Fact Check : අජිත් රෝහණ මහතාගේ දියණිය තවමත් ලංකාවට පැමිණ නැත!

Update: 2020-05-18 16:15 GMT

කොරොනා වෛරස් ආසාදනය, ලොව පුරා වසංගත තත්වයකින් ව්‍යාප්ත වීමත් සමග බොහෝ රටවල් සිය දේශසීමා. නාවුක සහ ගුවන් තොටුපලවල් වසා, රෝගය පාලනය කිරීමට පියවර ගත්හ. මේ නිසා විදෙස් රාජ්‍යයන්හි සංචාරය පිණිස ගිය ලාංකික සංචාරකයන්, ව්‍යාපාරිකයන්, සිසුන් සහ ශ්‍රමිකයන් මව්බිමට පැමිණීමට නොහැකිව අපහසුතාවයට පත්විය. ඔව්හු සමාජ මාධ්‍ය ජාලා වන්හි විඩියෝ පට ඉදිරිපත් කරමින් තමන් හැකි ඉක්මනින් ලක්දිවට ගෙන්වා ගන්නා ජනාධිපතිතුමා සහ රජයට ආයාචනා කළහ. ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ පිළිබඳව ක්‍රමවේදයක් සැකැසූ කොරොනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය පියවරෙන් පියවර, ප්‍රමුඛත්වය මත ඔවුන්ව ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර මෙසේ පැමිණෙන සෑම අයෙක්ම අනිවාර්ය නිරෝධායන ක්‍රියාදාමයකට යොමු කළේය.

මේ තේමාව යටතේ පසුගිය සතියේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන දිලිප් ජයවීර මහතා මුදල් ගෙවා විශේෂ ගුවන් යානයකින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය ඩුබායි සිට දිවයිනට ගෙන්වා ගත් බවට Lanka News Web ප්‍රවෘත්ති වෙබ් අඩවිය කර තිබූ කරුණු විමර්ශනයේදී එම ප්‍රවෘත්තිය අසත්‍ය බවට අප අනාවරණය වුයේ මෙසේය

එම වාර්තාව පලකරන ලද Lanka News Web නමැති වෙබ් අඩවියම අජිත් රෝහණ ගුවන් පථයටම ගොස් දියණිය ගෙදර ගෙනියලා. CCTV කැමරාත් ඕෆ් කරලා යන සිරස්තලයෙන්, සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම දීර්ඝ විස්තරයක් සහිතව ප්‍රවෘත්තියක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය. මෙය ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ලෙස කතාබහට ලක්වී තිබුණා.

පසුගිය මැයි 08 වනදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටනොව් ගුවන්යානා අළුත්වැඩියා කිරීම පිණිස, යුක්‍රේනියානු ඉංජිනේරුවන් රැගෙන යුක්රේනයේ කිව් ගුවන්තොටුපලෙන් PQ 5903 නාමය යටතේ පැමිණි SkyUp Airlines සමාගමේ ගුවන් යානයෙන්, රජයේ ඉහළ නිලධාරියකුගේ මැදිහත්වීම මත, ශ්‍රී ලංකා පොලිසියේ නීති කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය දිවයිනට පැමිණි බවත්, ගුවන් යානය නවතා තිබූ ධාවන පථයට ම සිය රථය රැගෙන ගිය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දියණිය රැගෙන ආගමන විගමන කටයුතු නිමවා, නිරෝධායනයට ලක් නොකර ඇය නිවසට රැගෙන ගිය බව විස්තරාත්මක දීර්ඝ පිළියකින් කර තිබිණි.

Sinhala ArticleArchivedEnglish ArticleArchived

FB LinkArchived LinkTwitter Link

මෙම ප්‍රවෘත්තිය ෆේස්බුක් ජාලයෙහි ගිණුම් රැසක ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

අප ආයතනයේ ස්වාධීනත්වය පවා ප්‍රශ්න කර තිබූ මෙම ප්‍රවෘත්ති සටහන පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

Lanka News Web ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ඉදිරිපත් කර තිබූ ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු පිළිබඳව අනාවරණය කරගැනීම පිණිස අප ප්‍රථමයෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්ය භාර කළමනාකරු සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. යුක්රේනයේ කිව් ගුවන්තොටුපලෙන් PQ5903 නාමය යටතේ පැමිණි Sky Up Airlines සමාගමේ ගුවන් යානයක් පසුගිය මැයි 08 වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි ඇති බව සඳහන් සනාථ කළද එහි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය වන තුරුණි සහස්ශ්‍රිකා පැමිණ ඇති බවක් අනාවරණය වුයේ නැත.

