FACT CHECK : කමල් ගුණරත්න මහතා රිෂාඩ් බදියුදීන්ගේ ගුණ ගැයූ බවට පළවූ නොමඟ යවන සුළු සටහන්

Update: 2020-10-19 10:42 GMT

ඔක්තෝබර් මස පළමුවැනිදා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ පැවැති රාජ්‍ය උත්සවයකට ආණ්ඩුකාරවරු මෙන්ම රාජ්‍ය නිලධාරින්ද රැසක් සහභාගි විය. මෙහිදි වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ආරධිතයන් සමග සුහදව සංවාදයේ යෙදෙන අයුරු දක්නට ලැබුණි. එමෙන්ම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිය කථාවේදි රිෂාඩ් බදියුදීන් මහතා පිළිබඳව සඳහන් කරනු ද නිරීක්ෂනය විය.

එම අවස්ථාවේදී වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සමඟ භේදයකින් තොරව වැඩ කළ බවත්, ඉදිරියටත් එසේ කිරීමට බලාපොරොත්තු වන බවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පැවසු බවට එම අවධියේ පළවූ සටහන් නොමග යවන ලෙස සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශන කොටස් පාදක කරමින් පලකරන ලද සටහන් බව අපට තහවුරු විය.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් :

වන්නි දිස්ත්‍රක් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරය ජනතා අයිතියට පැවරමේ උත්සවයේ ඡායාරූපයක රිෂාඩ් බදියුදීන් සමඟ අපට කිසිදු ජාතිවාදී ආගම්වාදී හෝ අන්තවාදී ගැටුමක් නැහැ. අපි ඉතා සමගියෙන් කාලයක් තිස්සේ එකට වැඩ කළා. ඉදිරියටත් එහෙම කරනවා වදන් රෝපණය කර දේශප්‍රේමයෙන් පිනා ගිය අවස්ථාවක්. තේමාවෙන් පීචං මහත්තයා නමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණි.

FacebookArchived Link

මෙම සිදුවීම පිළිබඳව විවිධ මාතෘකා යටතේ නොයෙකුත් සටහන් ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වී තිබෙනු දැක ගත හැකිවිය. මෙම සටහන් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රාශියක් අතර හුවමාරු වී තිබුණු අතර එලෙස ඉදිරිපත් වූ සටහන් කිහිපයක දිගු පහත දක්වා ඇත.

FacebookArchived Link
FacebookArchived Link
FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සියළු සටහන් සඳහා පාදකවී තිබුණේ සිරස රූපවාහිණි නාලිකාව 2020 ඔක්තෝබර මස 01 දින රාත්‍රි ප්‍රවෘත්ති විකාශයේ ඉදිරිපත් කර තිබු පුවතකි. වන්නි ප්‍රදේශය සහ වව්නියාව දිස්ත්‍රික්කය කියන්නේ මට අලුත් තැනක් නොවයි. එවකට මාව රජයෙන් පත් කළා අවතැන් වුවන් පිළිබඳව නිසි බලධාරියා හැටියට. මට මතකයි එතකොට නැවත පදිංචි කිරිමේ අමාත්‍යවරයා හැටියට සිටියේ අපේ වර්තමාන පාරිලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මැතිතුමා. ඉතිං අපි සියළු දෙනාම කිසිදු ජාති භේදයක් නැතුව, ආගම් භේදයක් නැතුව, කුල මල බේද කිසිම දෙයක් නැතුව අපි හැමෝම ශ්‍රී ලාංකික පුරවැසියො කියලා හිතලා, ඒ හැමදෙනාටම එකාවන්ව සලකලා අපි සෑහෙන ප්‍රගතියක් මේ දිස්ත්‍රික්කය තුළ ඇති කරලා තියනවා. යන ප්‍රකාශය ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසන අයුරු එහි පෙන්වා දී තිබුනේ මෙලෙසින්. (14වන මිනිත්තුවේ සිට)

https://youtu.be/z_hSbS9g-bA?t=871

එම වීඩියෝව භාවිතා කරමින් “ආරක්ෂක ලේකම් 'රිෂාඩ් බදියුදීන්ගේ' ගුණ වැයූ හැටි” යන තේමාවන් යටතේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය සටහන් රැසක් ද නිර්මාණය වී තිබුනා.

