පඟර නැට්ටා යනුවෙන් සත්වයෙක් නොමැත!

Update: 2020-07-15 10:30 GMT

මින් පෙර අසන්නට හෝ දකින්නට නොලැබුණු දේ පිළිබඳව විවිධාකාරයේ පුවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් කරනු දැක ගන්නට ලැබේ. පරිසරය, ශාක සහ සතුන්  මෙයින් සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී. 

සමාජ මාධ්‍ය සටහන්

පඟර නැට්ටා කිව්වට දැකලා තිබුනේ නෑ නේද ඔන්න බලාගන්න” තේමාවෙන් සේයාරුවක් සහිතව LK tv නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්ව තිබූ සටහනක්, ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලකයින් පන්දහසකටත් අධික පිරිසක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. Archived Link

මෙම සටහන ම වෙනත් ෆේස්බුක් පිටු රැසක් ද පළකර තිබෙනු නිරීක්ෂණය විය.

මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර අතර මෙවැනි සත්ත්වයකු ලොව නොමැති බවට ප්‍රතිචාර කිහිපයක් ද සඳහන් වී තිබු අතර මේ පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මෙම සටහනේ අන්තර්ගතව තිබූ ඡායාරූපය අප Google Reverse Image සෙවීමකට භාජනය කළෙමු. එහිදී මෙම ඡායාරූපයේ සිටින බවට පැවසෙන සත්ත්වයාට සමාන සමාජ මාධ්‍ය ජාලා සටහන් රාශියක් අන්තර්ජාලයේ දක්නට ලැබුණි.  එසේම මෙම සත්වයා විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වල දක්නට ලැබෙන facehugger නමැති මනඃකල්පිත ජීවියෙකු බවට ද යෝජනා වී තිබු නිසා අප එම facehugger පිලිබඳව ගූගල් සෙවීමක් කළෙමු. මෙම සත්වයා ලෙස නිර්මානය කර තිබු ඡායාරූප රැසක් දක්නට ලැබුණි

මෙම සත්වයා අඩංගු දර්ශන රාමුවක් පහතින්

https://youtu.be/Uf1NX7e8Gao?t=63

Alien vs. Predator චිත්‍රපටයේ මෙම Facehugger නමැති මනඃකල්පිත සත්වයා අඩංගු දර්ශන පෙළක් මෙතනින්

එසේම මෙම Facehugger නමැති සත්ත්වයාගේ අනුරූ විශාල ප්‍රමාණයක් විකිණීමට තිබු බවද අපට මෙසේ දක්ගනන්ට හැකිවුනා. Link 1 | Link 2

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන

තවදුරටත් කරුණු තහවුරු රැක ගැනීම පිණිස අප ප්‍රවීණ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී පඟර නැට්ටා නමැති සත්වයකු ඇත්ත වශයෙන්ම සිටී දැයි විමසුවෙමු.  පඟරනැට්ටා යනුවෙන් සත්වයෙකු නොමැති බවත්, කිසිම වැදගත් කමක් නොමැති පුද්ගලයකු හඳුන්වාදීම පිණිස සිංහල භාෂාවේ ව්‍යවහාර වන වචනයක් බවත් සඳහන් කළ ඔහු, මින් වසර දෙකකට පෙර ද කඳින් වෙන් කළ මුගටියකු ගේ හිස සහ වලිගය කොටස එකිනෙකට යා කර ලබා ගත් සේයාරුවක් පඟරනැට්ටකුගේ සේයාරුවක් ලෙස හඳුන්වා දෙමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල ලෙස ව්‍යාජ සටහන් පෙළක් සර්සරණය වු බව සඳහන් කළේය. එසේ හුවමාරු වූ සටහන් අලලා පළව තිබු පුවත් වාර්තාවක් පහතින්.

Hiru | BBC Sinhala

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පඟරනැට්ටා නමින් සත්ත්වයකු නොමැති බවත්, සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වන සටහනේ අන්තර්ගත කර ඇති සේයාරුවේ දැක්වෙන්නේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල දක්නට ලැබෙන මනඃකල්පිත සත්වයකු වන Facehugger නමින් හැඳින්වෙන සත්තවයකු ලෙස නිර්මාණය කර තිබු අනුරුවක් බවයි. 2017 වසරේදීද ලංකාවේ සමාජ මාධ්‍ය ජාලවල "පඟර නැට්ටා" යයි පවසමින් සාවද්‍ය සටහන් පෙළක් හුවමාරු විය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පඟර නැට්ටා යනුවෙන් සත්වයෙක් නොමැත!

Fact Check By: Factcrescendo Team

Result: False

Tags:    

Similar News