FACT CHECK : තම පැටවුන් බේරා ගැනීම සඳහා ඉම්පාලා මුවෙකු සිය ජීවිතය බිලිදුන් අවස්ථාවක් ද?

Update: 2020-11-16 05:34 GMT

සත්ව ලෝකයේ පුදුමාකරයේ හැසිරීම් අලලා පලවන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් දැකගනන්ට පුළුවන්. චීටා රංචුවකට හසුවූ මුවෙකුගේ ඡායාරූපයක් පසුගිය දිනවල විශාල වශයෙන් හුවමරු වී තිබුණි. මුව අම්මා තම පැටවුන් බේරා ගැනීම සඳහා චීටා රංචුවට බිලිවූ බව පෙන්වාදෙමින් එම සටහන් හුවමාරු වී තිබුණි.

මේ පිලිබඳ ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වුයේ එම සටහන්, ඡායරුපයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් නොමඟ යවන සුළු කෝණයකින් පළවූ අසත්‍ය සටහන් බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

Dhammika Alahapperuma යන අයෙක් විසින් පළකර තිබු චීටන් සහ මුවෙකු සහිත ඡායාරුපයක පහත වදන් පෙළ සටහන් කර තිබුණි. “ඔබ දන්නවාද? මෙම ඡායාරූපයට දශකයේ හොදම ඡායාරූපයට හිමි සම්මානය හිමිවිය. ඉන්පසු ඡායාරූප ශිල්පියා මානසික අවපාතයකට ලක්විය.. චීටන් මුව අම්මෙක් හා උගෙ පරවුන් දෙදෙනා පසුපස ලුහුබදින්නට විය. අම්මට පලා යාමට කෙතරම් ඉඩකඩ තිබුනද, තම ජීවිතය චීටන් හට කැප කර චීටන්ගේ මුවින් කීතු වීමට පෙර තම පැටවුන් ආරක්ෂාකාරීව පලා යන දෙස බලා සිටි ඒ මොහොත”

FacebookArchived Link
FacebookArchived Link

මෙවැනි සටහන් රැසක්ම හුවමාරු වී තිබු අතර ලොව විවිධ ප්‍රදේශ වලද මෙම කතාංගය සහිතව එම සටහන හුවමාරු වනු අපට දැකගනන්ට ලැබුණි

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඡායාරූපයෙහි Reverse Image සෙවීමේදී මුලින්ම අනාවරණය වූයේ මුවන් දඩයම් කරන දිවියන්ගේ මුල් ඡායාරූපයේ හුමිකරු වන්නේ වනජීවී ඡායාරූප ශිල්පිනී ඇලිසන් බුටිගිග් නම් ෆින්ලන්ත කාන්තාවක් බවයි. මෙම ඡායාරූප මීට වසර කිහිපයකට පෙර ඉහත අර්ථකථනය සහිතව ලොව පුරා හුවමාරු වීම හේතුවෙන් එහි සත්‍ය තොරතුරු ඇලිසන් විසින් සිය ෆේස්බුක් ගිණුමේ 2017 වසරේ සටහනක් මෙසේ පළකර තිබුණි.

https://www.facebook.com/gepardi/posts/10212438608579521?__cft__[0]=AZXB4G9p7emGh6-OI7nA0qwRamr64KyowuPa07-jt45smbRtxy5Sl803erW73Lm6tY5w8Qz53AWEXh9hcR3lZM4PqI3ZB6bzZ2q7FdmccyOPH5a99DRFfeIvR0GSlfeLL6vPyOaiYA9OcuDitV1n38Wf&__tn__=%2CO%2CP-R

ඇලිසන් විස්තරයක් සිය වෙබ් අඩවියේ පළකර තිබුනා. එම ලිපියට අනුව මෙම ඡායාරූපය ඇලිසන් විසින් 2013 වසරේ කෙන්යාවේ මසායි මාරා හිදී කැමරාවට හසුකරගෙන තිබුනේ මෙලෙසින්. “The Stranglehold” යනුවෙන් නම කර තිබු එම ඡායාරුපය චීටා අම්මා කෙනෙක් තම පැටවුන්ට දඩයම් කරන ආකාරය උගන්වනමින් සිටි අවස්ථාවක් බව ඇය පවසා තිබුනා. එහිදී චීටා පැටවුන්, මුවා සමඟ සෙල්ලම් කරන ආකාරයක් දක්නට ලැබුණි. එබැවින් නරාෂා නමැති දිවි අම්මා, මුවාගේ බෙල්ලෙන් අල්ලා දඩයම් කරන අයුරු ඔවුන්ට පෙන්වා දෙමින් විනාඩි කිහිපයකදී මුවා මරණයට පත්කළ බව ද සඳහන්.

