FACT CHECK: ගල්කිස්ස දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහන ඉංග්‍රීසි සහ චීන භාෂාවෙන් ?

Update: 2020-12-08 07:17 GMT

සුන්දර දිවයිනක් වන ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම සඳහා සංචාරකයෝ ලොව නන්දෙසින් දිවයිනට පැමිණෙති. සම්ප්‍රදායිකව බටහිර රටවල් වලින් විශාල සංචාරකයින් පිරිසක් පැමිණිය ද මෑත කාලයේ චීනය වැනි ආසියාතික රටවලින්ද සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පිලිබඳ වාර්තා පළවෙනවා. මෙසේ පැමිණෙන සංචාරක පිරිස් අතර බොහෝ පිරිස් කොළඹ අවට පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ගල්කිස්ස හෝටලය වෙත ද යොමුවෙනවා.

මේ අතර ගල්කිස්ස දුම්රිය ස්ථානයේ ඇති දුම්රිය කාලසටහනක් චීන සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් දක්වා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් පසුගිය දා හුවමාරු වුනා. අපගේ අනාවරණයෙන් පැහැදිලි වුනේ 2015 වසරේ ගල්කිස්ස දුම්රිය ස්ථානයේ ස්ථාපිත මෙම පුවරුව කෙළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන දුරගමන් දුම්රිය වේලාවන් පිලිබඳ තොරතුරු පෙර අපරදිග සංචාරකයින්ගේ දැනගැනීම පහසුවන පරිදි ගල්කිස්ස‍ හෝටලයේ සමාජ සත්කාර සේවයේ කොටසක් වශෙයන් ඉදිවුවක් බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

ගල්කිස්ස දුම්රිය ස්ථානයේ ඉංග්‍රීසි සහ චීන බසින් ඇති, කොළඹ දුම්රිය පිටත්වන වේලව දක්වන පුවරුවක සේයාරුවක් රැගත් සටහනක් “සිංහලත් නැති දෙමළත් නැති ගල්කිස්සේ දුම්රිය පලේ බෝඩ් එක” යන තේමාවෙන් බයිලන්තය නැමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණා.

FacebookArchived Link

මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබූ අතර නොයෙකුත් තේමාවලින් විවිධ ෆේස්බුක් පිටු අතර ඉදිරිපත් වී තිබෙනු ද දක්නට ලැබුණා.

FacebookArchived Link
FacebookArchived Link

Twitter සමාජ මාධ්‍ය හරහා ද මෙවැනි සටහන් හුවමාරු වී තිබුනේ ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් දුම්රිය කාල සටහන් පලවී නොමැති බව පෙන්වමින්

https://twitter.com/sunandadesh/status/1335660852192665606

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් වල අන්තර්ගත ඡායාරුපය ගල්කිස්ස දුම්රිය ස්ථානය පිලිබඳ මීට පෙර අවස්ථා කිහිපයකදීම පලවී තිබු ඡායරුපක් බව අපට පෙනී ගියා. Google Maps වෙත මෙසේ 2017 වසරේ එම ඡායාරුපය උඩුගත කර තිබු අයුරු අපට දැකගන්නට ලැබුණා.

Google Maps | Archived

කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර කරුණු ගල්කිස්ස දුම්රිය ස්ථානාධිපති වරයා, දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගල්කිස්ස හෝටලයෙන් විමසා සිටියා.

ගල්කිස්ස දුම්රිය ස්ථානාධිපති

පෙර අපරදිගින් පැමිණෙන සංචාරකයින් විශාල සංඛ්‍යාවක් දිවයිනේ නොයෙක් තැන්වල සංචාරය කිරීම සඳහා ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වන බව ගල්කිස්ස දුම්රිය ස්ථානාධිපතිතුමා අපට පවසා සිටියා. දුර ගමනාන්ත දක්වා පිටත් වන දුම්රිය පිළිබඳව මොවුන් නිතරම විමසන බව ද පැවසීය. පසුගිය කාල වකවානුවේ චීන ජාතික සංචාරකයන්ගේ සිඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණු අතර ඔවුනගේ ඉංග්‍රීසි භාෂා දැණුම ඉතා අල්ප බැවින් සන්නිවේදනය පිළිබඳව ප්‍රශ්ණයක් මතුවු බැවින්, කෙළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුර ගමන් දුම්රිය සේවා ආරම්භ කරන වේලාව දක්වන පුවරුවක් සවි කිරීමට ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් වන ගල්කිස්ස මහ හෝටලය 2015 වසරේ කටයුතු කළ බවත් පැවසීය.

එමෙන්ම ගල්කිස්ස දුම්රිය ස්ථානය හරහා දෛනිකව ධාවනය දුම්රිය කාලසටහන සිංහල භාෂාවෙන් ඇති බවත්, එම කාල සටහන දක්වන පුවරුවද ගල්කිස්ස හෝටලයේ ප්‍රජා සත්කාරක සේවයක් ලෙස දුම්රිය ස්ථානයට ලබාදී ඇති බව පැවසමින් එහි ඡායාරුපයක් ද අප වෙත යොමු කළා. එය පහතින්.

කෙසේවෙතත් ගල්කිස්ස දුම්රිය ස්ථානයේ තිබෙන මෙම දෛනික කාල සටහනේ දෙමළ භාෂාව සඳහන් වන්නේ නැති බව අපට පෙනී ගියා.

මෙම ඡායාරුපය ගලිකිස්ස දුම්රිය ස්ථානය පිලිබඳ TripAdvisor වෙබ් අඩවියේ පළවූ සටහනක ද අපට මෙසේ දැකක්ගන්නට ලැබුනා.