කෙසේ වෙතත් ඉහත වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇති ආකාරයට ගුවන්තොටුපල සියලුම සීසීටීවී කැමරා වසා දමා තිබූ බැවින් මේ පිළිබඳව ගුවන් තොටුපළ නිලධාරීන්ගේ හෝ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටින කරුණු විශ්වාස කළ නොහැකි ලෙස සඳහන් කර තිබූ බැවින් මේ පිළිබඳව වෙනත් අයුරකින් අනාවරණයක් සිදුකිරීමට අදහස් කළෙමු.

මේ අනුව අජිත් රෝහණ මහතාගේ දියණිය වන තුරුණි සහස්ශ්‍රිකාගේ ෆේස්බුක් ගිණුමේ පළවූ වීඩියෝව අධ්‍යයනය කළෙමු. තුරුණි වන තමා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය බවත්, දැනට බෙලාරුස් රාජ්‍යයේ ග්‍රොඩ්නෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන අවසාන විභාගයට මුහුණ දෙන තෙක් නැවත දිවයිනට පැමිණීමට අපේක්ෂා නොකරන බවත්, තමා ලංකාවට පැමිණ පියාගෙන් නිල බලය උපයෝගි කර ගනිමින් නිරෝධායනය මගහැර නිවසට ගිය බවට පළවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් අසත්‍යය බව සඳහන් කරමින් විදේශයකදී පටිගත කරන ලද, “මම ලංකාවට ආවා කියන ප්‍රවෘත්තිය අසත්‍යක් තේමාවෙන් කෙටි වීඩියෝ පටියක් දක්නට ලැබුණි.

Ajith Rohana - Daughter Video from Factcrescndo SL on Vimeo.

Link

මෙම වීඩියෝ පටයේ නිශ්චල සේයාරුවක් ලබා ගෙන ඇයගේ හිසට උඩින් ඇති ඵලකයේ අක්ෂර සහ ග්‍රොඩ්නෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ (Grodno State Medical University) නිල වෙබ් අඩවියේ සමග සන්සන්දනය කළ විට එය සමාන අක්ෂර බවට තහවුරු විය. අනතුරුව රුසියානු භාෂා පරිවර්තකය ආධාරයෙන් පරිවර්තනය කළ විට ග්‍රොඩ්නෝ රාජ්‍ය විශ්වවිද්‍යාලය බවට තහවුරු විය.

Grodno State Medical University Web (Russian)Grodno State Medical University Web (English)

එම් අක්ෂර පෙළ ග්‍රොඩ්නෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ බොහෝ ස්ථානවල දී භාවිතා වන ගූගල් මැප්ස් හරහා පළ වී ඇති පහත ඡායාරූපය ඇතුළු ඡායාරූප පෙළ පරීක්ෂාකිරීමේදී තවදුරටත් තහවුරු විය

Grodno State Medical University Google Photos

ග්‍රොඩ්නෝ රාජ්‍ය විශ්වවිද්‍යාල පිලිබඳ තවදුරටත් කරුණු විමර්ශනය කිරීමේදී අපට දැනගන්නට ලැබුණේ මෙහි ශ්‍රී ලාංකික සිසුන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපන කටයුතුවල නිරත වන බවයි.

FB Link (Grodno State Medical University Official)

විශ්වවිද්‍යාලයේ සමාජ මාධ්‍ය ජාලා පරීක්ෂා කිරීමේදී ඉහත අජිත් රෝහණ මහතාගේ දියණිය වන තුරුණි සහස්ශ්‍රිකා විසින් වීඩියෝව පටිගත කර තිබෙන්නේ මීට මාස කිහිපයකට පෙර විවෘත කරන ලද ශිෂ්‍ය නේවාසිකාගාරය අසලදී බව පැහැදිලි විය. රුසියානු බසින් පලවී ඇති එම වීඩියෝ පටයේ සිරස්තලයේ සිංහල පරිවර්තනය “වෛද්‍ය සිසුන් සඳහා නේවාසිකාගාරයක් සහ නව පවුල් වර්ගයේ නිවසක් ග්‍රෝඩ්නෝ හි නව අවුරුදු උදාවට පෙර දින විවෘත කරන ලදී” යනුවෙනි.

https://www.facebook.com/grsmugrodno/videos/620015978803608/?xts%5B0%5D=68.ARDy1C8cNu-DYk3E8T0_QGQG6jD1nBCB_sK5wY7sJtHJoIX_QdZOVN7aFQVtSzIpSeUaDbzl1jZ5ni165K0y5tv2gBex0eEueafhWyA8ODByDGeDc7mcQ7dmyBxjBjB4lZG-gd4U5DOFyVSb8JUWDGOO_FRSjMKyarM0IxQjit2pCjrVpxJcBPmGW6AMZla6LmciG7aZeGpFSjupDlGKxPGjEklO0zlO8a64zI64Me9Pb5F4w2XUgUVST-bLlKmLQ0It4dNg5j6PICABh_td1EIFo-QRPpykGiA7_GWNjSwUQzVR0KuA44NI4nS3KTMbUZosDCd-5i7q&tn=-R

වීඩියෝ පටයේ ඇති දර්ශන සහ තුරුණි විසින් පලකර ඇති වීඩියෝවේ නිශ්චල සටහන් සංසන්දනය කිරීමෙන් අපට එය එකම ස්ථානයක් බව පැහැදිලි විය.

