FACT CHECK : මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිනෙන නිසා MCC විරෝධී සිතුවමක් මකා දමන අවස්ථාවක් ද ?

Update: 2020-10-28 09:51 GMT

මයික් පොම්පියෝ මහතා නිල සංචාරයක් සඳහා ඔක්තෝබර් 27 (ඊයේ) ලංකාවට පැමිණි අතර ඔහු ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ධූරය දරන පුද්ගලයායි.ඔහු මෙරටට පැමිනීමට පෙර සිටම මේ සංචාරය පිලිබඳව දේශපාලනික වේදිකාවේ කතිකාවතක් ඇතිවී තිබුණි. නිරෝදායන කටයුතු වලට ලක් නොවී මෙරටට පැමිණෙන බවත් රටට අහිතකර ගිවිසුම් සඳහා මෙම පැමිණීම සිදුවන බවත් මෙම සංචාරයට විරුද්ධව අදහස් දක්වන්නන් පවසා තිබුනි.

මේ අතර MCC ගිවිසුමට විරෝධය දක්වමින් ඇඳි සිතුවමක් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරට පැමිනෙන නිසා ඉවත් කරන බව හඟවමින් ෆේස්බුක් වෙත එකතු කරන ලද වීඩියෝ පටයක් සහිත සටහන් විමර්ෂණය කිරීමේදී අපට තහවුරු වුයේ 2019 දෙසැම්බර් මස සිදුවූ සිදුවීමක් මෙසේ පළකර තිබු බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

මයික් පොම්පියෝ මහතාගේ පැමිණීමත් සමඟම ඇමරිකානු විරෝදය මතු කිරීමේ අරමුනින් ඇඳි සිතුවමක් ඉවත් කරන බව පෙන්වන ආකාරයේ වීඩියෝ පටයක් “රටට හෙටක්” නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් පළකර තිබුනේ "පොම්පියෝ එනවලු චිත්‍ර මැකෙනවලු" යන තේමාවෙන්. එම වීඩියෝව පහතින්.

FacebookArchived Link

වීඩියෝපටයට අනුව ඇමරිකානු විරෝදී සිතුවමක් පිරිසක් විසින් ඉවත් කරන ආකාරය පැහැදිලිව දැකගන්නට පුලුවන්.ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්වූ සමයේ රට පුරා තාප්ප බිත්ති මත චිත්‍ර ඇඳීමේ ‍ ‍රැල්ලක් තිබුණු අතර බොහෝ දෙනෙක් විවිධ මාතෘකා තේමා කරගනිමින් මෙසේ චිත්‍ර නිර්මාණය කර තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම චිත්‍රය ඉවත් කිරීම පිලිබඳව කරුනු සොයා බැලීමේදී මේ හා සම්බන්ද වීඩියෝ පටයක් යූටූබ් නාලිකාවෙන් සොයා ගැනීමට හැකියාව ලැබුනා.එම වීඩියෝ පටය නම් කර තිබුනේ “ඇමරිකානු MCC විරෝධී බිත්ති චිත්‍රය මකා දැමේ!” ලෙසින් 2019 දෙසැම්බර් මාසයේදීය. එම වීඩියෝව පහතින්

https://youtu.be/M-xXVrG38Bg?t=1

එහි නිශ්චල දර්ශන සහ මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිණීම නිමිත්තෙන් ඉවත් කරන බවට පලවන වීඩියෝ පටයේ දර්ශන එක හා සමාන බව ද පැහැදිලි විය.

මේ අනුව මීට මාස ගණනාවකට පෙර 2019 වසරේ වීඩියෝවක් මෙසේ මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිණීම නිමිත්තෙන් ඉවත් කරන බවට පලවන බව පෙනී යනවා

“ලස්සන දෙරණේ ගෑවෙන සුදු හුණු !!!” යනුවෙන් මෙම අවස්ථාවම ට්විටර් වෙත පළකර තිබු තවත් සටහනක් පහතින්

https://twitter.com/IsharaDanasekar/status/1207744095516602369

Tweet | Archived

අප මේ පිලිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලූ අතර එම චිත්‍රය පසුගිය වසරේ පිටකෝට්ටේ තලවතුගොඩ පාරේ බැද්දගාන කීල්ස් සුපිරි වෙළෙඳසැලේ තාප්පයක සිතුවම් කරන ලද්දකි.එවකට MCC ගිවිසුම වෙනුවෙන් රට පුරා දැඩි විරෝදයක් පැන නැඟී තිබූ අතර එවකට රට පුරා චිත්‍ර ඇඳීමේ ‍රැල්ලක් ඇති වූ අවස්ථාවේ කිසියම් පිරිසක් මෙම සිතුවම ඇඳ තිබුනා.

පසුව මෙම සිතුවම මකා දමන ලද පුවත එවකට ලංකාවේ ඇතැම් වෙබ් අඩවි විසින් වාර්තා කර තිබුනා.පහතින් දක්වෙන්නේ එම පුවත් වාර්තා කිහිපයක්.

Link 1
Link 2

Update : බැද්දගාන කීල්ස් සුපර් වෙළඳසැලේ තාප්පයේ MCC විරෝධී සිතුවම යනුවෙන් ඉහත පුවත බොහෝ දෙනා 2019 දෙසැම්බර් මස පළකර තිබුණ ද එම චිත්‍රයට මුල් වූ පුද්ගලයින් දෙදෙනා සමඟ සිදු කර ඇති සංවාදකදී ඔවුන් කියා සිටින්නේ කිසිදු රාජ්‍ය හෝ වෙනත් දේශපාලන අරමුණකින් මෙය සිතුවම් කිරීමක් හෝ ඉවත්කිරීමක් සිදුවී නොමැති බවයි. අකමැත්තෙන් වුවද, අවසානයේ බැද්දගාන කීල්ස් සුපර් ශාඛාවට ඇතිවූ යම් බලපෑමක් මත එහි සේවකයින් දෙදෙනෙකුගේ රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්වීම හේතුවෙන් එම චිත්‍රය ඉවත් කිරීමට සිදුවූ බව ඔවුන් පවසන වීඩියෝව පහතින්.

https://www.youtube.com/watch?v=Fk2gHKb3-S8

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බලන කල MCC ගිවිසුමට විරෝධය දක්වමින් ඇඳි සිතුවමක් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරට පැමිනෙන නිසා ඉවත් කරන බව හඟවමින් ෆේස්බුක් වෙත එකතු කරන ලද වීඩියෝ පටයක් සහිත සටහනේ ඇත්තේ 2019 පිටකෝට්ටේ තලවතුගොඩ පාරේ බැද්දගාන කීල්ස් සුපිරි වෙළෙඳසැලේ තාප්පයක ඇඳි චිත්‍රයක් බවයි. එය 2019 වසරේ දෙසැම්බර් මාසයේදී ඉවත් කරමින් සුදු හුණු ආලේප කළ අවස්ථාවේ ලබාගත් විදියෝවකි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිනෙන නිසා MCC විරෝධී සිතුවමක් මකා දමන අවස්ථාවක් ද ?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News