TripAdvisor | Archived

සමහර දැන්වීම් ප්‍රංශ, ජර්මන් භාෂාවන්ගෙන් පවා දක්වා ඇති බවද ගල්කිස්ස දුම්රිය ස්ථානාධිපති තුමා තවදුරටත් අවධාරනය කළේය. එවැනි සටහනක් පහතින්

එයට අමතරව ගල්කිස්ස හෝටලය විසින් දුම්රිය ස්ථානයේ අභිවෘද්ධිය තකා විශාල මෙහෙයක් කරන බවත්, කාන්තා විවේකාගාරය ප්‍රතිසංස්කරණය කිරීම, විෂබීජහරණය කිරිම එම සේවයේ කොටසක් බවත් සඳහන් කළේය. ගල්කිස්ස හෝටලය අනුග්‍රහය දක්වා ඇති ව්‍යාපෘති රාශියක ඡායාරූපද අප ‍වෙත යොමු කළ අතර පහත දක්වා ඇත්තේ ඉන් කිහිපයකි.

දුම්රිය දෙපාර්තමේන්තුව

සමාජ මාධ්‍ය ජාලය තුල සංසරණය ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගල්කිස්ස හෝටලයේ අනුග්‍රහ‍යෙන්, සංචාරකයන් ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සවිකර ඇති, සංචාරකයින්ගේ දැනුම පිණිස, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුර ගමන් සේවා දුම්රිය පිටත්වන වේලාවන් දක්වන පුවරුවක් විනා දුම්රිය කාලසටහනක් නොවන බව පැවසූ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියා, ගල්කිස්ස දුම්රිය ස්ථානය හරහා දෛනිකව ධාවනය වන දුම්රිය වේලාවන් දක්වන කාල සටහනක් සිංහලෙන් සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් තිබෙන බව ද පැවසීය.

ගල්කිස්ස හෝටලය

දිවයිනේ ප්‍රධාන සහ පැරණි සංචාරක හෝටලයක් වන ගල්කිස්ස හෝටලය, සංචාරක ප්‍රවර්ධනය සහ ගල්කිස්ස මුහුදු තීරය ඇතුළු ප්‍රදේශය අලංකරණය කිරීමට විශාල පරිශ්‍රමයක් මෙන්ම පිරිවැයක්ද දරන බව ගල්කිස්ස හෝටලයේ මහජන සම්බන්ධතා නිලධාරිනිය පවසා සිටියා. සංචාරකයින් විශාල පිරිසක් දිවයිනේ සිරි නැරඹීම සඳහා පිටත්වන ගල්කිස්ස දුම්රිය ස්ථානය නවීකරණය සහ අලංකාර කිරීමට ඔවුන් දායකත්වය දක්වන බවත්, පෙර අපරදිග සංචාරකයින්ගේ පහසුව තකා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන දුර ගමන් දුම්රිය ගමන් ආරම්භ කරන වේලාවන් ඉංග්‍රීසි සහ චීන භාෂාවෙන් දක්වන පුවරුවක් ඔවුන් විසින් ගල්කිස්ස දුම්රිය ස්ථානයේ, 2015 වසරේ සවි කළ බවත් සඳහන් කල ඇය, දුම්රිය ස්ථානය අලංකාරව පවත්වාගෙන යාමට ගල්කිස්ස හෝටලය නිරන්තරයෙන්ම අනුග්‍රහය දක්වන බවත්, කෝවිඩ්-19 ආසදනය ව්‍යාප්ත වීම ආරම්භ වූ දා පටන් දුම්රිය ස්ථානය විෂබීජහරණය කරනු ලබන්නේ ද ගල්කිස්ස හෝටලයේ අනුග්‍රහයෙන් බව දන්වා සිටියා. ගල්කිස්ස හෝටලය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් කරන සේවය අගය කරනු වෙනුවට මෙසේ හෙළාදැකීම පිළිබඳව ඔවුන් මහත් සේ කණස්සල්ලට පත්ව ඇති බව ඇය අවධාරනය කර සිටියා.

ලෝක සංචාරක දිනය වෙනුවෙන් ගල්කිස්ස දුම්රිය ස්ථානය අලංකරනය කිරීමේ සමාජ සත්කාර මෙහෙය පිළිබඳව 2015 වසරේ ඔක්තෝබර් මස 31 වනි දින Daily Financial Times පුවත්පතේ වාර්තාව මෙහි දැක්වේ. 2017 වසරේ ගල්කිස්ස හෝටලය විසින් ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිදුකරන ලද සමාජ සත්කාර පිලිබඳ පලකරන ලද ලිපියක් මෙලෙසින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ අනාවරණයෙන් පැහැදිලි වුනේ කෙළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන දුරගමන් දුම්රිය පිළිබඳ වේලාවන්, පෙර අපරදිග සංචාරකයින්ගේ දැන ගැනීම පහසු වන පරිදි, ගල්කිස්ස‍ හෝටලයේ සමාජ සත්කාර සේවයේ කොටසක් ලෙස 2015 වසරේ ගල්කිස්ස දුම්රිය ස්ථානයේ ස්ථාපිත කරන ලද පුවරුවක් බවයි. මෙය ගල්කිස්ස දුම්රිය ස්ථානය හරහා දෛනිකව ධාවනය වන දුම්රිය ගමන් වාර දක්වන කල සටහනක් නොවේ. ගල්කිස්ස දුම්රිය ස්ථානයේ දෛනික කාල සටහන සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් පළකර තිබෙන අතර එයද ගල්කිස්ස‍ හෝටලයේ සමාජ සත්කාරයක්.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ගල්කිස්ස දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහන ඉංග්‍රීසි සහ චීන භාෂාවෙන් ?

Fact Check By: Nelson Mani

Result: Misleading

Tags:    

Similar News