නිපුණ රණවක මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශයක්

Update: 2020-08-18 10:26 GMT

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ වැදුණු නවක තරුණයකු වන නිපුන රණවක මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගෙන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මාතර තරුණ තරුණියන්ට විනෝදවීමට රාත්‍රී සමාජ ශාලාවක් නොමැති වීම විශාල අඩුවක්. මාගේ ප්‍රථම රාජකාරිය ලෙස රාත්‍රී සමාජ ශාලා තුනක් මාතර දෙවිනුවර හා දෙනියායේ ඇති කරනවා.යන වදන රෝපණය කර, නිපුන රණවකගේ බෙ සේයාරුවක් සහිත සටහනක් Ranjit Weerakoon නමැත්තකු විසින් උදා ඉරක්සේ රටටමයි සජිත් නම්වු ෆේස්බුක් සමුහයක ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණේය.

LinkArchived Link

ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වෙමින් තිබූ මෙම සටහනට හිමිවූ ප්‍රතිචාර රැසක් උපහාසාත්මක ප්‍රතිචාර නිසා, මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

Ranjit Weerakoon විසින් ඉදිරිපත් කර තිබූ සටහනේ කරුණු තහවුරු කර ගැනීම පිණිස අප නිපුණ රණවකගේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ වූ මාධ්‍ය අංශයේ ප්‍රධානියා, නිපුන රණවක නවක මන්ත්‍රීතුමා මෙවැනි ප්‍රකාශයක් නොකළ බවත්, මෙය සාවද්‍ය සටහනක් බව සඳහන් කළේය. අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස නිපුන රණවකගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අප නිපුන රණවකගේ ෆේස්බුක් පිටුව පරික්ෂා කළ විට, විශේෂ නිවේදනයක් ලෙස පහත ඇති සටහන දක්නට ලැබුණි.

LinkArchived Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට විනෝද වීම පිණිස රාත්‍රි සමාජ ශාලා තුනක් මාතර දෙවිනුවර සහ දෙනියායෙ විවෘත කරන බවට, නිපුන රණවක ප්‍රකාශ නොකළ බවයි

එබැවින් “මාතර තරුණ තරුණියන්ට විනෝදවීමට රාත්‍රී සමාජ ශාලාවක් නොමැති වීම විශාල අඩුවක්. මාගේ ප්‍රථම රාජකාරිය ලෙස රාත්‍රී සමාජ ශාලා තුනක් මාතර දෙවිනුවර හා දෙනියායේ ඇති කරනවා.” යනුවෙන් නිපුන රණවක ප්‍රකාශයක් කළ බවට ෆේස්බුක් මාධ්‍ය ජාලයේ ඉදිරිපත්ව ඇති සියලුම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නිපුණ රණවක මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශයක්

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News