අනුර කුමාර දිසානායක අලලා සැකසුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්

Update: 2020-07-17 13:56 GMT

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂකයෙකු ලෙස තරග වදියි. ඔහු අලලා සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබු සටහන් පෙළක් අපට පසුගිය දින කිහිපයේදී

ආයුබෝවන් ලක් මවුනි ගරු නමැති ෆේස්බුක් පිටුවක් “ණය අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ණය අරන්ම තමයි. අනුර කුමාර.” තේමාවෙන් “ණය අර්බුදය විසඳන්න සැබෑ අවශ්‍යතාවයක් තියනව නම්, ණය සේවාකරණ සැලසුම, රජයේ ආදායම් වැඩි කරන ක්‍රමය, අයවැය හිඟය අඩු කරන හැටි සහ ඉලක්ක මොනවාද, රජයේ ණය බර ප්‍රතිශතය කොපමණ විය යුතුද වගේ දේවල් තමයි කතා කරන්න ඕනෙ. අනුර කුමාර මේ කියන්නෙ සුරංගනා කතාවක් මිසක් මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේවා හුදෙක් ඇස්බැන්දුම් විතරයි මේවාට රැවටෙන්න එපා.” යන කථාංගයද ඇතුලත් කර දෙරණ රූපවාහිණි නාලිකාවේ සජීව වැඩ සටහනක කෙටි වීඩියෝ පටයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් 500 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වු මෙම සටහනට හිමිවු ප්‍රතිචාර රැසකින් යොජනා වී තිබුණේ මෙය ප්‍රධාන සාකච්ඡාව සංස්කරනය කර ඉදිරිපත් කර ඇති බවය. ඉහත සටහන සමඟ ඉදිරිපත් කර තිබු වීඩියෝව පහතින්

Full View

FB LinkArchived Link

මෙම සටහන තවත් ෆේස්බුක් පරිශීලකයින් රැසක් මෙසේ හුවමාරු කරගෙන තිබෙනුද දැකගනන්ට ලැබුනා

එසේම “මුරලි කියන්නේ එක පන්දුවක් වූ නිත්‍යානුකූලව දැමූ ක්‍රීඩකයෙක් නොවෙයි එවැනි ව්‍යාජ ක්‍රීඩා වීරයන් හොරුන්ට කඩේ යෑම පුදුම වීමට කාරණයක් නෙවෙයි” රෝපනය කර අනුර කුමාර දිසානායක මහතා හිරු රූපවාහිණි නාලිකාවේ වැඩ සටහනක සිටින සේයාරුවක් සහිත සටහනක් Dimuthu Harshana නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබිණි. මෙම සටහනට හිමිවු ප්‍රතිචාර කිහිපයක්ම සඳහන් කර තිබුණේ එම වැඩ සටහනේදි අනුර කුමාර දිසානායක මහතා එවැනි ප්‍රකාශයක් නොකළ බවය.

“දැන් තියෙන තාක්ෂණය ඒ කාලයේ තිබුන නම් මුරලිට ජීවිත කාල‍ෙම උනත් තරඟ තහනමක් වෙන්න තිබුනා. නමුත් එදා ඔහු ඔස්ට්‍රේලියාවට අල්ලස් දී එයින් ද බේරුණා. කල්පනා කරලා බලන්න එහෙම පුද්ගලයින් තමයි අද ගෝඨාභයගේ දෑත් ශක්තිමත් කරන්ඩ එකතුවෙලා ඉන්නේ පොහොට්ටුව සමග” රෝපනය කර අනුර කුමාර දිසානායක මහතා හිරු රූපවාහිණි නාලිකාවේ ඉහත සටහනේම සිටින සේයාරුවක් සහිත සටහනක් JVP සමග රටේ ජනතාව නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු අතර එම සටහනට හිමිවු ප්‍රතිචාර කිහිපයක්ද මෙම සටහන ව්‍යාජ සටහනක් බව සඳහන් කර තිබීම නිසා මෙම සියළු සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

