහන් වල පෙන්වා දී ඇති SG KU 5836 දරන වාහනය අනුයුක්ත කර ඇත්තේ විපක්ෂ නායක තුමාට ද, යන්න හා එසේ අනුයුක්ත කර ඇත්නම් ඒ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දීමෙන් පෙර හෝ පසු ද යන්න ඇතුළු මෙහි සඳහන් සිදුවීමට අදාළ කරුණු සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය

මේ සඳහා විමසා බැලීමට අප ප්‍රථමයෙන් ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, අධ්‍යක්ෂ ව්‍යවස්ථා දායක සේවා / වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්.ජයලත් පොර්රා මහතා ගෙන් විමසීමක් කළා.

ඒ මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන්ගේ කාර්යාලය මෙන්ම, විපක්ෂයේ නායක කාර්යාල ද වෙන වෙන ම පවතින බවත්, මෙකී කරුණ සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයෙන් තොරතුරු ලබාගන්නා ලෙසත් ය.

ඒ අනුව, මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයෙන් විමසීමේ දී ඔවුන් අපට තහවුරු කර සිටියේ, SG KU 5836 දරන එම වාහනය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අනුයුක්ත කර නොමැති බවයි.

එමෙන් ම, පසුගිය මැයි 15 වන දින, ඉහත අංකය දරන නිල වාහනය, විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරය හොබවන මන්ත්‍රීවරයෙක්ට, එම ධුරයට හිමි වරප්‍රසාද යටතේ, ඔහුගේ ඉල්ලීම මත අනුයුක්ත කර ඇති බවත් එම කාර්යාලයෙන් තහවුරු කළා. ඒ සඳහා ඉදිරිපත් කර ඇති ලිපිද අප වෙත යොමු කරන ලදී.

විපක්ෂ නායක මාධ්‍ය අංශය

මේ පිළිබඳ තහවුරු කිරීම සඳහා අප විපක්ෂ නායක මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, මෙහි සඳහන් මෝටර් රථය, මැතිවරණය හේතුවෙන් විපක්ෂ නායකට සජිත් ප්‍රේමදාස මහතාට අනුයුක්ත කළ වාහනයක් නොවන බවයි.

එසේම, 2023 දී අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 23/1277/60/007 ඔස්සේ ලබාගෙන තිබු විශේෂ කැබිනට් අනුමැතිය යටතේ සඳහන් වී තිබුනේ, විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක තනතුර සඳහා එම අවධියේ පත්වී තිබු මන්ත්‍රීවරුන් දෙදෙනාට, රජයේ නියෝජ්‍ය/රාජ්‍ය අමාත්‍යවරයෙකුට සමාන වරප්‍රසාද ලැබෙන බවයි.

ඒ අනුව, එම වරප්‍රසාද යටතේ කළ ඉල්ලීමකට අනුව, විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයේ සිටින මන්ත්‍රීවරකුට හිමි වූ නිල රථයක් සම්බන්ධයෙන් මෙම වැරදි වැටහීම ඇතිවී තිබෙන බව ද, මෙහිදී සියලුම ඉල්ලීම් නෛතික රාමුව යටතේ සිදුව ඇති බවත්, ඒ අනුව සබරගමුව පළාත් ලේකම් කාර්යාලය යටතේ තිබු වාහනයක්, මෙහිදී අනුයුක්ත කර ඇති බවද පැහැදිලි කර සිටියා.

Office of the leader of Opposition of parliament

මෙම නිල රථය අනුයුක්ත කිරීමට අදාළ ලිපි පරික්ෂා කිරීමේ දී ද අපට දැක ගන්නට ලැබුණේ, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ වෙත මේ සම්බන්ධයෙන් විමසා තිබු අතර, ඉන්පසුව එම පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් විසින් සිදු කළ ඉල්ලීමකට අනුව, 2024.05.13 දින සිට අංක SG KU 5836 දරණ ටොයෝටා ප්‍රඩෝ ජීප් රථය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් කාර්යාලය වෙත ‍යොමු කර තිබුණේ, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් විසින් බවයි. ඊට පෙර මෙම වාහනය සබරගමුව පළාත් සභාවට අනුයුක්ත වී තිබුණා.