Link | Archived

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වන්නි දිස්ත්‍රක් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරය ජනතා අයිතියට පැවරමේ උත්සවයේදී කළ කථාව පිළිබඳව අප පරීක්ෂාවක් සිදුකළෙමු. එහිදී “බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කළ කතාවේ නියම ඇත්ත” යනුවෙන් ඇවන්ට්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා මෙලෙසින් අදහස් දක්වමින් පවසා තිබුනේ මෙසේ පුවත් විකෘති කරමින් පළකිරීම තමා හෙළා දකින බවත් සම්පුර්ණ වීඩියෝව බලා ඇත්ත තතු තේරුම් ගන්නා ලෙසත්ය

එම මුල් වීඩියෝව සමඟ සිරස පුවත් සේවයේ පළවූ පුවතේ කොටස සංසන්දනයක් කර තිබු වීඩියෝ රැසක් දැකගනන්ට ලැබුණි. එහිදී මුල් කතාවේ කොටස් ඉවත්කර නොමඟ යවන සුළු ආකාරයෙන් තැන් දෙකක් එකතු කිරීමෙන් වීඩියෝව සංස්කරණය කර ඇති බව අපට ද පෙනී ගියා.

අද ආණ්ඩුකාර තැන්පත් P.S.M. චාල්ස් මැතිණිය තමයි එදා අපේ දිසාපති තුමිය හැටියට මේ වන්නිය හිටියේ. මැණික් ෆාම් කඳවුරේ අවතැන් වෙලා හිටපු ඒ තුන් ලක්ෂයකට ආසන්න දුගී දුප්පත් ජනතාව නැවත ඒ අයගේ ඉඩම් වල පදිංචි කරවීම ඒ වගේම ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා, බිම්බෝම්බ ඉවත් කිරීම, ඒ අයට නිවාස සාදා දීම, ඒ වගේම ගොවිතැන්බත් කර ගැනීමට අවශ්‍ය වගා භූමි සකස් කර දීම, වැරදි මාර්ගයේ ගිය තරුණ තරුණියන් නැවත යහ මාර්ගයට ගෙන සාමාන්‍ය පුරවැසියන් ලෙස ජීවත් කරවීම සඳහා පුනරුත්ථාපනය කිරීම ඇතුළු වැඩ රාජකාරි රාශියක් මගේ උරහිස් මත පැටවිලා තිබුණා.. අවතැන් වූවන් පිළිබඳව නිසි බලධාරියා හැටියට. ඉතින් මට අද කියන්න සන්තෝෂයි අපිට භාරවෙලා තිබුණේ ඒ රාජකාරි සියල්ලම ඉතා සාර්ථක විදිහට අපේ හමුදා අංශත්, ඒ වගේම චාල්ස් මැතිනියගේ ප්‍රධානත්වයෙන් යුතුව ඒ රජයේ සියලුම නිලධාරිනුත් රජයේ සියලුම සේවකයනුත් ඉදිරිපත් වෙලා අපි විශාල කාර්යභාරයක් මේ වව්නියාව දිස්ත්‍රික්කයටත් ඒ වගේම පොදුවේ වන්නි ප්‍රදේශයටත් අප සිදුකළා. මට මතකයි නැවත පදිංචි කිරිමේ අමාත්‍යවරයා හැටියට සිටියේ අපේ වර්තමාන පාරිලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මැතිතුමා..ඉතිං අපි සියළු දෙනාම කිසිදු ජාති භේදයක් නැතුව, ආගම් භේදයක් නැතුව, කුල මල බේද කිසිම දෙයක් නැතුව අපි හැමෝම ශ්‍රී ලාංකික පුරවැසියො කියලා හිතලා, ඒ හැමදෙනාටම එකාවන්ව සලකලා අපි සෑහෙන ප්‍රගතියක් මේ දිස්ත්‍රික්කය තුළ ඇති කරලා තියනවා. අපි අපේ තරුණ කාලය සම්පූර්ණයෙන්ම වැය කරලා මේ ප්‍රදේශ භයානක උවදුරුවලින් මුදවාගත්තේඅපේ රටේ ජනතාවට කිසිම ජාති භේදයක් ආගම් භේදයක් නැතුව එකාවන්ව ජීවත්වීමට හැකි පරිසරයක් ලබා දීමටයි. අපි ඒ පරිසරය උදා කරලා දුන්නා.” යනුවෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසා තිබෙනු අපට දැකගැනීමට හැකි විය.

