2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කරනවාද?

Update: 2024-08-24 05:38 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2009 ට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් නිර්මාණය වී තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කරන බවට දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ඉදිරි මාස තුනක කාලය තුළ මෙම බලපත්‍ර අවලංගු කිරීමට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ත්, පැරණි රියදුරු බලපත්‍ර සියල්ලම භාවිතයෙන් ඉවත් කිරීම යටතේ, මෙම තීරණය ගත් බව ට මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළ බව ද, මේ සටහනේ දක්වා තිබූ සබැඳියේ වෙබ් වාර්තාවේ දැක්වේ. එම වාර්තාව මෙතනින්. Archived Link

ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මේ පිළිබඳව වාර්තා කර තිබුණේ, මෙලෙසින් සහ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව විමසමින් බොහෝ දෙනෙකු අපගෙන් විමසීම් කළ අතර මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බවට සහය දක්වන කිසිදු සාක්ෂියක් පිළිබඳ අපට දැක ගන්නට නොලැබුණි.

පසුගිය ජූලි 24 වන දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සඳහන් කර තිබුණේ, මේ වන විට පවතින්නේ 2009 වසරේ නිකුත් කිරීමට ආරම්භ කර තිබූ රියැදුරු බලපත්‍රයක් බව ත්, ඉදිරියේදී ඩිජිටල් රියැදුරු බලපත්‍රයක් ලබා දීමට සියල්ල සූදානම් බව ත්, ඒ මහතා ප්‍රකාශ කර සිටියා. මුළු ලංකාව ම ස්වයංක්‍රීයව කරපු පද්ධතියක් ඇසුරෙන් පුද්ගලයන්ට ඉතාමත් පහසුවෙන් තාක්ෂණය භාවිත කරමින් ඉදිරියේ රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ කාර්ය ඉතාමත් විධිමත් ව සහ කාර්‍යක්‍‍‍‍‍ෂම ව පුද්ගලයන් ට ලබා දීමට කටයුතු සිදු කිරීමට නියමිත බව සඳහන් කළ ත්, 2009ට පෙර පැවති බර වාහන රියැදුරු බලපත්‍ර අවලංගු කරන බව ට ප්‍රකාශයක් දැක ගන්න ට නොලැබුණි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්

මෙම සටහන් සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර තිබුණේ, මෝටර් රථ දෙපාර්තමේන්තුව හෝ රජය විසින් 2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කිරීමේ තීරණයක් ගෙන නොමැති බව ත්, සමාජ මාධ්‍ය සටහන් නොමග යවන සුළු බවයි.

රියදුර බලපත්‍රවලට ඇත්තටම වෙන්නේ කුමක්ද?

මෙවැනි කතාවක් නිර්මාණය වීමට හේතුවී ඇත්තේ, මේ වන විට මහ මාර්ගයේ සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සහ මහ මාර්ගයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය සලකා බලලා රියැදුරු බලපත්‍රය සම්බන්ධයෙන් අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවයි.

මෙහිදී රියදුරු බලපත්‍රය හිමි පුද්ගලයෙකු මහ මාර්ගයේ රථ වාහන වරදක් සිදු කරනු ලැබු විට ප්‍රවාහන පොලිස් නිලධාරීන් විසින් ලබා දෙනු ලබන දඩ කොළය අනුව ඒ මොහොතෙම දඩය සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය ඩිජිටල් පද්ධතියේ ක්‍රමවේදය සකස් කර ඇති බව ත් ය.

එමෙන් ම, එහිදී සිදු කරනු ලබන වරදට සාපේක්ෂව හිමි වන දඬුවම් ලකුණු ප්‍රමාණයක් තමන්ගේ රියැදුරු බලපත්‍රයට එකතු වීමේ ක්‍රම වේදයක් මෙමගින් ක්‍රියාත්මක වන අතර, මේ අසාදු ලකුණු ක්‍රම වේදය රියැදුරු බලපත්‍රයට අදාළව ලකුණු 24ක් දක්වා එකතු වීමේන් පසුඑම රියැදුරු බලපත්‍රය අවලංගු වන ක්‍රමවේදයක් මෙහිදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

තව ද, රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා වසරකට පසු නැවත මුල සිට වාහන බලපත්‍රයක් ලබා ගැනීමට සිදු වන අයුරින් මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කෙරෙනු ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

දිනකට මහ මාර්ගයේ මිය යන පිරිස 7 දෙනෙක් වන අතර රිය අනතුරු හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට බොහෝ පිරිසක් පත් වී ඇති බව ත්, මහ මාර්ගයේ ගමන් කරන පදිකයන්ගේ සහ රථ වාහන පදවන්නන්ගේ මහජනයාගේ ආරක්ෂාව සඳහා මහ මාර්ගයේ විනයක් ඇති කිරීමට මෙම ක්‍රම වේදය හඳුන්වා දුන් බව ත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඒ අනුව ඉදිරි මාස තුන ඇතුළත මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බව පසුගිය 22 වන දා පැවති මාධ්‍ය හමුවේදී මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ විරසිංහ මහතා සඳහන් කළා.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මා‍ධ්‍ය ඔස්සේ සංසරණය වූ 2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කරන බවට දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සඳහන් කරයි. ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සලකා බලා රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කරනවාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News