මේ අනුව පැහැදිලි වන්නේ අදාළ ජීප් රථය, රජයට අයත් වාහනයක් වන අතර, විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක විසින් සිය වරප්‍රසාද යටතේ කළ ඉල්ලීමකට අනුව, අනුයුක්ත කල නිල වාහනයක් බවයි.

මේ සඳහා අදාළ රාජ්‍ය ආයතන හරහා හුවමාරු වූ නිල ලිපි ලේඛන, තහවුරු කිරීම සඳහා අප වෙත යොමු කළ අතර එම ලිපි ලේඛන අප විසින් පරීක්ෂා කර බලා ඉහත කරුණු සහතික කර ගන්නා ලදී.

තව ද ඉහත නිල රථයට අදාළ ලිපි ගනුදෙනු සියල්ල 2024 මැයි මස සිදුවී අවසන් වී තිබෙන අතර, එම වාහනය ද එම අවධියේ දීම විපක්ෂ නායක කාර්යාලය හරහා, විපක්ෂ නියෝජ්‍ය සංවිධායකවරයෙකු වන පාර්ලෙමේන්තු මන්ත්‍රී ගයන්ත රත්නායක මහතාට අනුයුක්ත කර තිබෙන අතර, ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වෙන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නිවේදනය සිදුකරන්නේ පසුගිය ජුලි මස 26 වැනිදා යි.

එසේම මෙලෙස මැතිවරණ සමයේ විපක්ෂ නායක කාර්යාල විසින් අක්‍රමිකව රථයක් ලබාගැනීම පිළිබඳව චෝදනාවක් පිලිබඳ නිල පුවත් වාර්තා ද අපට දැක ගන්නට නොලැබුණු බැවින් අප මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයකින් ද විමසා සිටි අතර ඔවුන්ගේ ප්‍රතිචාරය මත මෙම ලිපිය යාවත්කාලින කිරීමට ද බලාපොරොත්තු වෙමු.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සංවිධායක තනතුරු

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු තනතුරු සඳහා නියෝජ්‍ය/රාජ්‍ය අමාත්‍යවරයෙකුට හිමි දීමනා ඇතුළත් කරන ලෙස 2019 වසරේ එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා යැවූ සංදේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබුණා.

එසේම විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සඳහා ද, නියෝජ්‍ය/රාජ්‍ය අමාත්‍යවරයෙකු ට හිමි පහසුකම් හා කාර්ය මණ්ඩල ද ලබා දීමට, ඉහත සඳහන් කළ පරිදි, පසුගිය 2023 ජූලි මස කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

මෙතෙක් සිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු ලැයිස්තුව මෙතනින්. මෙතෙක් සිටි විපක්ෂයේ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු ලැයිස්තුව මෙතනින්.

එසේම 2022 වසරේ දී ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සහ සහකාර සංවිධායක වරු කිහිපදෙනෙක් ද පත්වීම් කර තිබු අතර ඒ අතරින් ද, අදාළ කැබිනට් අනුමැති යටතේ, නියෝජ්‍ය සංවිධායකවරුන්ට නිල වාහන ඇතුළු වරප්‍රසාද හිමිවනවා.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් SG KU 5836 දරන වාහනය, මැතිවරණ සමයේ දී අනුයුක්ත කර ගෙන ඇති බවක් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් නොමග යවන සුළුයි.

එම අංකයෙන් යුතු වාහනයක් සජිත් ප්‍රේමදාස මහතාට අනුයුක්ත කර නොමැති අතර එම වාහනය, 2023 වසරේ ලද කැබිනට් තීරණයක් මත, විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට හිමිවන බලතල ප්‍රකාරව, විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරයෙකු සිදුකළ ඉල්ලීමකට අනුව, ජනාධිපතිවරණ මැතිවරණය දැනුම්දීමට මාස දෙකකටත් පෙර, අනුයුක්ත කර ඇති ජීප් රථයකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජනාධිපති ලේකම්වරයා විසින්, ජනපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාසට වාහනය අනුයුක්ත කළ සටහනේ ඇත්ත නැත්ත!

Written By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News