FACT CHECK: ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර ඇමතිවරුන්, කාන්තාවන් තිදෙනෙකුද සමඟ ඉදිරිපස අසුන්ගෙන, මහ සඟරුවනට පිටුපස අසුන් පැනවූවාද?

Update: 2020-12-26 08:52 GMT

දේශපාලනික වාසි තකා විවිධ පක්ෂ වල ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍යයන්හි විවිධ සටහන් වරින්වර ඉදිරිපත්වනු දැකිය හැකිය. මෑතකදී මෙසේ ඉදිරිපත්වු සටහන් කිහිපයක් අප සිදුකළ විමර්ශනවලදි, ඒවා සාවද්‍ය සටහන් බවට සනාථ විය. එම වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්

මහ සඟරුවන සහභාගිව සිටින උත්සවයකදි වත්මන් රජයේ ඇමතිවරුන් වන උදය ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ප්‍රභු පිරිසක් කාන්තාවන් පිරිසක් ද සමඟින් ඉදිරිපසින් අසුන්ගෙන, මහ සඟරුවනට පිටුපස අසුන් පනවමින්, සංඝ රත්නයට අපහාස කළ සේ සැකසුණු සේයාරුවක් සහිතව සමාජ මාධ්‍යයේ සැරිසරන සටහන නොමග යවන සුළු බවට අපගේ විමර්ශනයෙන් තහවුරු විය. 2016 වසරේදී ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ ඖරන්ගාබාද් (Aurangabad) නගරයේ පැවති උත්සවකදී එම ඡායාරුපය ලබාගෙන ඇති අතර උදය ගම්මන්පිල, ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතුන් ආරාධිත අමුත්තන් ලෙස එම සමුළුවට සහභාගි වී ඇත. ඉදිරිපස අසුන් සියලුම ආරාධිතයින් සඳහා වෙනකොට තිබු අතර සම්පුර්ණයෙන්ම සිදුකර ඇත්තේ සංවිධායක මණ්ඩලය මඟින්.

සමාජ මාධ්‍ය සටහන්:

කාන්තාවන් පිරිසක් සහ ඇමතිවරුන් වන උදය ගම්මන්පිල, ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ප්‍රභු පිරිසක් සඟරුවනට ඉදිරිපසින් අසුනගෙන සිටින ඡායාරූපයක “ගම්මන්පිල මහත්තයෝ වැරදියි කියල හිතුනෙම නැද්ද? ජන්දේ ගන්න විතරක් බුද්ධාගම ගන කථා කරන්න එපා! ඔයාලට ඉදිරි අසුන් ඕනෙමනම් සඟරුවනට වෙනම තැනක අසුන් පනවන්න තිබුණ නේද?” වදන් රෝපනය කර “ආගම වනසන සාටකය.” තේමාවෙන් Chamara Madduma Kaluge නමැති ෆේස්බුක් ගිණුමක් 2018 නොවැම්බර් මස ඉදිරිපත් කර තිබු සටහනක් පසුගිය දින කිහිපයේ නැවත වරක් විශාල වශයෙන් හුවමාරු වීම ආරම්භ වී තිබු බව අපට නිරීක්ෂණය විය.

FacebookArchived Link

මෙම සටහන විවිධ ෆේස්බුක් පිටු රැසක පසුගිය දින කිහිපයේ මෙසේ දක්නට ලැබුණි.

ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරුවී තිබුණු මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් සිදුකරන මෙන් අපගෙන් විමසීමක් කර තිබුණා. ප්‍රතිචාර සටහන් අතර මෙය සංස්කරණය කරන ලද ඡායාරුපයක් යනුවෙන් ද ඇතැම් අය සටහන් කර තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන පිළබඳව කරුණු තහවුරු කර ගැනීමට අප අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වුයෙමු. මෙම උත්සවය 2016 වසරේ ඉන්දියාවේ පැවති සමුළුවක් බවත්, උදය ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන් එයට සහභාගිවුයේ ආරාධිත අමුත්තන් වශයෙන් බව අප හා එක්වු මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි අරවින්ද සිල්වා පැවසීය. විදේශයකදී පැවැත්වු උත්සවයකදී අසුන් පනවා තිබු ආකාරය පිළිබඳව ඇමතිවරුන්ගේ කැමත්ත හෝ වගකීම නොවන බවත්, මෙම උත්සවය පිළබඳ ඡායාරූප උදය ගම්මන්පිල ඇමතිතුමාගේ නිල ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.

උදය ගම්මන්පිල ඇමතිතුමාගේ නිල ෆේස්බුක් පිටුවේ 2016 ඔක්තෝබර් මස 14 වැනි දින “මහාරාෂ්ට්‍ර බෞද්ධ සමුළුව” තේමාවෙන් ඡායාරූප 22ක් සහිතව ඉදිරිපත් කර තිබු සටහන නිරීක්ෂණය විය.

FacebookArchived Link

මෙම සටහන පරීක්ෂා කිරීමේදි මෙම උත්සවය 2016 වසරේ ඔක්තෝබර් මස ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ ඖරන්ගාබාද් (Aurangabad) නගරයේ පැවත්වු International Buddhist Festival for Social & Cultural Relationship (සමාජ හා සංස්කෘතික සම්බන්ධතා මුල්කරගත් ජාත්‍යන්තර බෞද්ධ උත්සවය) නමැති වාර්ෂිකව පවත්වන්නට යෙදුණු උත්සවයේ පළමු අදියර බව අනාවරණය වුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ජායාරූපය සහ උදය ගම්මන්පිල ඇමතිතුමාගේ නිල ෆේස්බුක් පිටුවේ 2016 වසරේ පළවූ ඉහත ඡායරූප එකතුවේ එක් ඡායාරූපක් සංසන්දනය කිරිමේදී එය එකම අවස්ථාවක් බවට තහවුරු විය. එම සංසන්දනය පහතින්

එසේම මෙම ඉදිරිපෙළ අසුන්ගෙන සිටින පිරිස, ආරාධිත පිරිස් බව එම උත්සවයට අදාල ආරධිතයින්ගේ නම් ඇතුළත් ප්‍රවර්දන පත්‍රිකා පරීක්ෂා කිරීමේ දී ද තහවුරු විය.

