FACT CHECK: හරීන් ප්‍රනාන්දු මහතාගේ බවට සඳහන් කරමින් ෆේස්බුක් තුල හුවමාරු වන ව්‍යාජ සාමන්‍ය පෙළ සහතිකයක්!

Update: 2021-03-02 14:00 GMT

ලංකාවේ දේශපාලනඥයින්ගෙන් අධ්‍යාපනික සුදුසුකම් හා සම්බන්ධ කතිකාවත් විටින් විට දක්නට ලැබෙන අතර පාර්ලිමේන්තු විවාද වල දී ද මේ පිළිබඳව කතා කෙරෙනු ඇතැම් විට දක්නට ලැබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතාගේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහතිකය සම්බන්ධයෙන් පළමු ව්‍යාජ සටහන් පිළිබඳ එම අවධියේ අප සිදුකළ විමර්ශනයක් මෙතනින්.

මේ ආකාරයටම වත්මන් විපක්ෂයේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වන චරිතයක් වන හරීන් ප්‍රනාන්දු මහතාගේ සාමාන්‍ය පෙළ සහතිකය යනුවෙන්ද පසුගිය දින හුවමාරු වී තිබුණේ ව්‍යාජ නිර්මාණයක් බව Factcrescendo අපගේ විමර්ශණයෙන් පැහැදිලි වුනා.

සමාජ මාධ්‍ය සටහන්:

“රට හදන්න යන මිනිස්සු සිංහලත් ෆේල්” ලෙස සඳහන් කරමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සාමාන්‍ය පෙල ප්‍රතිපල සහතිකය Mendis Malli - මෙන්ඩිස් මල්ලී නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් පල කර තිබුනේ මෙලෙසින්

FacebookArchived

1994 වසරේ සාමාන්‍ය පෙල සහතිකයක් එහි දක්වා තිබුනු අතර එහි සිංහල සහ ක‍තෝලික යන භාශාවන් අසමත් බවට දක්වා තිබුනා. මෙම සහතිකය විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර තිබුණා.

FacebookArchived
FacebookArchived
FacebookArchived

මෙම පුවතම තවත් ෆේස්බුක් පි‍ටු කිහිපයක් විසින් පල කර තිබුනේ පහත අයුරින්.

මෙම පුවත පිලිබඳව බොහෝ දෙනෙක් උනන්දුව දක්වා තිබුනු ආකාරය අපට දකින්නට ලැබුනු අතර මෙහි සත්‍යතාවය පිලිබඳව තවදුරටත් සොයා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

විභාග ප්‍රතිපල සටහනේ විශයන් දෙස බැලීමේදී SOCIAL STUDIES, HEALTH SCIENCE ලෙස සඳන්ව තිබිය යුතු විශය නාමයන් SOIAL STUDIES සහ HELTH SCIENCE ලෙස වැරදි අක්ෂර වින්‍යාසයක් පෙනෙන්නට තිබෙනවා. නිවැරදි ලෙස ඇති විභාග සහතිකයක කිසිඳු විටෙක භාශාව වැරදි ලෙස සටහන් වන්නේ නෑ.ඒ අනුව මෙම සටහන් බැලූ බැල්මටම ව්‍යාජ එකක් බව පෙනී යනවා.

අප මෙම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සටහන තවදුරටත් පරීක්ෂා කිරීමේදී එම සහතිකය 1995 වසරේ අප්‍රේල් මාසයේ දී නිකුත් කර තිබු බවත් ඒ සඳහා විභාග කොමසාරිස් වශයෙන් අනුර එදිරිසිංහ මහතා අත්සන් තබා තිබෙන ආකාරයක්.

