ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පරීක්ෂාවක් පිලිබඳ සාවද්‍ය සටහනක්!

Update: 2020-06-23 12:38 GMT

කලින් කලට මුහුනුපොත හා සම්බන්ධව විවිධ කේතයන් භාවිතයෙන් යම් යම් තොරතුරු දැනගැනීමට හැකි බවට මුහුනුපොතේ ඇතැම් ෆේස්බුක් පි‍ටු විසින් පලකරනු ලබනවා.මෙම කරුනු අතර ඇතැම් සත්‍ය කරුණු පලවී තිබුනද බොහොම්යක් තොරතුරු පදනම් විරහිත ප්‍රකාශ බව දක්නට ලැබෙනවා.මෙලෙස ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ පවත්වාගෙන යන ව්‍යාජ ගිණුමක් (Fake Profile) පිලිබඳ දැනගැනීම සඳහා භාවිතා කල හැකි කේතයක් පිලිබඳව පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන බවක් අපට දක්නට ලැබුනා.

මෙම තොරතුරට අනුව ඔබගේ සැබෑම ෆේස්බුක් ගිනුමේ තොරතුරු ‍රැගෙන ඔබගේම නමින් තවත් අයකු විසින් ෆේස්බුක් ගිනුමක් පවත්වාගෙන යන බව සොයා ගැනීමට #132# යන කේතය කමෙන්ට් කර එම කේතය රතු පාට වේ නම් ෆේක් ගිනුමක් පවතී යන්න තිරනය කල හැකි බවට එම සටහනින් පෙන්වා දී තිබුනා. Amith Prasanga නමැත්තෙකු විසින් හුදකලාව නමින් ඇති ෆේස්බුක් සමුහයක එකක පල කර තිබුනු මෙම පෝස්‍ටුව බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුනා. එම පුවත පහලින්

Original Post Archive Post

මෙම සටහන අනුව පුද්ගලයන් 1000කට අධික ප්‍රමානයක් #132# යනුවෙන් කමෙන්ට් කර තිබුනත් කිසිඳු තැනක එම කේතය රතු පැහැයෙන් පාට වී තිබුනේ නෑ.එම නිසා මෙම පුවතේ සත්‍යතාවය නිරීක්ශණය කිරීමට අප තීරණය කලා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

මෙම කරුනේ සත්‍යතාවය පිරික්සා බැලීම සඳහා ෆේස්බුක් වෙබ් අඩවිය ෆේක් ගිනුම් සොයා ගැනීමට යම් කිසි කේතයක් හඳුන්වා දී ඇත්දැයි සොයා බැලුවා.එහිදී අපට නිරීක්ශනය වූයේ ෆේස්බුක් ගිනුමක් තවත් අයෙකු විසින් එම තොරතුරු භවිතයෙන් සාදා ඇති බව තහවුරු කිරීමට කිසිම විටෙක කේතයක් හඳුන්වා දී නැතිබවයි.

ෆේස්බුක් වෙබ් අඩවිය විසින් හඳුන්වාදුන් සජීවීකරන අංගයන් ලෙස ඇතැම් වචන යම් යම් පාට සමඟ සජීවීකරණය කොට දිස්වන ලෙස සකස් කර තිබෙනවා.Best Friends Forever යන්නා නිරූපනය වන්නට BFF ,එමෙන්ම Congratulations යන්නද වෙනත් පැහැයෙන් සජීවිකරණය කොට පෙන්වීම පිළිබඳව ද පසුගියදා මෙවැනිම නොමඟ යවන සුළු ප්‍රකාශයක් පලවී තිබු අතර අප විසින් එය අලලා සිදුකල කරුණු විමර්ශණය මෙසේය.

එසේම ෆේස්බුක් සමගම විසින් කිසිඳු විටෙක #132# යන්න කිසිම තැනක ඔවුන් යොදා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබුනේ නැත.එබැවින් #132# ලෙස සටහන් කර ප්‍රතිචාර දැක්වීම මඟින් තම ගිනුමට සමාන වෙනත් ගිණුම් පවතීද යන්න සොයා බැලීමට නොහැකියි.

