පැරණි මැතිවරණ ව්‍යාපාරවල පෝස්ටර් ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්!

Update: 2020-06-15 06:26 GMT

පසුගිය වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රවර්ධන රැලිවලදී අවධාරණය වූ කරුණක් වුයේ පෝස්ටර් සහ කටවුට් වලින් අවම වූ ප්‍රචාරණ ව්‍යාපාරක් වෙත පොදු ජන පෙරමුණ යොමු වී ඇති බවයි. එසේම ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව දිවයින පුරා තාප්ප, සිතුවම් මඟින් අලංකරණය කිරීමේ රැල්ලක් ඇතිවිය. නොයෙක් සංවිධානද මෙම කාර්යයෙහි නිරතවු සිත්තරුන්ට සහාය දැක්වු අතර ජනපතිද සිය ප්‍රණාමය සහ ස්තූතිය පුද කළේය. දැන් ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දීමට සුදානම් වී සිටියි

මෙවන් පසුබිමක අවංක නංගී නමැති ෆේස්බුක් පිටුවක් “සර් චිත්‍ර අදිනකොට ස්තූතිත් කලානෙ .ඒ නිසා පොස්ටරයක් ඇලෙව්වම මොකො. රෙස්පෙක්ට් සර්” තේමාවෙන් ජන්ද පෝස්ටර් අලවා ඇති සේයාරුවක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය. “ගෝඨා සර්ගේ වියතුන් සමාජය ලස්සන කරමින්, අර රැල්ලට චිත්‍ර ඇඳපු උන් මේවට මුකුත් ඒම කියන්නේ නැතෙයි. ඇත්තටම උන් වද වෙලාද බන්” යන වදන සේයාරුවේ රෝපණය කර තිබුණි.

LinkArchived Link

මෙම සේයාරුව රැගත් සටහන් ෆේස්බුක් ජාලයේ දක්නට ලැබුණි.

ෆේස්බුක් පරිශීලනය කරන්නන් 700කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණු මෙම සටහනට ලැබුණු උපහාසාත්මක ප්‍රතිචාර නිසා, මෙම සටහන පිළිබඳව සත්‍යකරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහනේ වූ ඡායාරූපය පරීක්ෂාකර බැලීමේදී, එයට සේයාරූ දෙකක් අන්තර්ගත ව තිබූ බව පැහැදිලි වීම නිසා, අප වෙන වෙනම එම ඡායාරූපයන් google reverse image සෙවීමකට යොමු කළෙමු.

මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ වදින මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඡන්ද පෝස්ටර් ඇලවූ සේයාරුව සහිත ඡායාරූපය එංගලන්තයේ බ්‍රයන් පිලිප්ස් නමැත්තෙකුගේ කැමරා ඇසට හසුවී දේශපාලන පෝස්ටර් තේමාවෙන් Picfair ඡායාරූප වෙබ් අඩවියේ පළකර තිබෙනු මෙසේ නිරීක්ෂණය විය.

LinkArchived Link

මෙහි ඡායාරූපයේ මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ මනාප අංකය 4 ලෙස දක්වයි. එසේම ඔහුගේ සලකුණ පෙන්වා ඇත්තේ බුලත් කොළය යනුවෙනි. මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මෙවර මනාප අංකය තහවුරු කර ගැනීම පිණිස අප ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළෙමු. 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔහුගේ මනාප අංකය අංක 6 බව එහි දක්වා තිබුණි. එසේම තරඟ වදින්නේ පොහොට්ටුව සලකුණ යටතේ පොදු ජන පෙරමුණෙනි.

LinkArchived Link

මෙවර මැතිවරණයේ තම මනාප අංකය පෙන්නුම් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක් මෙසේය.

අප අවංක නංගී ෆේස්බුක් පිටුවේ තිබූ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෝස්ටරය අඩංගු ඡායාරූපය සහ Picfair ඡායාරූප වෙබ් අඩවියේ තිබු ඡායාරූපය සංසන්දනය කිරීමේදි ඒවා එකම ඡායාරූපය බවටද තහවුරු විය.

එමෙන්ම අවංක නංගි ෆේස්බුක් සටහනේ තිබු අනෙක් ඡායාරූපය අන්තර්ගත කර Journalists for Democracy in Sri Lanka වෙබ් අඩවිය Illegal propaganda continues in Sri Lankan election campaign සිරස්තලයෙන් 2010 අප්‍රේල් මස 8 දින පලකර තිබු වාර්තාව වෙත අවධානය යොමුවිය.

LinkArchived Link

මෙම ඡායාරූපයේ ඇති පොස්ටර අනුව විජයදාස රාජපකෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේකෂකයකු වන අතර දුමින්ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයකු වේ. එමෙන්ම විමල් වීරවංශ මහතාගේ මනාප අංකය 20 වේ. බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වා මහතා මෙවර මහ මැතිවරණය සඳහා තරඟ නොවදින අතර ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ ෆේස්බුක් සටහනට අනුව විජයදාස රාජපක්ෂ සහ විමල් වීරවංශ මහත්වරුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කරති. විජයදාස රාජපක්ෂ මහතාගේ මනාප අංකය 18 වන අතර විමල් වීරවංශ මහතාගේ මනාප අංකය 19 වේ. එසේම ඉහත ඡායාරූපයේ මෙන්ම මොවුන් මෙවර තරඟ කරන්නේ බුලත් කොළය සලකුණ යටතේ නොව පොහොට්ටුව සලකුණ යටතේය.

LinkArchived Link

කොළඹින් අංක 19 යටතේ මෙවර විමල් වීරවංශ මහතා තරඟ කරන බව ඔහුගේ ෆේස්බුක් පිටුවේ දක්වා තිබුනේද මෙලෙසිනි

අප අවංක නංගී ෆේස්බුක් පිටුවේ තිබූ විමල් වීරවංශ සහ විජයදාස රාජපක්ෂ මහත්වරුන්ගේ පෝස්ටර අඩංගු ඡායාරූපය සහ Journalists for Democracy in Sri Lanka වෙබ් අඩවියේ තිබු ඡායාරූපය සංසන්දනය කිරීමේදි ඒවා එකම ඡායාරූපය බවටද තහවුරු විය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අවංක නංගී නමැති ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍ය සටහන්වල ඉදිරිපත් කර ඇති ඡායාරූපය පැරණි මැතිවරණ ව්‍යාපාර වල ඡායාරූප බවයි.

සර් චිත්‍ර අදිනකොට ස්තූතිත් කලානෙ. ඒ නිසා පොස්ටරයක් ඇලෙව්වම මොකො. රෙස්පෙක්ට් සර්” තේමාවෙන්  ඉදිරිපත්වී ඇති සටහන අසත්‍ය නොමග යවන සුළු , සාවද්‍ය සටහනක් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පැරණි මැතිවරණ ව්‍යාපාරවල පෝස්ටර් ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News