උඩුගම්පොළ පලාත් මාර්ග සංවර්ධන අදිකාරි කාර්යාලයේදී කාන්තාවකට පහරදීම සිදුකර තිබුනේ ප්‍රසන්න රණතුංග ඇමතිගේ දේශපාලන මැරයෙක් ද?

Update: 2020-11-25 08:41 GMT

බස්නාහිර පලාත් මාර්ග සංවර්ධන අදිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ පුද්ගලයෙකු එහි සේවයේ නියුතු කාන්තාවකට පහරදෙන සිද්ධියක් ඊයේ (24) සවස් වරුවේ සිට සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු අපට දැකගන්නට ලැබුණා.

දේශපාලන හයියක් මත මෙවැනි සිදුකිරීමක් සිදුකළාද යන්න මෙසේ හුවමාරුවන වීඩියෝ සටහන් බොහොමයක් විමසා සිටි අතර ඇතැම් සටහන් වලින් පවසා තිබුණේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මැරයෙකු විසින් මෙම පහරදීම සිදුකළ බවයි

අප මේ පිළිබඳ අප සිදුකළ විමර්ශනයේදී පැහැදිලි වුනේ එම පහරදීම කාලයක් තිස්සේ පැවති පුද්ගල ආරවුලක් දුරදිග යාම මත සිදු වූ සිද්ධියක් විනා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ හෝ පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී පාක්ෂිකයෙකු විසින් සිදු කළ ක්‍රියාවක් නොවන බවයි

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් හුවමාරු වන වීඩියෝවට ඇතැම් පාර්ශවයන් විසින් අර්ථකථනයක් ලබා දී තිබුනේ පොදුජන පෙරමුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ දේශපාලන හයිය යොදාගනිමින් කාන්තාවකට පහරදෙන අයුරු යනුවෙන්

“දිනය - 2020/11/23

ස්ථානය -. බස්නාහිර පලාත් මාර්ග සංවර්ධන අදිකාරියේ උඩුගම්පොළ කාර්යාලය

ඉංජිනේරුවරයා කියන පොහොට්ටුවේ ඇමැති ප්‍රසන්න රණතුංගගේ දේශපාලන හයිය ගත්තු මැරයා අහිංසක සේවිකාවකට සලකන අයුරු ..

එක රටක් එක නීතියක් 😥😥😥

රාජ්‍ය සේවයට ඔහු ලබා දුන් ආත්ම විශ්වාසයි මේ....” යනුවෙන් සටහන් කරමින් පළවූ එම පැරදීමට අදාළ වීඩියෝව පහතින්

Full View

Udugampola Incident from FCSL on Vimeo.

FacebookArchived Link

තවත් කිහිප දෙනෙක් විසින් “ගැහැණුන්ට තඩිබාන Prasanna Ranatungaගේ උඩුගම්පොල ගෝලයෝ - මෙන්න වීඩියෝව” යන තේමාවෙන් එම පහරදීමේ සිදුවීම වාර්තා කර තිබුනේ මෙලෙසින් Link 1 | Link 2 | Link 3

ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ පත්වීමකින් පැමිණි ඉංජිනේරුවරයෙකු මෙම පහරදීම සිදුකර තිබු බව මෙවැනි සටහන් මඟින් ද පෙන්වා දී තිබුනා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් අප පාර්ශව කිහිපයකගෙන් විස්තර ලබාගැනීමට උත්සුක වුණා

ගම්පහ පොලිස් ස්තනාධිපතිතුමා:

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අප ගම්පහ පොලිස් ස්ථානාධිපතිතුමා ගෙන් විමසීමක් සිදු කළා. එහිදී එතුමා අපට පවසා සිටියේ අදාළ කාන්තාවගේ සහ මෙම පහරදීම සිදුකළ දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයාගේ කටඋත්තර ලබා ගත් අතර ඒ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ මෙය ඔවුන් දෙදෙනා අතර කාලාන්තරයක් තිස්සේ පැවැති ආරවුලක් දුරදිග යාම මත සිදු වූ සිදුවීමක් බවයි. එම කාන්තාව සිය දුරකථනය මඟින් කල්තියා සැලසුම් කර සිද්ධිය කැමරා කරන්නේ ද ආයතනයේ ඉහල නිලධාරීන් වෙත සිදුවීම යොමුකිරීමට බවත් අනාවරණය වූ බව අප සමඟ පවසා සිටියා.

කිසිඳු අයුරක දේශපාලනඥයෙක් මේ සම්බන්ධයෙන් විමසීමක් වත් සිදු නොකළ අතර ඉහත සිද්ධියට කිසිදු දේශපාලන සම්බන්ධතාවක් හෝ බලපෑමක් නොමැති බව පැහැදිලි කරමින් අපරාධමය පහර දීමේ චෝදනා මත මෙම සිද්ධිය විභාග වන බවත් අද දින උසාවියට යොමු කරන අතර එහිදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත් අපට පැහැදිලි කර සිටියා.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්: 

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් තුමාගෙන් ද අප මේ සම්බන්ධයෙන් විස්තර විමසා සිටියා. බස්නාහිර පළාත් උඩුගම්පල මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන කෑගල්ල ප්‍රදේශයේ සිට සේවයට වාර්තා කරන මෙම පහර දීමට මුල් වූ ඉංජිනේරුවරයා කිසිඳු අයුරකින් පොදුජන පෙරමුණ පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී වැඩකටයුතු වලට සම්බන්ධතාවයක් නොමැති බව ඔහු තහවුරු කර සිටියා

තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ ඉහත සිදුවීමට අදාළ පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ පක්ෂයට සම්බන්ධ ඉංජිනේරු සංගමයේ ද සාමාජිකයෙකු හෝ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති පුද්ගලයෙක් බවයි. ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ මීට පෙර අමාත්‍ය දුර දරු අවධියක හෝ මහ ඇමති වශයෙන් කටයුතු කළ අවස්ථාවක හෝ ඔහු හරහා ලැබුණු පත්වීමකින් පැමිණි පුද්ගලයෙකු නොවන බව ද තහවුරු කර සිටියා. 2010 වසරේ නොවැම්බර් මස ඔහු මෙම කර්යාලයට පත්වීම ලබාගෙන ඇති බවට අපට දැනගන්නට ලැබුනා

පහරදීම සිදුකළ පුද්ගලයාගේ පෞද්ගලික දේශපාලන මතය කුමක් හෝ විය හැකි වුවද ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව නැවත අවධාරණය කරමින් මාධ්‍ය ලේකම් තුමා පවසා සිටියේ මෙවැනි පහරදීම් තම පක්ෂය ද තරයේ හෙළාදකින බවයි. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ගේ ඉඩමට යාබද ඉඩමේ මෙම උඩුගම්පල මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය තිබීම හේතුකොටගෙන බොහෝදුරට ප්‍රතිවාදීන් විසින් ගෙනයන අසත්‍යක් ප්‍රචාරයක් බව ද පවසා සිටියා.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය:

ඉහත චෝදනා වලට පිළිතුරු වශයෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා නිකුත්කළ නිවේදනය පතතින්.

“පලාත්බද මාර්ග සන්වර්ධන අදිකාරියේ උඩුගම්පොල කාර්‍යාලයේ කලමණාකාර වරයා (ඉන්ජිනේරු වරයා)සේවිකාවක ට පහර දීමේ සිද්දිය මම මහත් පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.සිද්දිය දැනගත් වහාම බස්නහිර පලාත් ආන්ඩුකාරවරයාගේ අවධානය මේ සම්බන්දයෙන් යොමු කල අතර මේ පිලිබද වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියෙමි.

මා දියනියන් තිදෙනෙකුගේ පියෙකි.මා සියලු ආකාරයේ කාන්තා හින්සනයන්ට හැමවිට එරෙහිය.ඒ නිසාම මේ සිද්ධිය දැඩි ලෙස හෙලා දකින අතරම මෙම පුද්ගලයාගේ තරාතිරම නොබලා දඩුවම් දියයුතු බව අවදාරනය කරමි.ඒ වෙනුවෙන් අපේ ආන්ඩුව තුල පෙනී සිටිමි.

මෙම සිද්දිය ට ඇතැම් සමාජ මාධ්‍ය මගින් මා සම්භන්ධ බවටත් සිද්දියට අදාල නිලධාරීයා මගේ ගෝලයෙකු බවටත් මතයක් සමාජ ගත කරමින් සිටින බව පෙනේ.විපක්ෂ ට සම්බන්ද පුද්ගලයන් මෙය ප්‍රචාරය කරනු ලබන්නේ මා සහ ආන්ඩුව අපහසුතාවට පත් කිරීම සදහාය .එම චෝදනා මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමි.මගේ ගමේ මට කිසිදු සම්බන්දයක් නැති කාර්‍යාලය ක ඇති වු සිද්දියකට මා සම්බන්ධ බවට චොදනා කරන්නේ හිතාමතාම මාත් ආන්ඩුවත් අපහසුතාවයට පත් කිරීමට බවද අවධාරණය කරමි.මෙලෙස මඩ ගසන අය සම්බන්ධයෙන් ද පියවර ගන්නා බව අවධාරනය කරමි”

Archived

මාධ්‍ය වාර්තා

පහරදීම සිදුකළ සැකකාර ඉන්ජිනේරුවරයා මේ වනවිට වැඩ තහනමකට ලක්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද (25) පාර්ලිමේන්තුවේදී සඳහන් කල බවත් මෙම පුවත වාර්තා කර තිබු මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබුණි. මෙම කිසිඳු වර්තාවක් ද මෙම සිද්ධිය දේශපාලනික බලපෑමක් මත සිදුවූවක් ලෙස වාර්තා කර තිබුනේ නැහැ

Ada Derana | Newsfirst

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වූ වීඩියෝවේ දක්වා තිබු බස්නාහිර පලාත් මාර්ග සංවර්ධන අදිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා එම කාර්යාලයේම කාන්තාවකට පහරදීමේ සිදුවීම මත දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි.

පහරදීම සිදුකළ පුද්ගලයා සහ කාන්තාව අතර කාලයක් තිස්සේ තිබු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුවූ සිදුවීමක් බව ගම්පහ පොලිසිට මුලික විමර්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා. දැනට සේවය අත්හිටුවා ඇති, සිද්ධියට මුල්වූ ඉංජිනේරුවරයා, ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ සමීපතයෙකු හෝ පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවන බව පක්ෂය තහවුරු කර සිටියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:උඩුගම්පොළ පලාත් මාර්ග සංවර්ධන අදිකාරි කාර්යාලයේදී කාන්තාවකට පහරදීම සිදුකර තිබුනේ ප්‍රසන්න රණතුංග ඇමතිගේ දේශපාලන මැරයෙක් ද?

Fact Check By: Factcrescendo Team

Result: Misleading

Tags:    

Similar News