ෆේස්බුක් ගිණුමේ ආරක්‍ෂිත බව තහවුරු කිරීමේ ක්‍රමයක් ලෙස පළවූ ව්‍යාජ සටහනක් !

Update: 2020-07-15 04:41 GMT

කලින් කලට ෆේස්බුක් අඩවියට සම්බන්ද පුද්ගල ගිනුම් සම්බන්දව සිදු කල හැකි වෙනස් දෑ පිලිබඳව ඇතැම් තොරතුරු අපට දකින්නට හැකිවෙනවා.යම් අවස්තාවලදී ෆේස්බුක් සමාගම විසින් කරන ලද යාවත්කාලීන කිරීම් සමග එසේ විවිධ අංගයන් ෆේස්බුක් ගිනුම් වෙත එකතු කරන අතර බොහොමයක් ලංකාවේ ෆේබුක් පරිශීලකයන් ඒවා කෙරෙහි උනන්දුවක් දක්වන බව අපට පෙනෙන්නට ඇති කරුනක්.

මෙවන් පසුබිමක “දැවෙන පුරස්න” නම් ෆේස්බුක් පි‍ටුවක ඔබගේ ෆේස්බුක් ගිනුම හැක්වී ඇත්දැයි බලාගැනීම සඳහා @[4:0] ලෙස කමෙන්ට් කර බලන ලෙසත් එහිදී MARK ZUCKERBERG ලෙස දිස් උනොත් ඔබගේ ගිනුම සුරක්ශිත බවත් සඳහන් කර තිබු සටහනක් මුහුනු පොතට එකතු කර තිබුනා.මෙම කරුන බොහෝ පිරිසක් හුවමාරු කරගෙන තිබුනු අතර විශාල පිරිසක් මෙසේ @[4:0] ලෙස ටයිප් කරමින් තමාගේ ගිනුම් සුරක්ශිතද යන්න පරීක්ශා කර බලා තිබුනා.

එසේ හුවමාරු වී තිබු සටහනක් පහතින්.

LinkArchived Link

මේ එසේ තවත් මෙම පුවත ෆේස්බුක් සමුහයක පලවු ආකාරය

LinkArchived Link

සැබැවින්ම මෙසේ ෆේස්බුක් ගිනුමක සුරක්ශිත බව පරීක්ශා කිරීමට මුහුනු පොතෙන් අලුත් අංගයක් එකතු කර ඇත්දැයි සොයා බැලීමට අප කටයුතු කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිලිබඳ කරුනු සොයා බැලීමේදී අපට හෙලි වුනේ මෙය ෆේස්බුක් ගිනුමේ ආරක්ෂාව උදෙසා භාවිතා කල හැකි දෙයක් නොවන බවයි.සාමාන්‍යයෙන් අපට පුද්ගලයෙකි කමෙන්ට් තීරුවේ ටැග් කිරීමට අවශ්‍ය නම් @ සලකින සමග අදාල කෙනාගේ නම ටයිප් කලහොත් ඔහුගේ හෝ ඇයගේ නම කමෙන්ට් තීරුවේ දර්ශනය වේ.හැම ෆේස්බුක් ගිනුමකටම අනන්‍යතා අංකයක් ඇති අතර @ සලකුන සමග එය කමෙන්ට් තීරුවේ ටයිප් කල විටද අදාල අනන්‍යතා අංකය හිමි කෙනාගේ නම එහි ටැග් වේ.

උදාහරනයක් ලෙස යමෙකුගේ ෆේස්බුක් ID එක 23444 යයි සිතන්න.මෙම අංකය ගෙන @[23444:0] සටහන් තැබුවොත් එම අංකයට හිමි ෆේස්බුක් ID එක ඇති පුද්ගලයාගේ නම කමෙන්ට් තීරුවේ දිස් වන ලෙස ෆේස්බුක් ගිණුම් පද්ධතිය නිර්මාණය වී තිබේ

ඒ අනුව @[4:0] ලෙස යෙදීමෙන් Mark Zuckerberg ලෙස නම පෙන්වනුයේ ඔහුගේ ෆේස්බුක් ගිනුමේ හැඳුනුම් අංකය 4 වන නිසයි.මෙසේම @[5:0] ලෙස ටයිප් කර බැලුවහොත් ෆේස්බුක් ආයතනය නිර්මානයේදී මුලින් ක්‍රියා කල Chris Hughes නමද අදර්ශනය වනු ඇති.ඒ ඔහුගේ හැදුනුම් අංකය 5 වන නිසයි.