මෙම අවස්ථාවේ ලබාගත් ඡායරූප පෙලෙහිම සුවිශේෂත්වය නම් මරණ මොහොතේ දී පවා ගැලවී පලායාම වෙනුවට මුවා සෘජුව සිටිනා ආකාරයයි. බොහෝදුරට භීතියෙන් කම්පනය වීම නිසා මෙසේ මුවා නොසෙල්වී සිටින බවක් ඇලිසන් පවසා සිටියා. මෙම ඉම්පාලා මුවා ගැන අනුකම්පා කිරීමට තමාට අවශ්‍ය වූ අතර, ඒ සමඟම මෙම අසාමාන්‍ය දඩයමේ දර්ශන පෙන්නුම් කිරීමට තමා උත්සාහ කල බවත් එහි පවසා තිබුනා. එම අවස්ථාවේ ලබාගත් තවත් ඡායාරුප කිහිපයක් ද එහි පලවී තිබුනේ මෙලෙසින්.

Alison Buttigieg Web Archived

ඇලිසන් සහ ඇගේ ඡායාරුප සගයා විසින් පවත්වාගෙන යන යුටියුබ් චැනලයේ එම ඡායාරුපය ලබාගත් අවස්ථාව ඇතුළත් වීඩියෝවක් පලවී තිබෙනු අපට මෙසේ දැකගන්නට ලැබුනා

https://youtu.be/WaYlqFDe8vs

ඇලිසන් 2014 වසරේ මෙසේ විශාල වශයෙන් කතාබහට ලක්වූ ඡායාරූපයේ පිටුපස තොරතුරු යනුවෙන් සිදුකල පළකිරීමක සිය අත්දැකීම මෙසේ සටහන් කර තිබුණි. එම දඩයම නැරඹීම පහසු කටයුත්තක් වුයේ නැති බවද ඇය ගොදුරට ලක්වූ මුවාට අනුකම්පා කළද සොබාදහමේ ගමන් මග දැකීමට හැකිවීම පිළිබඳව ඇය පවසා තිබුණි. මෙම ඡායාරුප සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබුණු වෛරී ප්‍රතිචාර හමුවේ ඇලිසන් පළකර තිබු තවත් සටහනක් මෙලෙසින්

DNA නම් ඉන්දියානු වෙබ් අඩවිය විසින් 2017 වසරේ ඇලිසන් සමඟ සම්බන්ධ වී මේ පිළිබඳව විස්තර විමසා තිබු විට ඇය පවසා තිබුනේද මෙම අවස්ථාව මුවෙකු තම පැටවුන් බේරා ගැනීම සඳහා ජීවිතය බිලිදුන් අවස්ථාවක් නොවූ බවයි. මෙම ඡායාරූපය දැකීමෙන් පසු තමා මානසික අවපාතයකට ලක්වූයේ නැති බවද ඇය පැහැදිලි කර තිබුනා. එම වාර්තාව පහතින්

DNA | Archived

එසේම Siena International Photo Awards වෙත එම ඡායාරුපය 2016 වසරේ ඇලිසන් විසින් ඉදිරිපත් කර තිබු අතර එය අපට මෙසේ දැකගනන්ට ලැබුණි. එයට විශේෂිත කණ්ඩයක් යටතේ ජයග්‍රහණය ලැබූ බවද ඇලිසන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙසේ පළකර තිබුණි. එනමුත් සියවසේ හොඳම ඡායාරුපය ලෙස මෙම ඡායාරුපය තෝරාගත් බවක් සඳහන් වන්නේ නැහැ.

ඉන්දියාවේ මෙන්ම ලොව පුරා හුවමාරු වූ මෙම ඡායාරුපය සම්බන්ධයෙන් ලොව පුරා විමර්ෂණ කණ්ඩායම් සත්‍ය කරුණු අනාවරණ සිදුකර තිබෙනු අපට දැකගනන්ට ලැබුණා. එබඳු එක් ඉංග්‍රීසි බසින් පළවූ සටහනක් මෙලෙසින්. Medium

Also Read : දිවියෙක් සහ එල දෙනක් කුළුපගව සිටින ඡායාරූප පෙලක් ගැන වැරදි අර්ථකතනයක්

වෘක ධේනුව පිරිමි වෘකයාගේ ගෙල යට සැඟව සිටින්නේ ඔහුගේ උගුරු දණ්ඩ සතුරාගෙන් ආරක්ෂා කර ගැනීම පිණිසද?

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඇලිසන් බුටිගිග් නම් ෆින්ලන්ත වනජීවී ඡායාරූප ශිල්පිනිය විසින් 2013 වසරේ ලබාගත් ඡායරුපයකට වැරදි අර්ථකථනයක් ලබාදෙමින් ලොව වටා හුවමරු වූ සටහන් පෙළක සිංහල පරිවර්තනයක් බවයි.

මෙම අවස්ථාව තම පැටවුන් බේරා ගැනීම සඳහා ඉම්පාලා මුවෙකු සිය ජීවිතය බිලිදුන් අවස්ථාවක් නොව චීටා අම්මා කෙනෙක් තම පැටවුන්ට දඩයම් කරන ආකාරය උගන්වනමින් සිටි අවස්ථාවක්. එම ඡායාරූපය දැකීමෙන් පසු ඡායාරූප ශිල්පිනිය මානසික අවපාතයකට ලක්වී නැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:තම පැටවුන් බේරා ගැනීම සඳහා ඉම්පාලා මුවෙකු සිය ජීවිතය බිලිදුන් අවස්ථාවක් ද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News