FACT CHECK: බදුල්ල මහ රොහලේ ගැබිනි වාට්ටුවේ ඇඳන් නොමැතිව ගැබිනි මව්වරුන් දැඩි පිඩාවක?

Update: 2021-01-08 10:00 GMT

ලංකාවේ රොහල්වල තදබද තත්වයන් පිලිබඳ අතීතයේ විවිධ අවස්ථාවලදී පුවත් වාර්තා වී තිබෙනු දක්නට ලැබේ.

බදුල්ල ප්‍රාදේශීය මහ රෝහලේ ගැබිණි වාට්ටුවේ තදබදයක් ඇති බව අඟවමින් බිම නිදා සිටන කාන්තාවන්ගේ ඡායාරූපයක් සහිතව සමාජ මාධ්‍යයන්හි සැරිසරන්නේ 2019 බදුල්ල රෝහලේ දී ලබාගෙන තිබු ඡායාරුපයක්. ශල්‍යාගාරයක ඇතිවු තාක්ෂණික දෝෂයක් නිසා, එක්තරා දිනකදී ප්‍රසව සහ නාරි විද්‍යා වාට්ටුවේ තදබදයක් ඇතිවී රෝගින්ගෙන් පිරි ගොස් තිබුණද, තත්වය එක දිනයක් තුළදී සමනය කිරීමට සමත් වූ බව ද අපට දැනගන්නට ලැබුණි.

සමාජ මාධ්‍ය සටහන්:

“බදුල්ල මහ රොහලේ ගැබිනි වාට්ටුවේ ඇඳන් නොමැතිව ගැබිනි මව්වරුන් දැඩි පිඩාවක” යන තේමාවෙන් රොහල් වාට්ටුවක පැදුරු මත බිම නිදා සිටන කාන්තාවන් පිරිසක් සහිත සේයාරුවක් රැගත් සටහනක් Kiri Badulla නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්ව තිබු අතර ෆේස්බුක් පරිශීලනය කරනනන් රැසක් අතර හුවමාරු වී තිබුණා.

FacebookArchived Link
Facebook Archived Link

වෙනත් ෆේස්බුක් පිටු රැසක ද මෙම සටහන ඉදිරිපත්ව තිබෙන අයුරු දක්නට ලැබුණු අතර සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නම ද සඳහන් ව පලවී තිබු එම සටහන් වලින් අදහස් කර තිබුනේ එය මෑතකදී සිදුවූ සිදුවීමක් බව පෙන්වීමට ය.

මේ පිළිබඳව කිහිප දෙනෙකුම අපෙන් විමසා සිටි අතර මෙය පැරණි ඡායාරුපයක් බවට කිහිප දෙනෙකුම සටහන් තබා තිබීමත් හේතුවෙන් මේ පිලිබඳ විමර්ෂණයක් සිදු කිරීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

බදුල්ල පළාත් මහ රෝහලේ ගැබිනි වාට්ටුවක තදබදයක් පිළිබඳව පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තා ඇත්දැයි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සටහන් පරීක්ෂා කළද එවැනි කිසිදු වාර්තාවක් හමු නොවීය.

මේ පිලිබඳ Google Reverse Image සෙවුමක් සිදුකිරීමේ දී එම ඡායාරුපයක මීට පෙර අවස්ථා ගණනාවකදී ම යොදා ගෙන තිබු බවක් දැක ගන්නට ලැබුණි. 2020 වසරේ පෙබරවාරි මස “බදුල්ල ඉස්පිරිතාලෙ නාරී හා ප්‍රසව ඒකකයේ වාට්ටු” යනුවෙන් එසේ පළවූ සටහනක් මෙතනින්. මේ අනුව ඉහත සටහන මෑතක දී ලබාගත් එකක් නොවන බව පැහැදිලිය.

මෙම ෆේස්බුක් පිටු ඉදිරිපත් කර තිබූ සටහන් පිළිබඳ කරුණු තහවුරු කර ගැනීම පිණිස අප බදුල්ල පළාත් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය R.C.K. මාපා මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු.

2019 වසරේ තාක්ෂණික දෝෂයක් නිසා ශල්‍යගාරයක් වසා දැමීමට සිදුවීම නිසා ප්‍රසව සහ නාරි විද්‍යා වාට්ටුවේ (Gynecology & Obstetrics) තදබදයක් ඇතිවු බව ඔහු අප හා පැවසීය. එම තදබදය සීමාවුයේ පැය 24කට පමණක් බවත්, මෙම ඡායාරපය එම අවස්ථාවේදී ලබාගෙන ඇති ඡායරූප බවත්, ඇඳන් 30ක් සහිත එම වාට්ටුව, ඉන් අනතුරුව කිසිදු තදබදයකින් තොරව මේ දක්වා ම ක්‍රියාත්මක වන බව ද පැවසීය.

යම් යටි අරමුණක් ඉටු කර ගැනීමේ අටියෙන් මෙම ඡායරූපය සමාජ මාධ්‍ය ඔස්සේ කලින් කලට හුවමාරු වන බවද වෛද්‍ය මාපා වැඩිදුරටත් සඳහන් කළේය. වර්තමානයේ මේ ආකාරයේ විශාල සෙනඟක් බදුල්ල මහ රෝහල වෙත පැමිණෙන්නේ නැති බවත් පවසා සිටියා.

කරුණු පැහැදිලි කරමින් බදුල්ල රෝහල් අධ්‍යක්ෂක තුමා තවදුරත් පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ඌව පළාතේ සේවය මැනවින් ව්‍යාප්ත කර ඇති බවයි. වැලිමඩ, මහියංගණය, දියතලාව, බිබිල, මොණරාගල, සියඹළාණ්ඩුව, වැල්ලවාය යනාදී සියල්ලම මුලික රෝහල් වන අතර ඒවායේ විශේෂඥ වෛද්‍යවරුන් සිටින බැවින් බදුල්ල මහ රෝහල වෙතම පැමිණීමේ අවශ්‍යතාවක් නැති බැවින් මේ ආකාරයේ රෝගීන් කිසිවිටෙකත් වර්තමානයේ එක රස්වෙන්නේ නොමැති බව එතුමා පවසා සිටියා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මෑතකදී බදුල්ල පළාත් මහ රෝහලේ කිසිඳු තදබදයක් ඇතිවී නොමැති අතර 2019 වසරේ ශල්‍යාගාරයක ඇතිවු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රසව සහ නාරි විද්‍යා වාට්ටුවේ ඇතිවූ, එක් දිනකට පමණක් සීමා වූ, තදබද තත්වයක ඡායාරූපක් වර්තමාන තත්වයක් සේ හඟවන අයුරින් ඉදිරිපත් කර ඇති බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title: බදුල්ල මහ රොහලේ ගැබිනි වාට්ටුවේ ඇඳන් නොමැතිව ගැබිනි මව්වරුන් දැඩි පිඩාවක?

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News