නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දේ සළකුණු කරන්නේ මෙහෙමයි

Update: 2024-09-10 06:09 GMT

තැපැල් දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මේ දිනවල සිදු වේ. මේ අතර එළැඹෙන 14 සෙනසුරාදා විශේෂ දිනයක් ලෙස සළකා ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටිනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අපට ලැබෙන ආරාධනා පත්‍රයයි. නමුත්, මෙම ආරාධනා පත්‍රය ඔබට ලැබුණත් නොලැබුණත් එය ඔබට ඡන්දය පාවිච්චි කිරීම සඳහා බාධාවක් නොවන බවයි පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ. සෑම ඡන්ද දායකයෙකුගේම අතට මේ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

ඡන්දය සළකුණු කිරීම සඳහා ඔබට ලබා දී ඇති ඡන්ද පොළ ඔබ දන්නේ නම්, ඔබේ නම ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා තිබේනම්, ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලේඛනවලින් එකක් හෝ ඔබ සතුවපවතී නම්, ඔබට ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව පවතී.

ඔබේ ඡන්ද මධ්‍යස්ථානය සහ ඔබේ අංකය හඳුනාගැනීම සඳහා මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඔබට පහසුවක් වේ. නමුත්, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඔබට නොලැබුණ ද කිසිවෙක් ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැත. අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බව පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTokනිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම

Tags:    

Similar News