සජිත්ගේ ප්‍රචාරණ කටයුතු කළ ඉන්දියන් ආයතනය ලංකාවෙන් ඉවත් වෙයි?

Update: 2019-11-12 03:32 GMT

ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, ජනාධිපති ධූර අපේක්ෂකයින් පිළිබඳ නොයෙකුත් පුවත්, සමාජ

මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන්ගෙන ඇත.

තමන් කැමති අපේක්ෂකයින්ට සහය දක්වමින් නොයෙකුත් ආරූඪ නම්වලින් බිහිවුණු සමාජ මාධ්‍ය

ජාලා සටහන්, ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳව විවිධාකාර ප්‍රවෘත්ති ඇතුලත් කර සටහන්

ඉදිරිපත් කරති.

රට වෙනුවෙන් අපි නමැති ෆේස්බුක් පිටුවක, "මෙන්න දැන් ලැබුණු පුවතක්.. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ කටයුතු කළ ඉන්දියන් ආයතනය කාර්යාලය වසා දමා ලංකාවෙන් ඉවත් වෙයි !යනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් පළකර තිබුණි. සුළු වෙලාවක් තුළ මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල ප්‍රමාණයක් අතර හුවමාරු විය.

Facebook Link

Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මීට පෙරද

අවස්ථා කිහිපයකදීම ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉන්දියාවේ සමාගමක්

මගින් සිදු කෙරෙන බවට සමාජ මාධ්‍ය තුළ සටහන් බොහොමයක් පළවී තිබෙනු අපට දක්නට ලැබුණා.

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්ගේ අත්සනින් යුතුව මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. එහි සඳහන් කර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රකාශක කටයුතු මෙහෙයවන නිල ආයතනය වන්නේ GroupM සහ J Walter Thompson සමාගම් විනා ඉන්දියන් සමාගමක් නොවන බවය. පහත දක්වා තිබෙන්නේ එම මාධ්‍ය ප්‍රකාශයයි.

Facebook Link

Archived Link

තවද එම මාධ්‍ය ප්‍රකාශයේ දක්වා තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයෙන් යන නිල මුද්‍රාවද සහිතව පළ කර ඇති ඉහත සටහන සම්පූර්ණයෙන්ම පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නිල කාර්යාලයීය මුද්‍රාව ඉහත පරිදි මෙම ව්‍යාජව සකස් කරන ලද සටහන සඳහා යොදාගෙන ඇති බව පෙනී යයි.

Conclusion: (අවසාන නිගමනය)

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “මෙන්න දැන් ලැබුණු

පුවතක්.. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ කටයුතු කළ ඉන්දියන් ආයතනය කාර්යාලය වසා දමා

ලංකාවෙන් ඉවත් වෙයි !” යනුවෙන් පළවී ඇති සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. සජිත්

ප්‍රේමදාස මහතාගේ කාර්යාලයීය නිල

මුද්‍රාව සම්බන්ධයෙන්

වගකීම ඇති කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් ඉහත ප්‍රකාශ සම්පූර්ණයෙන්ම

සාවද්‍ය බව සඳහන් කර සිටියා

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සජිත්ගේ ප්‍රචාරණ කටයුතු කළ ඉන්දියන් ආයතනය ලංකාවෙන් ඉවත් වෙයි?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News