වත්මන් විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සම්බන්ධ කර ගනිමින් ද අප මේ පිළිබද සිදුකල විමසීමේදී එතුමා තහවුරු කලේ මෙම සහතිකය නිකුත් කර තිබෙන බව පෙන්වන 1995 වසරේදී විභාග කොමසාරිස් දූරය දැරුවේ අනුර එදිරිසිංහ මහතා නොවන බවත් ඔහු ඊට වසර කිහිපයකට පසු එම තනතුරට පත්වූ බවත් ය.

එසේම විභාග දෙපාර්තමේන්තුවට පැමිණ විභාග අංකය ලබා දීමෙන් පසු නිල ප්‍රතිඵල සටහන් ලබා ගැනීමේ හැකියාව ඕනෑම අයෙකුට පවතින බවද පවසා සිටියා.

මේ පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමට හරීන් ප්‍රනාන්දු මහතාගේ ෆේස්බුක් පි‍ටුව පරීක්ෂා කර බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුනේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු සාමාන්‍ය පෙළ සහතිකය ව්‍යාජ සංස්කරණයක් බවට සඳහන් කරමින් හරීන් ප්‍රනාන්දු මහතා සටහනක් පල කර තිබු බවයි.

"ඇන්දවීමත්, ඇදගැනීමත්, ඇදගෙන නෑමත් සිය බඩ රස්සාව කරගත් මානසික අසහනකාරයෙක්ට ෆේල් පුද්ගලයෙක් මඩ කැම්පේන් එකක් භාර දී තිබේ. තාවකාලික ස්වයංවින්දයක් වෙනුවෙන් මේ අපෘෂ්ඨවංශික චීත්තය මගේ නමින් මෙවැනි බොරු සාමාන්‍ය පෙළ සහතිකයක් නිකුත් කර තිබේ.කලක සිට මානසික ව්‍යාධියකින් පෙලෙන චීත්තකාර සම-හරක් නොදැන හිටියාට සාමාන්‍යයෙන් උසස් පෙළ කරන්නට සිංහල,ගණිතය වැනි විෂයන් සමත් විය යුතුය. "

ලෙස සටහන් කරමින් නිවැරදි සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය බව පෙන්වන සහතිකයක් ද ඔහු විසින් එම සටහනට ඇතුල් කර තිබුනා. එම සටහන පහතින්

Full View

එම සටහනේ පරිදි හරීන් ප්‍රනාන්දු මහතාගේ නිවැරදි සාමාන්‍ය ප්‍රතිඵල සටහන පහතින්.

මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ඉහත සහතිකය නිකුත් කර තිබු ශාන්ත ජෝශප් විද්‍යාලයයේ විභාග වාර්තා භාරව කටයුතු කරන පියතුමා හා සම්බන්ධ වුනා. එහි දී එතුමාණන් අපට පවසා සිටියේ එවකට විභාග දෙපාර්තමේන්තුව ලැබුණු ප්‍රතිඵලය පදනම් කරගනිමින් ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් නිකුත් කරන ලද නිල ලේඛයනක් ඉහත පෙන්වා තිබෙන බවත්, අධ්‍යාපන අමාත්‍යංශය හරහා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිල සහතිකය ලබා ගැනීමට හරීන් ප්‍රනාන්දු මහතා ට දැනුම් දුන් බවත්ය.

මේ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ද විමසීමක් සිදු කළ අතර ඔහු අපට පවසා සිටියේ තමන්ගේ සාමාන්‍ය පෙළ සහතික අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන එය ඉදිරිපත් කිරීමටද ඉදිරියේදී කටයුතු කරන බවයි

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ශනය පැහැදිලි වන්නේ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ අපොස සාමාන්‍ය පෙළ සහතිකය බව හැඟවෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙන්නේ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සහතිකයක් බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:හරීන් ප්‍රනාන්දු මහතාගේ බවට සඳහන් කරමින් ෆේස්බුක් තුල හුවමාරු වන ව්‍යාජ සාමන්‍ය පෙළ සහතිකයක්!

Fact Check By: Sahan Perara

Result: False

Tags:    

Similar News