Facebook | Archived

එවකට විපක්ෂයේ සිටි උදය ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතුන් එහි ආරාධිත අමුත්තන් බව (Guest of Honor) ඡයාරූප පසුබිම් වල ද පැහැදිලිව දක්නට ලැබුණි.

Facebook | Archived Facebook | Archived

2016 ඉන්දියාවේ ඖරන්ගාබාද් හි පැවති උත්සවයේ සංවිධායක :

අප මෙම උත්සවයේ ප්‍රධාන සංවිධායක පුජ්‍ය භික්කු ධම්මජෝති ස්වාමින්ද්‍රයන් (ඉහත ඡායරුපයේ මයික් එක අතැතිව සිටින) අපගේ ඉන්දියානු කණ්ඩායම හරහා සම්බන්ධ කරගනිමින්, මෙම ඡායාරුපය යොමු කර 2016 වසරේ පැවති උත්සවය පිළිබඳව විමසා සිටියෙමු.

එම උත්සවයේ අසුන් පනවා තිබු‍‍ අන්දම සංවිධායකයන්ගේ අභිමතය පරිදි බවත්, මේ පිළිබඳව ශ්‍රී ලාංකික ආරාධිතයන් කිසිදු බලපෑමක් නෙකළ බවත් උන්වහන්සේ පවසා සිටියා. එසේම මෙම උත්සවයට මහරාෂ්ඨ ප්‍රාන්ත රාජ්‍ය ප්‍රදානීන් ඇතුළු දෙස් විදෙස් සංඝයාවන්සේලා සහ කීර්තිමත් පුද්ගලයන් රැසක් ද පැමිණි බවත්, ඉදිරිපස ආසන වෙන්කළේ එම ආරාධිතයින් සඳහා බවත් පවසා සිටියා.

ඉදිරිපස සිටින කාන්තාවන් තිදෙනාගෙන් වම්පස සිට මුලින් සිටින්නේ නිලියන් දෙදෙනකු බවත්, තෙවැන්නා එවකට මුම්බායි නුවර සිටි ලංකා කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය බවත්, අනතුරුව සිටින්නේ එවකට මුම්බායි නගරයේ කොරියානු කොන්සල් ජනරාල් කිම් සොන්ග් අවුන් බවත් සඳහන් කර සිටියා.

පහත ඇත්තේ International Buddhist Festival නිල ෆේස්බුක් පිටුවේ, එය තහවුරු කරමින් 2016 වසරේ විශේෂ අවස්ථා යනුවෙන් පළකර තිබු ඡායාරූප සහිත සටහන් කිහිපයකි.

FB 1 | FB 2 | FB 3 | FB 4

එවකට මහාරාෂ්ට්‍රා මහ ඇමති, මධ්‍යම රජයේ අමාත්‍ය රාම්දාස් අතවාලේ ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් ඇතුළු අමුත්තන් කිහිපදෙනෙක් මෙම උත්සවයට සහභාගී වූ බවට පළවූ වාර්තා සටහනක් මෙතනින්.

එසේම 'ශ්‍රී සිද්ධාර්ථ ගෞතම' චිත්‍රපටයේ රංගනයේ යෙදුණු ගගන් මලික් සහ අන්ච්ල් සිං යන ප්‍රධාන නළුවා සහ නිළියද එම උළෙලට සහභාගී වූ අතර ඔවුන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහනේ දැකගන්නට පුළුවන්.

2016 වසරෙන් පසුවද වාර්ෂිකව මෙම උත්සවය පැවැත්වූ බවට වාර්තා පලවී තිබු අතර 2017 වසරේදී පැවැත්වූ උළෙල සඳහා මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබු අන්දම අපට මෙසේ දැක ගණනට ලැබුණා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මහ සඟරුවන සහභාගිව සිටින උත්සවයකදි ඇමතිවරුන් වන උදය ගම්මන්පිල, ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ප්‍රභු පිරිසක් ඇතුළු කාන්තාවන් පිරිසක් ඉදිරිපස අසුන්ගෙන මහ සඟරුවනට පිටුපස අසුන් පනවා තිබු බව ඒත්තු ගැන්වීමට යොදාගෙන තිබුනේ ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ ඖරන්ගාබාද් (Aurangabad) නගරයේ 2016 වසරේ පැවති International Buddhist Festival for Social & Cultural Relationship නම් උළෙලක දී ලබාගත් ඡායාරුපයක් බවයි.

එම අසුන් පැනවීමට උදය ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්වරුගේ කිසිඳු සම්බන්ධයක් නොමති බවත් ප්‍රධාන ආරාධිත අමුත්තන් හට ඉදිරි පෙළ ආසන පනවා තිබු බවත් එම උත්සවයේ ප්‍රධාන සංවිධායක පුජ්‍ය භික්කු ධම්මජෝති ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට තහවුරු කර සිටියා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:FACT CHECK: ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර ඇමතිවරුන්, කාන්තාවන් තිදෙනෙකුද සමඟ ඉදිරිපස අසුන්ගෙන, මහ සඟරුවනට පිටුපස අසුන් පැනවූවාද?

Fact Check By: Nelson Mani

Result: Misleading

Tags:    

Similar News