FB LinkArchived LinkFB LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

“ණය අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ණය අරන්ම තමයි. අනුර කුමාර.” තේමාවෙන් ආයුබෝවන් ලක් මවුනි ගරු නමැති ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබු කරුණු පැහැදිලි කර ගැනීම පිණිස අප අද දෙරණ රූපවාහිනී නාලිකාවේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. අද දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 සජීවි වැඩ සටහනකට ඩිල්කා සමන්මලි මහත්මිය සමඟ අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන එම වීඩියෝ පටය පැය එකයි මිනිත්තු 30 කට ආසන්න කාලයක දිවයන අතර එහි පැය1 විනාඩි 04 දි ඩිල්කා සමන්මලි මහත්මිය ට්‍රිලියන 14 ණය ගෙවන්නේ කෙසේද යන්න විචාරයි. රටක ණය අර්බූදයක් ඇතිවූ විට එය මහ බැංකුවේ හෝ භාණ්ඩාගාරයේ ප්‍රශ්ණයක් පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්ණයක් බවට කරුණු පහදා දන අනුර කුමාර දිසානායක මහතා ණය උගුලක් බවට පත්ව ඇත්තේ කෙසේද යන්න ප්‍රථම‍යෙන්ම අධ්‍යයනය කළයුතු බවත්, ණය අපරාධයක් නොවන බවත්, ණයක් ලබා ගන්නේ ප්‍රධාන කරුණු දෙකක් වන ප්‍රාග්ධන සහ තාක්ෂණ අවශ්‍යතා මත බවත් පැවසීය. එහෙත් අප රටේ ණය අපරාධයක් බවට පත්වුයේ ණයට සරිලන වත්කම් උදා නොවීමත්, ප්‍රතිඵලදායි වත්කම් වල ණය නොයෙදීම බව පැහැදිළි කළ හෙතෙම මෙම ණය අර්බුදයෙන් ගොඩවිය හැකි මග නැවත ණය ලබා ගැනීම බව පවසා සිටියා. එම ණය වානිජ වෙළඳ පළෙන් නොව සහන පොලියටණය ලබා ගත යුතු බවද සඳහන් කළේය. එසේම ණයට සරිලන වත්කම් නිර්මාණය කිරීම, ඉන්පසු එම වත්කමෙන් ණය ‍යොදෙවා කරන ආයෝජන තුලින් උපදවන ආදායමෙන් පැරණි ණය මෙන්ම අළුත් ණය ද ගෙවිය හැකි බව ඔවුන්ගේ ණය කළමනාකරණ සැලැස්ම යටතේ අන්තර්ගත බව ඔහු පැවසීය. මැජික් පොල්ලක් වැනි දෙයක් ගෙන ණය අතුරුදහන් කළ ‍හැකි නොහැකි බවත් නමුත් ක්‍රමවත් සැලැස්මක් තුලින් නිශ්චිත කාල සීමාවකදි, මනා කළමනාකරනයක් තුලින් ණය උගුලෙන් ගැලවිය හකි බවත් අවධාරනය කළේය.එයට අදාළ මුල් වීඩියෝව පහතින්

https://www.facebook.com/AdaDeranaLive/videos/739311933471982/?t=3781

Link (පැය1 විනාඩි 04 සිට.)

එම සංසන්දනය පහතින්.

Full View

අනතුරුව අප ක්‍රිකට් ක්‍රීඩක මුරලිදරන් අළලා අනුර කුමාර දිසානායක මහතා කල ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කළෙමු. එහ සටහන් දෙකෙහිම ඡායාරූප පරීක්ෂා කිරිමේදි එය හිරු රූපවාහිනී නාලිකාවේ සජීවි වැඩ සටහනකින් උපුටා ගත් බව පෙනෙන්නට විය. Dimuthu Harshana සහ JVP සමග රටේ ජනතාව නමැති ෆේස්බුක් පිටුවල තිබු ඡායාරූප හිරු නාලිකාවේ සලකුණ වැඩ සටහනෙ රූප රාමුවක් සමඟ සංසන්දනය කිරීමේදි එය එකම ස්ථානයක ගත් ඡායාරූප බවට තහවුරු විය. එම මුල් වීඩියෝව පහතින්.

https://youtu.be/foWNdwU-EoM

2020 වසරේ ජූලි මස 13 වැනි දින හිරු නාලිකාවේ සලකුණ සංවාදාත්මක දේශපාලන අවධානයට ලක් කළෙමු. චමුදිත සමරවික්‍රම,චාපා බංඩාර සහ මදුශාන් ද සිල්වා යන මාධ්‍යවේදින් සමග ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක  මහතා කළ සංවාදය එහි විය. පැය 1 මිනිත්තු 50ක් පුරා දිවෙන එම සංවාදයේ කිසිදු ස්ථානයක හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳව සංවාදයක් ඇති නොවුනි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේඅනුර කමාර දසානායක මහතා, අද දෙරන 360 වැඩ සටහනේදි අඩු සහන පොලියට ණය රැගෙන, ප්‍රතිඵලදායි වත්කම් වල ණය යොදවා වත්කම් උත්පාදනය කොට, එයින් ලැබෙන ආදායමෙන් ණය උගුලෙන් ගැලවීමට හැකිබව ප්‍රකාශ කළද “ණය අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ණය අරන්ම තමයි. අනුර කුමාර.” යනුවෙන් ඔහුගේ දීර්ඝ පැහැදිලි කිරීමෙන් කොටසක් පමණක් යොදා ගනිමින් නොමඟ යවන සුළු කෝණයකින් වැරදි අර්ථකතනයක් ලබාදෙන වීඩියෝවක් පළකර ඇති බවයි.

එමෙන්ම අනුර කුමාර දිසානායක මහතා හිරු නාලිකාවේ සලකුණ සජීවි වැඩ සටහනේදි කිසිදු අවස්ථාවක හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳව සංවාදයක් ඇති නොවු බවද තහවුරු විය.එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳව “මුරලි කියන්නේ එක පන්දුවක් වූ නිත්‍යානුකූලව දැමූ ක්‍රීඩකයෙක් නොවෙයි එවැනි ව්‍යාජ ක්‍රීඩා වීරයන් හොරුන්ට කඩේ යෑම පුදුම වීමට කාරණයක් නෙවෙයි” සහ “දැන් තියෙන තාක්ෂණය ඒ කාලයේ තිබුන නම් මුරලිට ජීවිත කාල‍ෙම උනත් තරඟ තහනමක් වෙන්න තිබුනා. නමුත් එදා ඔහු ඔස්ට්‍රේලියාවට අල්ලස් දී එයින් ද බේරුණා.  කල්පනා කරලා බලන්න එහෙම පුද්ගලයින් තමයි අද ගෝඨාභයගේ දෑත් ශක්තිමත් කරන්ඩ එකතුවෙලා ඉන්නේ පොහොට්ටුව සමග” ලෙස ප්‍රකාශකළ බවට පළවන සියළුම ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු. 

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අනුර කුමාර දිසානායක අලලා සැකසුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News