FACT CHECK: රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු බළය ගන්න පිරිත් පැන් වත් කල අවස්ථාවක් ද?

Update: 2020-11-04 07:09 GMT

කොරෝනා ව්‍යසනය මෙරටින් තුරන් වීමට සෙත් පතා පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග හා උදය ගම්මන්පිල යනාදී අමාත්‍යවරුන් විසින් පසුගියදා පිරිත් පැන් කල ගංගා වලට මුදා හළ කල සිද්ධියක්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශේෂයෙන්ම උපහාසාත්මක කෝණවලින් හුවමාරු වෙනු දැකගනන්ට ලැබුණි. වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ උපදෙස් මත එම කටයුත්ත සිදුවූ බවද ඇතැම් සටහන් වල දක්වා තිබුනා.

මේ අතර රටට සෙත් පතා එසේ අමාත්‍යවරුන් පිරිත් පැන් ගංගාවලට එකතු කළද පසුගිය කාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා පිරිත් පැන් වත් කිරීමේ සිද්ධියක් පිලිබඳ පළවූ සටහන් විමර්ෂණයෙදී අපට පෙනී ගියේ ඇත්ත වශයෙන්ම ඒවා නොමඟ යවන සුළු සටහන් බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

ඒත් පැන්...මේත් පැන්...එකක් රටටම සෙත්පතා...අනික තනතුරක් (අගමැතිකම, ජනපතිකම) පතා 😂😂😂” යන තේමාව යටතේ Ajith Siriwardana නැමැත්තෙක් විසින් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විජයදාස රාජපක්ෂ , හැරිසන් පෙරේරා, චාන්දනී බණ්ඩාර ඇතුළු පිරිසක් පොකුණකට පැන් වත් කරන බවක් පෙන්වන ඡායාරුපයක් පළකර තිබුනේ මෙලෙසින්

Facebook | Archived Link

ට්විටර් ඔස්සේ ද මෙවැනි සටහන් කිහිපයක් ද හුවමාරු වෙනු මෙසේ දැකගනන්ට ලැබුණි. එහි වදන් කර තිබුනේ “ එදා ආණ්ඩු බළය ගන්න පිරිත් පැන් ගඟට හලන්න හොඳයි අද මහා ව්‍යසනයක් අවස්ථාවෙීදී ජනතාවට සෙත්පතා පිරිත් පැන් ගඟට මුසුකරනකොට නරකයි.. මුං වගේ මෝඩ නායකයෝ..@sajithpremadasa @RW_UNP” යනුවෙන්

Tweet | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ඡායාරුපය Reverse Image සෙවුමකට යොමුකළ විට 2018 වසරේ අගෝස්තු මස 15 වැනි දින Daily Mirror වෙබ් අඩවියේ පළවූ සටහනක් දැකගනන්ට හැකිවිය. එම ඡායාරූපයේ විස්තරයේ දැක්වුණේ “අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුරාධපුරයේ මහා විහාර පරිශ්‍රයේදී අලුතින් සංරක්ෂණය කරන ලද ශෛලමය පොකුණට (අංක 17) ඊයේ (2018 ඔක්තෝබර් 14) දිනයේ පිරිත් වතුර වත් කළේය” යනුවෙනි

Daily Mirror | Archived

මේ පිළිබඳව පළවී ඇති සමාජ මාධ්‍ය සටහන් පරීක්ෂා කිරීමේදී “ජය ශ්‍රී මහා බෝධි ශෛලමය ප්‍රාකාරය. අංක 17 ශෛලමය පොකුණ විවෘත කිරීම සහ ලෝවා මහා ප්‍රාසාදය සංරක්ෂණය කිරීම සදහා මුල්ගල තැබීම ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුලු මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී” යන තේමාව යටතේ ඉහත ඡායරුපයද ඇතුළු ඡායාරුප එකතුවක් 2018 අගෝස්තු 14 වැනි දින මෙසේ පලවී තිබෙනු දැකගනන්ට ලැබුණා.

https://www.facebook.com/photo.php?fbid=693767394333572&set=a.693751157668529&type=3

Facebook | Archived

මෙම අවස්ථාව සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා කිහිපයක් පහතින්

News.lk | Dinamina.lk | DailyNews.lk

මහා විහාර සංරක්ෂණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2018 අගෝස්තු මස පළකරන ලද සටහනක් මෙතනින්

කෙසේවෙතත් පසුගිය 2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා එවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසියේම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමත් සමඟම අගමැති වරු දෙදෙනෙක් සිටි දින 52ක ව්‍යවස්ථාමය අර්බුද තත්වයකට රට ඇද වැටුණි. දෙසැම්බර් මස 16 වැනිදා නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දීමත් සමඟ එය අවසන් විය.

Silumina | Wikipedia | BBC

මේ අනුව පැහැදිලි වන්නේ ඉහත රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිරිත් පැන් වත් කිරීමේ සිද්ධිය ව්‍යවස්ථා අර්බුද සමයට (ඔක්තෝබර් 26 සිට දෙසැම්බර් 16) මාස දෙකකටත් ඉහතදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකල ක්‍රියාවක් ද බවයි

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුරාධපුරයේ මහා විහාර පරිශ්‍රයේදී අලුතින් සංරක්ෂණය කරන ලද ශෛලමය පොකුණට 2018 අගෝස්තු මස (ව්‍යවස්ථා අර්බුදයට මාස දෙකකට පෙර) පිරිත් පැන් වත් කල සිද්ධියක් ඔහු බලය ලබාගැනීමට සිදුකල ක්‍රියාවක් ලෙස නොමඟ යවන සුළු කෝණයකින් පළකර ඇති බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු බළය ගන්න පිරිත් පැන් වත් කල අවස්ථාවක් ද?

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News