මේ කරුන පිලිබඳව වැඩිදුරටත් කරුනු සොයා බැලීමේදී ව්‍යාජ ප්‍රොෆයිල් එකක් සොයා ගැනීමට සිදු කල හැකි ක්‍රම පිලිබඳව මුහුනුපොතේ පලවුනු ලිපියක් අපට නිරීක්ශනය වුනා. How to identify fake Facebook accounts යන නමින් පල කර ඇති එම සටහනට අනුව ගිනුමේ නම යොදා ඇති ආකාරය, භාවිතා කර ඇති profile පින්තූරය සහ කවර් පින්තූරය, හුවමාරු කර ඇති දෑ,Mutual Friends වැනි කරුනු මත පදනම්ව ෆේක් ප්‍රොෆයිල් එකක් සොයා ගත හැකි හැකියාව පිලිබඳව සටහන් කර තිබෙනවා.එහි කිසිඳු තැනෙක ව්‍යාජ ප්‍රෝෆයිල් එකක් හඳුනා ගැනීමට #132# යන්න හෝ වෙනත් කිසිඳු කේතයක් යොදා ගැනීමට හැකි බවක් පල කර නෑ.

එමෙන්ම ව්‍යාජ ෆේස්බුක් ගිනුමක් හඳුනා ගැනීමට Wikihow නම් වෙබ් අඩවියද කරුනු විශාල ප්‍රමානයක් ගොනු කර තිබෙනවා එය මෙසේය.මෙහිද කිසිඳු තැනක ෆේස්බුක් ගිනුමට සමාන ව්‍යාජ එකක් සොයා ගැනීමට කේතයන් බාවිත කල හැකි බවක් දක්වන්නේ නැත.

මුහුනුපොත මගින් කිසිම තැනක ෆේස්බුක් ගිනුමක තොරතුරු ඒ හා සමාන ලෙස යොදාගෙන ඇත්දැයි බැලීමට ඔවුන් කෝඩ් හඳුන්වා දී නැති උනත් ෆේස්බුක් ගිනුමක් ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට නිරීක්ශනය වුවහොත් එම ගිනුම රපෝර්තු කිරීමට ක්‍රමවේදයක් ඔවුන් සකස් කර තිබෙනවා.ඒ පිලිබඳව දැනගැනීමට පහතින් පිවිසෙන්න.

How to report a profile / page

එසේම ෆේස්බුක් ආයතනය විසින්ද නිරතුරුවම මෙවැනි ව්‍යාජ ගිණුම් සහ පිටු ඉවත්කිරීමේ කාර්යයේ නියැලෙන බව නිර්මාතෘ මාර්ක් සකබර්ග් නිරන්තරයෙන්ම පවසා සිටින අතර මේ සඳහා විශාල කණ්ඩායමක්ද යොදා ගෙන ඇති බව පවසා සිටියි.

Q&A with Mark Zuckerberg on Protecting People’s Information

එසේම මෙවැනි ව්‍යාජ ගිණුම් ඉවත්කිරීමේ ක්‍රමවේදය පිලිබඳ කරණු දක්වමින් ෆේස්බුක් ආයතනයේ උප සභාපති - විශ්ලේෂණ ඇලෙක්ස් ශුල්ට්ස් මහතා පවසා සිටින්නේ දැනට පවතින ගිණුම් ඉවත් කිරීමට අමතරව ගිණුම් සැදීමේදී / ලියාපදිංචි වීමේදී මෙවැනි ව්‍යාජ ගිණුම් ඉක්මනින් හඳුනාගෙන් ඉවත්කිරීමේ ක්‍රමවේදයන් භාවිතා වන බවයි.

How Does Facebook Measure Fake Accounts?

Conclusion (නිගමනය)

මේ අනුව සලකා බලන කල Anith Prasanga නම් අය විසින් පල කර ඇති සැබෑ ෆේස්බුක් ගිනුමකට සමාන තවත් ෆේස්බුක් ගිනුමක් ඇත්ද යන්න සොයා බැලීමට #132# ලෙස කමෙන්ට් තීරුවේ ටයිප් කර බැලිය හැකි යැයි පල කර ඇති කරුනේ කිසිඳු සත්‍යතාවයක් නොමැත.ෆේස්බුක් ආයතනය මෙලෙස කොමෙන්ට් කර ව්‍යාජ ප්‍රොෆයිල් හඳුනා ගැනීමට ක්‍රමවේදයක් සකස් කර නොමැති නමුත් එවැනි ව්‍යාජ ගිණුම් රපොර්තු කිරීමේ ක්‍රමවේදයන් සකසා ඇති අතර නිරන්තරයෙන් එවැනි ගිණුම් ඉවත් කිරීමේ ක්‍රියාවලියේද නිරත වෙයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පරීක්ෂාවක් පිලිබඳ සාවද්‍ය සටහනක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News