ජනාධිපතිවරණය ගැන රහසිගත සමීක්‍ෂණ තොරතුරු ලෙස හුවමාරු වන සටහන්, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි!

Update: 2024-08-27 10:39 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2024 ජනාධිපතිවරණයේ දින ළං වීමත් සමග ජනතා මතය වෙනස් කිරීමට, සහ නොමග යැවීමට බොහෝ සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වනවා. මේ අතර සමීක්ෂණ වලින් හෙළිවන ප්‍රතිඵල බවට දක්වමින් නොයෙකුත් අපේක්ෂකයින් ඉස්මතු කිරීමටත්, ඇතැම් අපේක්ෂකයින් පහත හෙළීමත් සිදු කරන අතර එලෙසින් සංසරණය වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

2024 ජනාධිපතිවරණයේදී NPP නායක අනුර කුමාරගේ ජයග්‍රහණය විය හැකි බවට ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික කේබලයක් පිළිගෙන ඇති බව ත්, එමෙන් ම සිදු කරන ලද රහසිගත සමීක්ෂණයකින් ද, ඒ බව ට සනාථ වී ඇති බව ට සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

“රහස් වාර්තාව: ශ්රී ලංකාවේ 2024 ජනාධිපතිවරණය පිළිබඳ ඉන්දීය රාජ්යතාන්ත්රික තක්සේරුව

එළැඹෙන 2024 ජනාධිපතිවරණයේදී එන්පීපී නායක අනුර කුමාරගේ ජයග්රහණය විය හැකි බවට ඉන්දීය රාජ්යතාන්ත්රික කේබලයක් පිළිගෙන ඇති බව මෑත කාලීන වාර්තා පෙන්වා දෙයි. මෙම කේබල් පනිවිඩයට අනුව විවිධ ක්රම ඔස්සේ සිදුකරන ලද රහසිගත සමීක්ෂණයකින් පෙනී යන්නේ අනුර කුමාර මහතාට පහසු බහුතරයක් ලබාගැනීමට නියමිත බවයි. මෙම තක්සේරුව මැතිවරණයට දින 30කට පෙර එන අතර කුමාරගේ වැඩෙන සහයෝගය දෙසට යොමු කරන ප්රධාන දර්ශක කිහිපයක් ඉස්මතු කරයි.

ප්රධාන තීක්ෂ්ණ බුද්ධිය

1.අනුර කුමාරගේ නැගී එන ජනප්රියත්වය

කේබලය හෙළි කරන්නේ එන්පීපී නායකයාගේ ජනප්රියත්වය ඉහළ ගොස් ඇති අතර ඔහු ඉදිරියෙන් සිටින තැනැත්තා ලෙස ස්ථානගත කර ඇති බවයි. සමීක්ෂණ ප්රතිඵලවලින් පෙනී යන්නේ කුමාර ඔහුගේ තරඟකරුවන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බව පුලුල්ව පැතිරුනු මහජන සහයෝගය යෝජනා කරයි. මෙම වර්ධනය මැතිවරණ දිනය ළං වන විට ඔහු සැලකිය යුතු ඉදිරියෙන් සිටින බවට තීරණාත්මක දර්ශකයක් ලෙස සැලකේ.

2.NPP හි වර්ධනය වන සංඛ්යා

සමීක්ෂණය මගින් NPP හි සමස්ත ආධාරක පදනමේ ස්ථාවර වැඩිවීමක් ඉස්මතු කරයි. මෙම වර්ධනය කුමාරගේ නායකත්වය සහ ප්රතිපත්ති කෙරෙහි ඡන්දදායකයින්ගේ දැඩි විශ්වාසය පිළිබිඹු කරන අතර, ප්රචාරක ව්යාපාරයේ අවසාන කොටසේදී පක්ෂයේ ප්රවේගයට දායක වේ.