එම වීඩියෝව පහතින්

https://youtu.be/efRWpbr3LRw?t=79

මේ අනුව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඔහු සහ එවකට වව්නියාව දිස්ත්‍රික්කයේ දිසාපතිනියව සිටි උතුරු පළාත් ආණ්ඩුකාර P.S.M. චාලස් මැතිනිය හා එක්ව කළ සේවාව සඳහන් කරන කොටස ඉවත්කර ඇති බව එහිදී පැහැදිලි විය. මේ පිලිබඳ මෙවැනි සංසන්දනාත්මක වීඩියෝ රැසක්ම සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබෙනු ද අපට නිරීක්ෂණය විය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පුවත්පත සාකච්ඡාවකදී තමා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ගුණ වර්ණනාවක් නොකළ බවට ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි වාර්තා දක්නට ලැබුණි. දෙරණ රූපවාහිනි නාලිකාව සහ මව්බිම පුවත්පත් මේ පිළිබඳව ඉදිරිපත් කළ වාර්තා මෙන්ම හිරු පුවත් ඔස්සේ පළවූ වීඩියෝවක් පහතින්.

https://youtu.be/w4kDfwmcFMM

ඉහත සිදුවීමේ ඡායාරුපයක් පිලිබඳ ආරක්ෂක ලේකම්වරයා අළලා පළවූ සාවද්‍ය සටහනක් පිලිබඳ අප මීට පෙරද විමර්ෂණයක් සිදුකලේ මෙලෙසින්

මේ අතර පසුගිය ජනපතිවරණ සමයේ පුත්තලමේ සිට මන්නාරමට අවතැන් වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට එල්ල වූ චෝදනා යටතේ, දින කිහිපයක මෙහෙයුමකින් පසුව, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඔක්තෝබර් මස 19 වැනිදා අත්අඩංගුවට පත්වූ බව වාර්තා වුනේ මෙලෙසින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරය ජනතා අයිතියට පැවරීමේ උත්සවයේදී, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න අවතැන් වූ සිවිල් ජනතාව නැවත පදිංචි කරවීම සඳහා හමුදා සමඟ රජයේ සියලුම නිලධාරින් සිදුකළ සේවාව පිළිබඳව සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශයක කොටස් නොමඟ යවන සුළු ආකාරයෙන් සංස්කරණය කරමින් කමල් ගුණරත්න මහතා විශේෂයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ ගුණ ගැයූ බව පෙන්වීමට යොදාගෙන තිබු බවයි. ඇත්ත වශයෙන්ම එහිදී කමල් ගුණරත්න මහතා විශේෂ සඳහනක් කරන්නේ P.S.M. චාල්ස් මැතිණිය සම්බන්ධයෙන් වන අතර එවකට නැවත පදිංචි කිරිමේ අමාත්‍යවරයා හැටියට සිටියේ රිෂාඩ් බදියුදීන් මහතා බව සඳහන් කර තිබුනි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කමල් ගුණරත්න මහතා රිෂාඩ් බදියුදීන්ගේ ගුණ ගැයූ බවට පළවූ නොමඟ යවන සුළු සටහන්

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News