එසේම අංක 1 සිට 3 දක්වා ගිණුම් මේ වන විට ක්‍රියාත්මක නොවන බවද වාර්තා වන අතර මිලියන ගණනක් පරිශීලකයින් පිරිසක් සිටින ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ ඔබ අද ගිණුමක් ආරම්හ කළහොත් ලැබෙන අංකය මිලියන ගණනක අංකයක් වනු ඇත. එසේම මෙය ඩෙස්ක්ටොප් හරහා බොහෝ විට වැඩ නොකරනු ඇති බවද වාර්තා වන අතර එය කලබලයට පත්විය යුතු කරුණක් නොවේ. Link

අපද @[116497869726986:0] යොදා කොමෙන්ට් කිරීමේදී ඩෙස්ක්ටොප් හරහා කිසිඳු වෙනසක් සිදු නොවූ අතර එය ෆේස්බුක් ජංගම දුරකථන යෙදුමෙන් පරීක්ෂා කිරීමේදී Factcrescendo - Sri Lanka බවට මාරු වූ බැව් නිරීක්ෂණය වුනා. එසේම @[4:0] ලෙස ජංගම දුරකථන යෙදුම තුලින් කොමෙන්ට් කිරීමේදී එය Mark Zuckerberg බවට වෙනස් වූ බවද නිරීක්ෂණය විය.

ඇතැමුන් මෙවැනි පුවත් දැකීමෙන් කලබලයට පත් වන අතර තමාගේ ෆේස්බුක් ගිනුම් හැක් වී ඇතැයි සිතා විවිධ ක්‍රියාමර්ග වෙතට යොමු වන බව දකින්නට හැකියි.එසේ ෆේස්බුක් පරිශීලක මුර පද (password) වෙනස් කිරීමට කියමින් ඔබට ලැබෙන ඊමේල් පිලිබඳවත් සැලකිලිමත් වන බවට ෆේස්බුක් සමාගම විසින් තම පරිශීලකයෙකුට සිදු කල පැහැදිලි කිරීමක් පහතින්.

Link

කෙසේ නමුත් ෆේස්බුක් ගිනුමේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අනෙක් අයට අනුමාන කල නොහැකි ආරක්‍ෂිත මුරපදයක් යොදාගැනීම, ෆේස්බුක් භාවිතය සඳහා යොදාගන්නා මොබයිල් ඇප්ස් යනාදිය නිසි පරිදි යාවත්කාලීන කර තිබීම , මින් පෙර අනුමත නොකරන ලද උපාංගයකින් ලොගින් වීමේදී දැනුම්දීමක් ලබාදීම, two-factor authentication වැනි කරුනු අපට මූලිකව යොදා ගත හැක.නමුත් ඉහත පරිදි කමෙන්ට් කරමින් ෆේස්බුක් ගිනුමේ සත්‍යතාව පරීක්ශා කල නොහැක.

මෙම පුවත පිලිබදව වැඩි දුරටත් මීඩියම් නම් ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වාර්තා කර තිබුනේ පහත පරිදියි. Link

මීට අමතර Africa Check ඇතුළු ලොව වටා කරුණු විමර්ෂණ කණ්ඩායම් විසින් මීට වසර ගණනාවකට පෙර මෙලෙස ඉදිරිපත් වූ ව්‍යාජ සටහන් පිලිබඳ විමර්ශන සිදුකර තිබු අයුරුද අපට දැක ගන්නට හැකි වුනා.

එසේම මීට පෙර අවස්ථා කිහිපයකදීද මෙවැනි ෆේස්බුක් හා සම්බන්ධ ව්‍යාජ සටහනක් හුවමාරු වූ අතර අප විසින් ඒ පිලිබඳ සිදුකල කරුණු අනාවරණ කිහිපයක් මෙසේය

Fact Check: ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පරීක්ෂාවක් පිලිබඳ සාවද්‍ය සටහනක්!

Fact Check: BBF / BFF ලෙසින් කමෙන්ට් කිරීමෙන් ඔබේ ෆේස්බුක් ගිනුම ආරක්ශිත බව තහවුරු කල නොහැක!

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ෆේස්බුක් ගිනුමක ආරක්ශිත බව පරීක්ශා කර බැලීමක් @[4:0] ලෙස ටයිප් කර බැලීමේන් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවයි. මෙහිදී ඇත්තටම සිදුවන්නේ අදාල අංකයකට හිමි පුද්ගලයාගේ ෆේස්බුක් ID එකට අදාලව ෆේස්බුක් ගිනුමේ නම ලෙස ටැග් වීමකි. ඒ අනුව අංක 4ට අදාලව ඇත්තේ ෆේස්බුක් නිර්මාතෘ Mark Zuckerberg මහතාගේ ගේ නමයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ෆේස්බුක් ගිණුමේ ආරක්‍ෂිත බව තහවුරු කිරීමේ ක්‍රමයක් ලෙස පළවූ ව්‍යාජ සටහනක් !

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News