3.SJB හි අඩුවන සහය

ඊට ප්රතිවිරුද්ධව, SJB (සමගි ජන බලවේගය) සඳහා වන සහයෝගය පහත වැටීමක් සමීක්ෂණය යෝජනා කරයි. SJB සාමාජිකයින් කිහිප දෙනෙකු නැවතත් UNP (එක්සත් ජාතික පක්ෂය) වෙත පක්ෂපාතීත්වය මාරු කිරීමත් සමඟ සැලකිය යුතු වෙනසක් නිරීක්ෂණය වී ඇත. මෙම ප්රවණතාවය SJB හි සංඛ්යාව දුර්වල කර ඇති අතර මැතිවරණයේදී ඵලදායි ලෙස තරඟ කිරීමට ඔවුන්ට ඇති හැකියාව පිළිබඳව සැක පහළ කර ඇත.

4. උපායමාර්ගික අපගමනය සහ පක්ෂ ගතිකත්වය

SJB ප්රධාන සාමාජිකයින් එජාපයට ආපසු හැරවීම මැතිවරණ භූමියට බලපාන තීරණාත්මක සාධකයක් ලෙස සැලකේ. මෙම මාරුව SJB හි අවස්ථා හීන කරනවා පමණක් නොව, රටේ සමස්ත දේශපාලන ගතිකත්වය සඳහා උපායමාර්ගික ඇඟවුම් ඇති කළ හැකි එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ශක්තිමත් කරයි.

වත්මන් ප්රවණතා මත පදනම්ව අනුර කුමාරගේ ජයග්රහණයේ සම්භාවිතාව රහසිගත රාජ්යතාන්ත්රික කේබලය අවධාරනය කරයි. මැතිවරණය ළං වන විට, SJB හි අභියෝග සමඟ NPP ශක්තිමත් වන තත්ත්ව

Facebook | Archived Link

මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ ද, සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම සමාජ මාධ්‍ය සටහන සඳහා පාදක කර ඇති සමීක්ෂණය විසින් ලබා ගත් තොරතුරු හෙළි කර ඇත්තේ කුමන පාර්ශවයකට ද, යන්න මෙහි සඳහන් කර නොමැති බවත්, මෙවැනි රහස්‍ය සමීක්ෂණයක් සිදු කර ලබා ගත් ප්‍රතිඵල කිසිදු ප්‍රධාන ඉන්දීය මාධ්‍ය වාර්තාවක් හෝ දැක ගන්නට නොලැබේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

මේ පිළිබඳ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ, මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය බවත්, කිසිදු අයුරකින් මෙරට ජනාධිතපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂයකයින් අතරින් ජනාධිපතිවරයා ලෙසට තේරීපත් වන්නේ, කවුරුන්ද යන්න පිළිබඳ සමීක්ෂණයක් සිදු කොට නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම සටහන් වලින් ජාතික ජන බලවේගයේ කඩා වැටීම වැනි කරුණු එක් කරමින් තවත්, ජනාධිපති අපේක්ෂකයෙක් වන සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂය සම්බන්ධයෙන් අවතක්සේරු කරමින් අවාසි වන අයුරින් ප්‍රකාශ ගෙන හැර පානු ලබයි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් පසුගියදා ඉල්ලීමක් සිදු කළා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර තිබුණේ, සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ වීඩියෝව මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2024 ජනාධිපතිවරණයේදී NPP නායක අනුර කුමාරගේ ජයග්‍රහණය විය හැකි බවට ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික කේබලයක් පිළිගෙන ඇති බව ත්, එමෙන් ම සිදු කරන ලද රහසිගත සමීක්ෂණයකින් ද, ඒ බව ට සනාථ වී ඇති බව ට සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි. මේ පිළිබඳ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම වාර්තා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ, මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය බව යි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අනුර කුමාර ජයග්‍රහණය කරන බවට ඉන්දියාවේ රහසිගත සමීක්‍ෂණයකින් හෙළි වූ බවට පළ වන සටහන් අසත්‍යයි!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News