දිවයින ඔන්ලයින් හි මුද්‍රිත සමීක්ෂණ ප්‍රතිඵලයක් ලෙස පැතිරෙන ව්‍යාජ සමාජ ජාලා සටහන්

Update: 2024-09-19 03:38 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනාධිපතිවරණය ආසන්න වීමත් සමග සමීක්ෂණ වාර්තා ලෙස ව්‍යාජ සමීක්ෂණ වාර්තා පැතිරීම සාමාන්‍ය කරුණක් ලෙස දක්නට ලැබෙනවා. මේ, දිවයින අන්තර්ජාල වෙබ් අඩවියේ පලවූ සමීක්ෂණ වාර්තාවක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන පුවතක් කෙරෙහි කරුණු ගවේෂණයක්.

සමාජ ජාලා සටහන්

දිවයින ඔන්ලයින් වෙබ් අඩවියේ සජිත් දිනන බවට පුවතක් පලව ඇති බවට සටහන් පැතිර ගියේ මේ අයුරින් .




මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )

අප මුලින්ම දිවයින ඔන්ලයින්හි මෙවැනි පුවතක් මුද්‍රිතව ඇතිද යන්න විමසා බැලුවා. නමුත් එවැන්නක් දිවයින ඔන්ලයින් හෝ එහි Archive පිටුවක දැක දක්නට ලැබුණේ නැහැ.

ඉන්පසුව අප එහි කතෘ කමල් සුභසිංහ ගෙන් මේ පිලිබදව විමසා සිටියා. ඔහු පැවසුවේ ද එවන් පුවතක් තමන් දිවයින ඔන්ලයින්හි පලකලේ නැති බවයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන දින නියම කිරීමටත් පෙර සිටම අද දක්වාම විවිධාරයේ සමීක්ෂණ සමාජ මාධ්‍ය ඔස්සේ බෙහෙවින් හුවමාරු වී තිබු අතර මෙම සමීක්ෂණ සියල්ලකම වාගේ දක්නට ලැබෙන පොදු අඩුපාඩුවක් වන්නේ, සමීක්ෂණයට පාදක වන නියදිය තෝරා ගත් අයුරු, සමීක්ෂණයේ තොරතුරු ලබාගත් අයුරු ඇතුළු විද්‍යාත්මක තොරතුරු ඇතුළත් නොවීමයි.

Also Read: False Survey Claim about Presidential Election in Sri Lanka

පදනම් විරහිත මැතිවරණ ප්‍රතිඵල සමීක්ෂණවලට රැවටීමෙන් වළකින්නයි, මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන සමීක්ෂණ වාර්තා පිළිබඳ විශ්වාස නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් කිහිප වතාවක්ම ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ ජනාධිපතිවරණයේ නිවැරදි සමීක්ෂණය තිබෙන්නේ එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා බැවින්, පදනම් විරහිත සමීක්ෂණවලට රැවටෙන්න එපා යනුවෙනුයි.

ව්‍යාජ සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමට අවශ්‍ය නොමැති බවත්, පුරවැසියෙකු ලෙස තමන් කැමති පක්ෂයකට, කැමති පුද්ගලයෙකුට ඡන්දය භාවිත කළ හැකි බවත් ඒ මහතා අවධාරණය කර සිටියා.

තරඟකාරී ජිවිත රටාව තුළ, බොහෝ දෙනාට අපේක්ෂකයින් පිළිබඳව පරිශීලනය කිරීමට වේලාවක් නොලැබෙන පසුබිමක, ඇතැම් අවස්ථාවල දී මෙවැනි පදනම් විරහිත සංක්ෂිප්ත සමීක්ෂණ මඟින් ලබාගෙන තොරතුරු ඔස්සේ ඡන්ද දායකයාගේ මනසට බලපෑමක් වෙන්න ඉඩකඩක් තිබෙන බැවින්, මැතිවරණ පනත යටතේ මෙවැනි ක්‍රම දිගින දිගටම සිදුවීම වළකාලීමට මාධ්‍ය උපමාන නිකුත් කර ඇති බවත්, මැතිවරණ කොමසාරිස් ජනරාල්රයා පවසා තිබුනේ මෙලෙසින්.

Full View


කථිකාචාර්ය සකීෆ් සාම් විසින් මේ පිලිබඳ විෂයන්හි ප්‍රවීණයන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගනිමින්, විශේෂයෙන් එක් ඔන්ලයින් සමීක්ෂණයක් සිදුකළ ආකාරය පිලිබදනා අදහස් දැක්වීම දී පෙන්වා දෙන්නේ එහිදී ද සමීක්ෂණයක තිබිය යුතු මූලික සිද්ධාන්ත බොහොමයක් බිඳ වැටී ඇති බවයි. ඒ පිලිබඳ විශ්ලේෂණයක් මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

නිගමනය

ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව දිවයින ඔන්ලයින් විසින් සිදුකළ සමීක්ෂණ වාර්තාවක් ලෙස හුවමාරු වන්නේ ව්‍යාජ සටහන් පෙළකි.



 


Claim :  සජිත් දිනන බව හෙළිවන දිවයින සමීක්ෂණය
Claimed By :  Social Media Users
Fact Check :  FALSE
Tags:    

Similar News