මේ අනුව පැහැදිලි වුයේ වීඩියෝ පටය රූගත කර ඇත්තේ මෑතකදී විවෘත කරන ලද නේවාසිකාගාරය අසලදී බවය. "IНТЭРНАТ" යනුවෙන් සටහන් වී ඇති වචනයේ සිංහල පරිවර්තනය "නේවාසිකාගාරය" යන්නයි.

එසේම අජිත් රෝහණ මහතා හරහා මෑතකදී තම දියණිය ඇතුළු පවුලේ පිරිස සමග ලබා ගන්නා ලද ඡායාරූපයක් තුරුණි සහස්ශ්‍රිකාගේ ඡායාරූපයක් සමඟ සංසන්දනය කිරීමෙන් මෙහි සිටින්නේ ඇත්ත වශයෙන් ම අජිත් රෝහණ මහතාගේ දියණිය බව තහවුරු වෙයි. එම සංසන්දනය පහතින්.

තවදුරටත් කරුණු විමර්ශනය කිරීමේදී ග්‍රොඩ්නෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු ලාංකිකයකු වන උදිකා රිමාශිකා අංගම්පොඩිගේ විසින් තුරුණි සහස්ශ්‍රිකාගේ වීඩියෝ පටිය ඉදිරිපත් කරමින් ඇය මගේ විශ්ව විද්‍යාලයේ සිසුවියක්, ඇය තවමත් මෙහි සිටිනවා තේමාවෙන් පහත ඇති කථාංගය සහිතව තැබු සටහනක් හුවමාරු කරගෙන තිබුණි

සත්‍ය ජය ගනී, යාලුවනේ මේක පුලුවන් තරම් ශේයා කරන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ ආදරණීය දුව සම්බන්ඳව පැතිරෙන අසත්‍ය පුවතට මෙන්න පිළිතුර.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහත්මයාගේ ආදරණීය දියණිය විශේෂ ගුවන් යානයකින් ලංකාවට ගෙනවිත් ගුවන් තොටුපොලේ සී.සී.ටී.වී කැමරා අක්‍රිය කර, එම මහතා විසින් දුව ගෙදර රැගෙන ගියා යැයි පැවසූ අසත්ය තොරතුර ඔප්පු කිරීමට මෙයට සවන් දෙන්න. මේ එතුමාගේ ආදරණීය දියණිය එරට සිට අද කල වීඩියෝ එකකි. බොරුවක් යැයි ඔප්පු කිරීමට මෙය හොදම සාදකයයි. එතුමාට මඩ ගැසීමට කරන වැඩ මේවා, නමුත් සොබා දහම එතුමා සමග සිටින නිසා, මඩ ගසන අයම බොරු කාරයින් වෙනවා.

LinkArchived Link

මේ පිළිබඳව කරුණු දැනගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සිට බෙලරුස්හි ග්‍රොඩ්නෝ රාජ්‍ය විශ්වවිද්‍යාලය වෙත ප්‍රධාන වශයෙන්ම සිසුන් යොමු කරන ආයතන 2කට දුරකථන ඇමතුම් ලබා ගත්තෙමු. එහිදී ඔවුන් ද අප සමඟ පවසා සිටියේද තුරුණි සහස්ශ්‍රිකාගේ මිතුරන් සහ ඔවුන්ගේ දෙමාපියන් යන සියලු දෙනාම ඇය ලංකාවට පැමිණි බවට පළවන පුවත සම්පූර්ණ අසත්‍යයක් යැයි පවසමින් WhatsApp හරහා ද දන්වා සිටි බවය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය වන තුරුණි සහස්ශ්‍රිකා බෙලාරුස් රාජ්‍යයේ ග්‍රොඩ්නෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින් සිටින බවත්, මේ වන තෙක් ඇය දිවයිනට පැමිණ නැති බවයි.

එබැවින් “අජිත් රෝහණ ගුවන් පථයටම ගොස් දියණිය ගෙදර ගෙනියලා. CCTV කැමරාත් ඕෆ් කරලා” සිරස්තලයෙන් Lanka News Web නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවිය, සිය ෆේස්බුක් පිටුවේ ඉදිරිපත්කර ඇති සටහනක් අසත්‍ය සටහනක් බව නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Fact Check : අජිත් රෝහණ මහතාගේ දියණිය තවමත් ලංකාවට පැමිණ නැත!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News