තැපැල් ඡන්දයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාරයක්!

Update: 2024-09-04 11:08 GMT


දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතර තරඟය උණුසුම් කරමින් අදින් ඇරඹි තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම හා සම්බන්ධව අපේක්ෂකයින් ලබා ගත් ප්‍රතිපල බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ජනාධිපතිවරණය 2024 තැපැල් ඡන්දය. සැප්තැම්බර් 4 වන දා සවස 01 වන විට දිවයින පුරා තත්ත්වය යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.


Facebook | Archived Link

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.


අපේක්ෂකයින් කිහිප දෙනෙකු වැඩිම ප්‍රතිශතයක් ලබා ගත් බවට පළ වන තව ත් ෆේබුක් සටහන් කිහිපයක් පහතින්.










 


මෙහි නිරවද්‍යතාව පිළිබඳ කටයුතු කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද දිනයේ ආරම්භ වුණා.

මෙලෙසින් අද ඇරඹී තැපැල් ඡන්ද දැමීම, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවල මෙන් ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරි කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බලකාය, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පැවතුණා.

නමුත් කිසිදු අයුරකින් මෙලෙසින් සලකුණු කරන තැපැල් ඡන්ද ගණනය කිරීමක් මෙම මස 21 වන දින ජනාධිපතිවරණය පැවතීමට පෙර ගණනය කිරීමක් සිදු නොවෙනු ඇත.

අප මේ පිළිබඳව වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) චන්න ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඒම තොරතුරු අසත්‍ය බව ත්, තැපැල් ඡන්ද ගණන් කිරීම සිදු වන්නේ සැප්තැම්බර් 21 වන දා බවයි.

ඒමෙන්ම කිසිදු අවස්ථාවක ඡන්දය ලබා දුන්නේ කුමන අපේක්ෂකයාට ද, යන්න ඒම ඡන්ද මධ්‍යස්ථාන වල සිටින කිසිදු නිලධාරීයෙකු ට හෝ දැන ගැනීමට හැකියාවක් නොපවතින බැවින් මෙය සම්පූර්ණ ව්‍යාජ සටහනක් බව ඒ් මහතා වැඩි දුරටත් පෙන්වා දෙනවා.

තැපැල් ඡන්දය දාන්න යන ඔයාට කරන්න බැරි දේ මොනවාද ?


Full View

තැපැල් ඡන්දෙ දැමීමට තවත් දින 2ක් ඉදිරි සතියේ

Full View

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අද දිනයෙන් ඇරඹි තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ මේ දක්වා ඡන්දය ලබා දී ඇති අපේක්ෂකයන්ගේ ප්‍රතිශතය වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බව යි. ඡන්දය ගණන් කිරීම සිදුවන්නේ ලබන 21 වන දා බව ත්, මෙය සම්පූර්ණයෙන් ම ව්‍යාජ සටහනක් බව ත් මැතිවරණ කොමිසම සනාථ කරයි.

Tags:    

Similar News